බයිබලය වරදක් නැති බව විශ්වාස කිරීමේ වැදගත්කම කුමක්ද?




ප්‍රශ්නය: බයිබලය වරදක් නැති බව විශ්වාස කිරීමේ වැදගත්කම කුමක්ද?

පිළිතුර:
අපි ජීවත්වන කාල වකවානුව තුළ වරදක් ඉදිරිපත් කළ විට උරහිස් අකුළා එසවීමට පුරුදුව ඇත. පිලාත් සේ “සත්‍යය කුමක්ද” යන්න අසනවා වෙනුවට නූතන මනුෂ්‍යයා පවසන ලෙසට “සත්‍යවූ කිසිවක් නැත” හෝ “සත්‍යය ඇත නමුත් අපට එය දැනගත නොහැක.” අප වැඬී ඇත්තේ කෙනෙකුගේ බොරු ඇසීමට ඇබ්බැහි වීමෙනි. එසේම බොහෝ මිනිසුන් බයිබලයේද වැරදි කල්පනාවෙන් ඇති බවට විශ්වාස කරීමට යොමුවී ඇත.

බයිබලයේ වරදක් නැති බවට ඇති මූලධර්මය ඉතාමත් වැදගත් එකකි. මක්නිසාද සත්‍යය වැදගත් නිසා. මෙම කාරණාව දෙවියන් වහන්සේගේ චරිතය පිළිබ්ඹු කරන අතර බයිබලයේ උගන්වන සියලු දේ අපට තේරුම් ගැනීමට උපකාරි වේ. බයිබලයේ වරදක් නැති බව විශ්වාස කිරීමේ වැදගත්කමට හේතු කීපයක් පහත සඳහන් වේ:

1. බයිබලයම තමා සම්පූර්ණ බව ප්‍රකාශ කරයි. “පොළොවේ” උදුනක සත්වරක් පවිත්‍ර කළ රිදීමෙන් ස්වාමින්ගේ වචනය පිරිසිදුය” (ගීතාවලිය 12:6). “ස්වාමින්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය” (ගීතාවලිය 19:7). “දෙවියන් වහන්සේගේ සියලු කීම් පවිත්‍රය” (හිතෝපදේශ 30:5). පවිත්‍රත්වය පිළිබඳව ප්‍රකාශිත මේ කියමන් නියත වූ ප්‍රකාශයන්ය. එහි සඳහන් කරන්නේ නැත දෙවියන් වහන්සේගේ වචනය “වැඩි වශයෙන් (බොහෝවිට)” පිරිසිදුය හෝ ලියවිල්ල සම්පූර්ණ භාවයට “කිට්ටුය” කියා. බයිබලය සම්පූර්ණවූ සම්පූර්ණත්වයක් ගැන තර්ක කරයි, “අර්ධ සම්පූර්ණත්වයක” ඉඩ නොතබයි.

2. බයිබලය සම්පූර්ණ දෙයක් ලෙස සිට ගනියි. ප්‍රධාන පුවත් පතක නිතරම වැරදි දේ වාර්ථා කරනවා නම් එය ඉතා ඉක්මනින් අප කීර්තියට පත් කෙරේ. කිසිම විටක එය වෙනසක් වෙන්නේ නැහැ, එහි “සියලු වැරදි වාර්ථා තුන්වෙනි පිටුවට සීමා වේ” පැවසුවාට. මක්නිසාද පුවත් පතක් කෙරෙහි මිනිසුන් විශ්වාසය තබන්නේ එහි පුරාවටම සත්‍ය අඩංගු නම් පමණි. එසේම බයිබලයේ භු විද්‍යාව පිළිබඳ වැරදි දේ කථා කරනවා නම් එහි දේව ධර්මය විශ්වාස කරනු ලබන්නේ ඇයි? එය විශ්වාසනීය සටහන් පොතක් හෝ එසේ නොවිය යුතුය.

3. බයිබලය එහි කතෘව පරාවර්තනය කරයි. සියලුම පොත්. බයිබලය ලියනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින්මය. එහිදී උන් වහන්සේ මිනිස් කතෘන්ව භාවිතා කළේය. එය “දේවානුභාවයෙන් යැයි පවසයි.” “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල” (2 තිමෝති 3:16). එසේම 2 පේත්‍රැස් 1:21 හා යෙරමියා 1:2 බලන්න.

අප විශ්වාස කරනවා විශ්වය මැවූ දෙවියන් වහන්සේට පොතක් ලිවීමේ හැකියාවද ඇති බව. සම්පූර්ණවූ දෙවියන් වහන්සේට සම්පූර්ණවූ පොතක් ලිවීමේ හැකියාවද ඇත. එමනිසා “බයිබලයේ වැරදි ඇද්ද යන්න” පමණක් කාරණාව නොවේ. “දෙවියන් වහන්සේට වරදක් කළ හැකිද”? යන්නද අඩංගුවේ. බයිබලයේ වැරදි අන්තර්ගත නම් දෙවියන් වහන්සේ සර්වඥාන විය නොහැකි අතර උන් වහන්සේ විසින් වැරදි කළ හැකි බවද ප්‍රකාශ වේ. බයිබලයේ වැරදි තොරුතුරු අන්තර්ගත නම් දෙවියන් වහන්සේ අසත්‍යයවූ කතෘ කෙනෙක් හා බොරු කාරයෙක් විය යුතුය. බයිබලයේ පරස්පර විරෝධි ප්‍රකාශ ඇති නම් දෙවියන් වහන්සේ වියවුල් සහගතය. වෙනත් වචන වලින් බයිබලයේ වැරදි නැති බව අසත්‍යය නම් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ නොවේ.

4. බයිබලය අපව විනිශ්චය කරයි, අනෙක් අතට ගැසීමක්ද නොවේ. “දෙවියන් වහන්සේගේ වචනය සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේය” (හෙබ්‍රෙව් 4:12). “හදවත” හා “වචනය” අතර ඇති සම්බන්ධතාවය කෙරෙහි අවධානය යොමු කරන්න. වචනය විමසයි හදවත විමසීමට ලක්වෙයි. මොන යම් හේතුවකට හෝ වචනයෙන් කොටසක් අඩු කිරීම වුවහොත් එහි ඉදිරියට යාම අඩාල කෙරේ. අපි විමසන අය බවටත් වචනය අපගේ අදහස් යටහත් වීමක විය යුතුයි. නමුත් දෙවියන් වහන්සේ අසනා දෙය නම් “අනේ මනුෂ්‍යය, දෙවියන් වහන්සේට විරුද්ධව උත්තර දෙන්නාවූ නුඹ කව්ද?” (රෝම 9:20).

5. බයිබලයේ පණිවිඩය සම්පූර්ණ දෙයක් හැටියට ගත යුතුය. එය මූල්‍යධර්මයන් බොහෝමයකින් යුත් ඉන් අපට කැමති එකක් තෝරා ගැනීමට නිදහස ඇත්තක්ද නොව. බොහෝ මිනිසුන් දෙවියන් වහන්සේ ඔවුනට ප්‍රේම කරනා බවට ඇති පද වලට අශා කරයි. නමුත් ඔවුන් දෙවියන් වහන්සේ පව්කාරයන් විනිශ්චය කරන බවට ඇති පද වලට අකමැතිය. නමුත් අපට බයිබලයේ අප කැමති දේ රැගෙන අකමැති දේ විසිකල නොහැක. නිරය පිළිබඳ බයිබලය වැරදි නම් උදාහරණයකට, එසේ නම් ස්වර්ගය සත්‍යයැයි පවසන්නේ කව්ද? හෝ වෙනත් දේවල් පිළිබඳවද? බයිබලය තුළ මැවිල්ල පිළිබඳව නිවැරදි තොරතුරු නැති නම් එහි සඳහන් ගැලවීම පිළිබඳ තොරතුරුද විශ්වාස කිරීමට නොහැක. යෝනා පිළිබඳ කථාව මිත්‍යා මතයක් නම් යේසුස් වහන්සේ පිළිබඳ කථාව එසේම විය යුතුයි. විරුද්ධත්වය තුළ, දෙවියන් වහන්සේ පවසා ඇති දේ උන් වහන්සේ පවසා ඇත. එසේම බයිබලය අපට දෙවියන් වහන්සේ පිළිබඳව සම්පූර්ණ පින්තාරුව දක්වයි. “ස්වාමිනි සදාකාලයටම ඔබගේ වචනය ස්වර්ගයේ පිහිටා තිබේ” (ගීතාවලිය 119-89).

6. අපට ඇදහිල්ලට හා ක්‍රියාවට ඇති එකම නීති පද්ධතිය බයිබලයයි. අපට ඒ මත යැපෙන්න නොහැකි නම් අපගේ විශ්වාසය අප කුමක් මත තබමුද? යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ විශ්වාසයයි. ඒ විශ්වාසය උන් වහන්සේගේ වචනය මතද තැබිය යුතු වේ. යොහන් 6:67-69 ඉතා අලංකාර කොටසකි. යේසුස් වහන්සේ තමන්ව අනුගමනය කළ වුන්ට තමන්ගේ පිටත්ව යෑම පිළිබඳව ප්‍රකාශ කළ අවස්ථාවය. ඊට පසු උන් වහන්සේ තම ගෝලයන් දෙසට හැරී “නුඹලාත් අහක්ව යන්ට කැමති දැයි” ඇසූ සේක. එවිට පේත්‍රැස් “ස්වාමිනි අපි කා ලඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබ වහන්සේ තුළ ඇත්තේය.” අපටද එම ඇදහිල්ල දෙවියන් වහන්සේ තුළ හා උන් වහන්සේගේ ජීවමාන වචනය තුළද තැබීමට හැකි වේවා

අපි ඉදිරිපත් කළ කිසිවක් අසන්‍යය නොවේ. බයිබලයේ වැරදි නැතැයි කීම තුළින් අදහස් වන්නේ එහි සඳහන් වන දේ අපගේ බුද්ධිය පාවිච්චි නොකර, එහි පවසන දේ අන්ධ ලෙස පිළිගැනීම නොවේ. අපට අණකර ඇත්තේ වචනය ඉගෙන ගැනීමටය (2 තිමෝති 2:15), එය නිරීක්‍ෂණය කරනා අයට ආඥා කර ඇත්තේ (ක්‍රියා 17:11). එසේම බයිබලයේ අමාරු කොටස්ද ඇති බව අප තේරුම් ගෙන ඇති අතර සමහර පරිවර්ථනයන් තුළද වෙනස් කම් ඇත. අපගේ ඉලක්කය ලියවිල්ල කරා ගෞරවනීයව හා යාච්ඤාවෙන් යුක්තව යොමු වීමයි. එවිට අපට නොතේරෙන යමක් හමුවූ විට උදක්ම යාච්ඤා කළ යුතු අතර වැඩියෙන් අධ්‍යනය කළ යුතුය. පිළිතුර තවමත් අපහැදිලි නම් අප යටහත්ව තේරුම් ගත යුතු දේ නම් සම්පූර්ණවූ දෙවියන් වහන්සේගේ වචනය තේරුම් ගැනීමට අප තුළ ඇති සීමාව තේරුම් ගැනීම.



නැවතත් සිංහල මුල් පිටුවට



බයිබලය වරදක් නැති බව විශ්වාස කිරීමේ වැදගත්කම කුමක්ද?