settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය අනුභාවයෙන් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


බයිබලය අනුභාවයෙන් යැයි මිනිසුන් කථා කරන කළ ඔවුන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ දිව්‍යමය ලෙස මනුෂ්‍යාට මග පෙන්වා ලියවිල්ල ලිවීමට, එමනිසා තමයි ඒ කතෘවරුන් ලියුවේ දෙවියන් වහන්සේගේ වචනයයි. පරිච්ඡේද වල සන්ධර්භය තුළ, අනුභාවය යන වචනයේ සරළ අර්ථය “දෙවියන් වහන්සේ-හුස්ම තැබීම.” අනුභාවය යනු බයිබලය සැබවින්ම දෙවියන් වහන්සේගෙන් හා බයිබලය අන් පොත් හා සමග සසඳන විට එය අද්විතීය බවට පෙන්වාදෙයි.

බොහෝ දැකීම් තිබෙන අතර බයිබලය කෙතරම් දුරට අනුභාවයෙන් යුක්ත දැයි බැලීමට කිසිම සැකයක් නැත. බයිබලයම පවසනවා එහි ඇති සෑම වචනයක්ම දෙවියන් වහන්සේගෙන් බව (1 කොරින්ති 2:12-13, 2 තිමෝති 3:16-17). මේ පද වලින් “පූර්ණ වාචිකය” අනුභාවය මෙයින් අදහස් කරන්නේ අනුභාව දීර්ග වෙනවා ලියවිල්ලේ සියලු කොටස් වලට / වචන වලට. අදහස් හා සංකල්ප මත නොව-ඒවගේම අනුභාවය දීර්ග වනවා ලියවිල්ලේ සියලු කොටස් වලට හා සියලු විෂයන් ලියවිල්ලෙහි අඩංගු දේවල් (පූර්ණ අනුභාවය). සමහර මනුෂ්‍යන් සිටිනවා බයිබලයේ සමහර කොටස් පමණක් අනුභාවයෙන් ලියූ බවට. එසේ නැති නම් අදහස් හා සංකල්ප ආගම සමග කටයුතු කළ අනුභාවයෙන් විය, නමුත් බයිබලයේ ප්‍රකාශ කරන දේ ඉදිරියේදී මේ අදහස පහත වැවේ. මුළු වාචිකය පූර්ණ අනුභාවයෙන් දේව වචනයේ මූලික චරිත ලක්‍ෂණයයි.

අනුභාවයේ ප්‍රමාණය 2 තිමෝති 3:16 හී පැහැදිලි ලෙස දැකිය හැක. “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” මේ පදය අපට පවසනවා දෙවියන් වහන්සේ අනුභාවයෙන් දුන් නිසා අපට වාසි දායකයි. ආගමික මූලධර්මයන් ගැන සඳහන් පරිච්ඡේද පමණක් නොව දේවානුභාවයෙන් දුන් වන්නේ. නමුත් උත්පත්ති සිට එළිදරව් දක්වා අනුභාවයෙන් වේ. මන්ද එය දේවානුභාවයෙන් වේ. එම නිසා ලියවිල්ල මුලු විශ්වාසය තැබිය හැක. එය මූලධර්මය ස්ථාපනය කිරීමේදී මනුෂ්‍යා දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයට පැමිණෙන්නේ කෙසේද? බයිබලය දෙවියන් වහන්සේගේ අනුභාවයෙන් පමණක් නොව අපව වෙනස් කර සෑදීමට අවකාශය ඇත “සම්පූර්ණයෙන්ම.” අපට තවත් අවශ්‍ය මොනවද?

අනුභාවය පිළිබඳ කථා කරන තවත් පදයක් නම් 2 පේත්‍රැස් 1:21. මේ පදයෙන් අපට උදව් කරනවා තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ මනුෂ්‍යාට ආවේනික පුද්ගලිකත්වයන් හා ලිවීමේ හැකියාවන් තිබුනත් උන් වහන්සේ ඔවුන් ලියූ සෑම වචනයක්ම පරික්‍ෂා කළා. දෙවියන් වහන්සේ උන් වහන්සේම වාචික පූර්ණත්වය පරික්‍ෂා කළා යන්න සනාථ කරයි. උන් වහන්සේ මෙසේ පවසන විට “ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමියි නොසිතල්ලා. සම්පූර්ණ කරන්ට මිස අවලංගු කරන්ට නාවෙමි. සැබෑවක් නුඹලාට කියමි, අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්ඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය” (මතෙව් 5:17-18). මේ පද වල යේසුස් වහන්සේ වෙර ගන්නේ ලියවිල්ලේ ඇති නිවැරදි බව ඉතා කුඩා කරුණේ සිට සියුම් අවසාන විරාම ලකුණ දක්වා පෙන්වීමට මන්ද එය දෙවියන් වහන්සේගේම වචනයයි.

ලියවිල්ල දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් වීම නිසා, අපට නිගමනය කළ හෑකි දෙය නම් එම ලියවිල්ල වඳ කළ නොහැකි විශ්වාසය තැබිය හැක්කක් බව. දෙවියන් වහන්සේ දෙස හරි දැක්ම දෙවියන් වහන්සේගේ වචනය දෙසට හරි දැක්මක් යොමු කරයි. මන්ද දෙවියන් වහන්සේ සර්ව බලධාරි, සර්ව ඥාන, හා සර්ව සම්පූර්ණයි, උන් වහන්සේගේ වචන එහි ස්වභාවයෙන්ම එම චරිත ලක්‍ෂණයම දරයි. උන් වහන්සේගේ ආනුභාවය ගොඩ නගන්නාවූ පදයම උන් වහන්සේගේ ලියවිල්ලේ, එයින් ලියවිල්ල නැසිය නොහැකි හා නිවැරදිව විශ්වාසය තැබිය හැකි බව පවසයි. සැකයකින් තොරව දෙවියන් වහන්සේගේ වචනය එය ප්‍රකාශකර සේ ප්‍රතික්ෂේප කළ නොහැකි, නිවැරදි දෙවියන් වහන්සේගේ වචනයයි මනුෂ්‍ය සංහතියට (මනුෂ්‍ය ප්‍රජාවට).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය අනුභාවයෙන් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries