settings icon
share icon
ප්‍රශ්නය

බයිබලානුකුල වෙන්වීම නම් කුමක්ද?

පිළිතුර


බයිබලානුකුල වෙන්වීම නම් දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන්ව ලෝකයෙන් පිටතට කැඳවා පුද්ගලික හා එක්සත් ශුද්ධත්වයකට කැඳවීම හඳුනා ගැනීමයි. බයිබලානුකුල වෙන්වීම දෙපැත්තකින් දැකිය හැක. පුද්ගලික හා විනයානුගත ලෙසට.

පුද්ගලික වෙන්වීම නම් එකිනෙකාගේ දේව භක්තිවන්තයෙකු ලෙස හැසිරීමට දරණ කැපවීමද අඩංගුය. දානියෙල් ආත්මික වෙන්වීම ක්‍රියාත්මක කළේ ඔහු “රජුගේ භෝජනයෙන්වත්, ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියම කරගෙන” (දානියෙල් 1:8). ඔහුගේ ඒ ක්‍රියාව බයිබලානුකුල එකක් වේ. මන්ද එය පදනම් වන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාවේ අඩංගු දෙවියන් වහන්සේගේ එළිදරව් මතය.

නූතන පුද්ගලික වෙනස්වීමට ආදාළ කර ගත හැකි දෙයකට උදාහරණයක් නම් මද්‍යසාර භාවිතා කරන / පිළිගන්වන උත්සවවලට සහභාගි නොවීම. එවැනි තීරණ ගත හැක්කේ පරීක්‍ෂාවන් උපායශීලිව මග හැරීමෙන්ය (රෝම 13:14), “සෑම නපුරු ක්‍රියා” (1 තෙසලෝනික 5:22), හෝ පුද්ගලික අවබෝධ කර ගැනීම ස්තීර කිරීමයී (රෝම 14:15).

බයිබලයේ අපට පැහැදිලිව පවසනවා දෙවියන් වහන්සේගේ දරුවා ලෝකයෙන් වෙන්ව සිටිය යුතු බවට. “නොඇදහිලි වන්තයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියෙල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? දේවතා රූප සමග සමග දෙවියන් වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාළිගාවය, එසේම දෙවියන් වහන්සේ කථා කොට: මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි, ඔව්හූද මාගේ සෙනගව සිටින්නෝයයි කීසේක. එබැවින් නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටපල්ලා” (2 කොරින්ති 6:14-17; හා 1 පේත්‍රැස් 1:14-16 ද බලන්න).

විනයානුකුල වෙන්වීම අදාළ වන්නේ සභාවක තීරණ ගැනීමේ සබධතාවය අනෙක් අනෙක් සංවිධාන ගැන, ප්‍රධාන ලෙස ඔවුන්ගේ දේවධර්ම හා ක්‍රියාකාරකම්. වෙන්වීම කියන වචනයේ අරුත “සභාව” යන වචනය තුළද අඩංගුවේ. එය පැමිණෙන්නේ ග්‍රීක් වචනය වන එක්ලීසියා යන්න තුලින් එහි අර්ථය නම් “පිටතට කැඳවූ රැස්වීම” පර්ගාමුම් සභාවට යේසුස් වහන්සේ යැවූ ලිපිය තුළ උන් වහන්සේ චෝදනා කරනවා වැරදි මූලධර්ම ගෙනෙන්නන්ට අනුබලදීම ගැන (එළිදරව් 2:14-15). සභාව වෙන්ව සම්බන්ධතා තිබිය යුතුය, අධර්මිකව කැඩීම. නූතන විනයානුගත වෙන්වීමට ඇති උදාහරණයක් නම් කිතුනු ලෝකයට අයත් විවාහ සම්බන්ධතා / ගිවිසුම් හේතුවෙන් සභාව හා ධර්මය හැර යන්නන් අතර එක්සත් කමක් ඇති කිරීමට එරෙහිච සිටින සංවිධාන සමග සම්බන්ධ නොවීම.

බයිබලානුකුල වෙන්වීම යන්නෙන් අදහස් කරන්නේ නොඇදහිලිවන්තයන් සමග සම්බන්ධතා නොපැවැත්වීම නොවේ. යේසුස් වහන්සේ මෙන් අපද පව්කාරයා සමග මිත්‍ර විය යුතුය පාපයට හවුල් නොවී (ලූක් 7:34). පාවුල්තුමා සමබර වෙන්වීම පිළිබඳව විස්තර කරයි “වේශ්‍යාකම් කරන්නන් සමග සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලිවිවෙමි, නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම් කරන්නන්වත් රූප වඳින්නන්වත් සමග කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය, එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය” (1 කොරින්ති 5:9-10). වෙනත් වචන වලින්; අප ලෝකයෙහි සිටියාට ලෝකයෙන් නොවේ.

අප ලෝකයේ ආලෝකය විය යුතුය ලෝකය විසින් අපගේ ආලෝකය පරාජය කිරීමට ඉඩ නොදී. “නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක සවර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 5:14:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලානුකුල වෙන්වීම නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries