settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවන් වෛද්‍යවරු ළඟට යා යුතුද?

පිළිතුර


සමහර කිතුනුවන් සිතනවා වෛද්‍යවරුන් මුණගැසීම ඇදහිල්ලේ මදිකම පිළිබ්ඹු කිරීමක් ලෙසට. ඇදහිල්ලේ-ගමන යන වචනය තුළ වෛද්‍යවරයෙකු බැලීම සැබවින්ම ඇදහිල්ලේ මදිකම ලෙසය. මන්ද එමගින් දෙවියන් වහන්සේට ඔබව සුව කිරීමට ඉඩ නොදේ. කිතුනු විද්‍යාව වැනි කණ්ඩායම්, වෛද්‍යවරුන්ගේ උපකාර පැතීම සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ සුව කිරීමට අපට දී ඇති ශක්තියේ උපකාරය ගැනීමට බාධාවකි. මෙම කෝන වල න්‍යාය තද බල අඩුවකි. ඔබේ වාහනය (කාර් එක) අලාභ (හානි) වෙලා තිබේ නම් ඔබ ඔබේ වාහනය කාර්මිකයා ගාවට ගෙන යනවද එසේත් නැති නම් දෙවියන් වහන්සේ හාස්කමක් කරන තෙක් බලා සිටිනවද? ඔබගේ ගෙදර වතුර පයිප්පේ කැඩුනොත් (පිපිරුවොත්) ඔබ දෙවියන් වහන්සේ ඒ කාන්දුව සවි කරන තෙක් බලා සිටිනවද? එසේ නැති නම් පයිප්ප කාර්මිකයෙකුව ගෙන එනවද? දෙවියන් වහන්සේට මේ වාහනය පයිප්පේ සෑදීමට පුළුවන් අපගේ ශරීරසුව කරනා සේ. අපගේ දෙවියන් වහන්සේට හාස්කම් කිරීමේ හැකියාව තිබේ. සුවය සිදුවීමට අප නිතරම හාස්කමක් බලාපොරොත්තු විය යුතු නැත. එයට උපකාර කිරීමට හැකියාව තව කෙ‍ෙනකුට තිබේ නම් (උදා: වෛද්‍යවරයා).

බයිබලයේ බොහෝ වර වෛද්‍යවරු ගැන කථා කරයි. වෛද්‍යවරයෙකු වෙතට නොයෑමට අදාල කරගත හැකි එකම පදය 2 ලේකම් 16:12 “ආසාගේ රජකම් කිරීමේ තිස්නව වෙනි අවුරුද්දේ දී ඔහුගේ පාද වල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමින් වහන්සේ නොව වෙදුන් සෙවිවේය.” ආසා වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මෙතන ප්‍රශ්නය නොව හේතුව නම් “ඔහු දෙවියන් වහන්සේගේ උදව් බලාපොරොත්තු නොවීම.” අප වෛද්‍යවරයෙකු මුණ ගැසෙන විටදී පවා, අපගේ අවසාන ඇදහිල්ල විය යුත්තේ දෙවියන් වහන්සේ මත වේ. වෛද්‍යවරයා මත නොවේ.

“වෛද්‍ය ප්‍රතිකාර” ලබා ගැනීම පිළිබඳව කථා කරන බොහෝ පද ඇත. වෙළුම් පටි එතීම වැනි (යෙසායා 1:16), තෙල් (යාකොබ් 5:14), තෙල් සහ මිදි යුෂ (ලූක් 10:34), කොල (එසකියෙල් 47:12), මිදි යුෂ (1 තිමෝති 5:23), හා වහල්ලු විශේෂයෙන් “ගිලියද් හි ගුගුල්” (යෙරමියා 8:22). එසේම, ලූක්, ක්‍රියා පොතේ හා ලූක් පොතේ කතෘව, පාවුල්තුමා හඳුන්වන්නේ “ප්‍රේමණීය වෛද්‍යවරයා (කොලොස්සි 4:14).

මාර්ක් 5:25-30 හී දීර්ඝ කාලින රුධිර වාහනයක් තිබුනාවූ ස්ත්‍රියක් පිළිබඳව කථා කරයි. එහි ප්‍රශ්නය නම් ඇය වෛද්‍යවරු බොහෝමයක් වෙතට ගියත් ඔවුනට ඇයට උපකාරයක් (සහනයක්) ගෙන දීමට අපහසු විය. ඇය ඒ වනවිට ඇයගේ හුඟාක් මුදල්ද වියදම්ව තිබුනා. යේසුස් වහන්සේ වෙතට පැමිණීම, ඇය විශ්වාසව සිතුවා යේසුස් වහන්සේගේ වස්ත්‍රයේ වාටියට අත ගැසුවත් ඇය සුවය ලබයි කියා, ඇය එසේ අත ගැසුවා, එමෙන්ම ඇය සුවය ලැබුවා. යේසුස් වහන්සේ පරිසිවරුන්ට උත්තර දෙමින් ඔවුන්ගේ ප්‍රශ්නය වන ඇයි උන් වහන්සේ පව්කරුවන් සමග මෙතරම් කාලය ගත කළේ යන්න? “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත” (මතෙව් 9:12). මේ පද වලින් පහත සඳහන් මූලධර්ම බේරා ගනී.

1) වෛද්‍යවරු දෙවියන් වහන්සේ නොවන අතර ඒ ආකාරයෙන් පෙන්වා නොදිය යුතුය. මන්ද ඔවුන්ට සමහර අවස්ථාවලදී උපකාර කළ හැක. එමෙන්ම සමහර අවස්ථාවලදී ඔවුන්ගේ අරමුණ මුදල් ඩැහැ ගැනීමද වේ.

2) වෛද්‍ය උපකාරය හා “භුමික” දේවල් ලියවිල්ලේ හෙලා නොදකි. වෛද්‍ය ප්‍රතිකාර වලට සහය දක්වයි.

3) ඕනෑම ශාරීරික අපහසුතාවයක්ටම දෙවියන් වහන්සේ මැදිහත් වෙනවා නම් එයට විසඳුමක් ඇත (යාකොබ් 4:2, 5:13). උන් වහන්සේ පවසා නැත අපට ඕන ලෙසට උන් වහන්සේ පිළිතුරු දෙනවා කියා (යෙසායා 55:8-9), නමුත් අපට සහතිකයක් තිබෙනවා උන් වහන්සේ කරන ඕනම දෙයක් ප්‍රේමයෙන් හා අපට හොඳ උනන්දුවක් (යහපතක් කරුණාවක්) දක්වයි. (ගීතාවලිය 145:8-9).

එබැවින්, කිතුනුවන් වෛද්‍යවරයා ළඟට යා යුතුද? දෙවියන් වහන්සේ අපව ඥානවත් (බුද්ධිමත්) තත්වයන් හැටියට මවා ඇත, එමෙන්ම බෙහෙත් සාදා ගැනීම අපගේ ශරීරය හරි ගස්වා ගැනීමට අපට ඉගෙන ගැනීමේ හැකියාව දී ඇත. එමනිසා එම දැනුම ශාරීරික සුවය උදෙසා භාවිතය කිසි වරදක් නැත. වෛද්‍යවරු දෙවියන් වහන්සේ අපට දුන් ත්‍යාගයක් යැයි අපට සිතිය හැක / පෙන්විය හැක. එමගින් දෙවියන් වහන්සේ අපට සුවය ගෙන දේ. එමෙන්ම අපගේ අවසාන ඇදහිල්ල විය යුත්තේ දෙවියන් වහන්සේ විය යුතුය, වෛද්‍යවරු හා බෙහෙත් මත නොවේ. ඕනෑම අමාරු තත්වයකදීම අපි ඉල්ලූ විට අපට ඥානය දීමට පොරොන්දූවූ දෙවියන් වහන්සේව සෙවිය යුතුය (යාකොබ් 1:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවන් වෛද්‍යවරු ළඟට යා යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries