settings icon
share icon
ප්‍රශ්නය

සෑම ක්‍රිස්තියානියෙකුම කෛරාටිකයෙක් වන්නේ මන්ද?

පිළිතුර


සමහරවිට කිසිම දෝෂාරෝපණයක් “කෛරාටික” කම තරම් කුපිත නොකරයි. අවාසනාවකට මෙන් ඇතැමෙක් සෑම ක්‍රිස්තියානුවෙකුම කෛරාටිකයන් ලෙස ඔවුන් දරණ මතය තුල යුක්තිමත්ව සිතයි. “කෛරාටිකයා” (හිපොක්‍රිටි) යන වචනය ඉංග්‍රීසි බසින් අනර්ඝ දායාදයක් භුක්ති විඳියි. මෙම වචනය රඟපෑම සහ ව්‍යාජ බව අදහස් කරන අතර අපට එය ලතින් භාෂාවෙන් එන ආභාෂයකි. පුරාණයේ මෙම වචනය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථ වල සහ ග්‍රීක අලුත් ගිවිසුමේද යන දෙකෙහිම සඳහන් වන අතර එහි ඇත්තේද මීට සමාන අදහසකි-රඟපෑම සහ ව්‍යජ බවය.

යේසුස් වහන්සේ මේ ආකාරයෙන් මෙම වචනය භාවිතයට ගත් සේක. උදාහරණ: ස්වර්ග රාජ්‍යය උරුමකරගත්තාවූ අයට ක්‍රිස්තුස් වහන්සේ යාච්ඤාවේ, නිරාහාරයේ හා දන්දීමේ වැදගත්කම කියා දෙමින් අපව කෛරාටිකයන්ගේ ආදර්ශ අනුගමනය කිරීමට අධෛර්යමත් කළ සේක (මතෙව් 6:2; 5; 16). පොදු දීර්ඝ යාච්ඤා සිදු කිරීමෙන්ද ප්‍රසිද්ධිය සහතික කරමින් කෙළවරක් නොමැති නිරාහාර පැවැත්වීමෙන්ද දුප්පතුන්ට හා දේවස්ථානවල තෑගි ප්‍රද්ර්ශනය කිරීමෙන්ද ස්වාමින් වහන්සේට තිබෙන පිටස්තර බැඳීමක් පමණක් අනාවරණය කරයි. පරිසිවරුන් ඔවුන්ගේ ආගමික ගුණාංග පොදු ආදර්ශ සේ හොඳින් දර්ශනය කරමින් නාට්‍යමය ක්‍රියා කලාපය රඟදක්වන අතර ඔවුන්ගේ හදවතේ තිබෙන සැබෑ අධ්‍යාත්මික ගුණාංග හමුවේ අවාසනාවන්ත ලෙස අසාර්ථක වේ (මතෙව් 23:13-33; මාර්ක් 7:20-23).

යේසුස් වහන්සේ කිසිවිටකත් උන් වහන්සේගේ ගෝලයින්ට කෛරාටිකයෝ කියා ආමන්ත්‍රණය කර නැත. එම වචනය දී තිබුනේ මුළාවූ ආගමික උන්මන්තයන්ට පමණක්ය. අනික් අතට උන් වහන්සේ තමාගේ ගෝලයන්ට ඇමතුවේ “අනුගාමිකයා,” “දරුවා,” “බැටළුවා” සහා උන් වහන්සේගේ “සභාව” යනුයි. තව දුරටත් පේදුරු කපටිකම යන්නෙන් සඳහන් කරන කෛරාටික කමේ පාපය පිළිබඳව අලුත් ගිවිසුමේ අනතුරු ඇඟවීමක් කර ඇත (1 පේත්‍රැස් 2:1), තවත් කෛරාටික කමේ ප්‍රකට නිදසුන් දෙකක් බයිබලයේ සඳහන් වේ. එනම් පමණට වඩා ව්‍යාජ ත්‍යාගශීලි බවට අනාවෘත වූ ගෝලයන් දෙදෙනෙකු ක්‍රියා 5:1-10 පිළිබඳවය, එහි ප්‍රතිවිපාක කටුක විය. තවද සියලු මිනිසුන් අතරේ පේදුරු කෛරාටික විජාතීය ඇදහිලිවන්තයන් සමූහයකට මග පෙන්වීම හේතුවෙන් ඔහුට විරුද්ධව චෝදනා නැගුනේය (ගලාති 2:13).

අලුත් ගිවිසුමේ ඉගැන්වීම් මගින්, නිගමනයන් දෙකක්වත් උකහාගත හැක. පළමුව, ක්‍රිස්තියානින් ලෙස ප්‍රකාශ වූවන් අතරත් කෛරාටිකයින් සිටිය බවත්, ඔවුන් ආරම්භයේ පටන් සිටිය අතර යේසුස් වහන්සේට අනුකුලව තිරිඟු පිළබඳව උපමාවෙන් මොවුන් ඒකාන්තයෙන්ම අවසානය දක්වා පවතින බවත්ය (මතෙව් 13:18-30). තව දුරටත් කෛරාටික කමින් අපොස්තුලුවරයෙකු පවා වරදට පත්විය හැකි නම්, සාමාන්‍ය කිතුනුවන් මෙයින් නිදහස්වේ යැයි විශ්වාස කිරීමට හේතුවක් නැත. සෑමවිටම අප ඒ හා සමාන පරීක්‍ෂාවන්ට නොවැටෙන ලෙස පරෙස්සම් විය යුතුය (1 කොරන්ති 10:12).

සැබවින්ම, ක්‍රිස්තියානින් යැයි කියා ගන්නා සෑම දෙනාම අවංක කිතුනුවන් නොවේ. සමහරවිට, සියල්ලෝම හෝ කිතුනුවන් අතර වඩාත්ම ප්‍රසිද්ධ කෛරාටිකයින් ඇත්ත වශයෙන්ම කියතෝ බොරුකාරයෝ සහ වංචාකාරයෝය. අද දවස දක්වා, විශිෂ්ඨ කිතුනු නායකයින් දරුණු පාපයන්ට වැටී ඇත. මූල්‍ය හා ලිංගික අර්බූදයන් (අපචාරයන්) සමහර අවස්ථාවල කිතුනු සභාවට මහත් හිරි හැර සේ පෙනී යයි. කෙසේ වෙත්, ස්වල්පයකගේ ක්‍රියා කලාපයන් සැලකිල්ලට ගෙන මුලු කිතුනු සභාවේ අපකීර්තියට එය ව්‍යවහර කරනවා වෙනුවට ක්‍රිස්තියානින් යැයි කියා ගන්නා සැවොම සැබවින්ම කිතුනුවන් දැයි අප ඇසිය යුතුය. සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේට අයිති අය තුල ශුද්ධාත්ම ඵල උරුමකර ගන්නා බව බොහෝ බයිබල් පාඨවල ස්ථීර කරයි (ගලාති 5:22-23). වපුරන්නා පිළිබඳ උපමාවෙන් යේසුස් වහන්සේ තුල ඇදහිල්ල ප්‍රකාශ කරන සැවොම අවංක නොවන බව උන් වහන්සේ පැහැදිලි කරයි, කනගාටුවට කාරණාව නම් උන් වහන්සේට අයිති යැයි ප්‍රකාශ කරන බොහෝ අයට දවසකදී තුෂ්ණිම්භුතව කිසි කලක ඔබ නොහැඳින්මේ, දුදනෙනි මා වෙතින් අහක්ව යන්නැයි (මතෙව් 7:23) උන් වහන්සේගෙන් අසන්නට සිදුවීමය.

දෙවනුව, ක්‍රිස්තියානින් යැයි කියා ගන්නා අයට වඩා භක්තිවන්තකම මවා පාන මිනිසුන් ගැන අප පුදුම විය යුතු නැත. මුලු සභාවම කෛරාටිකයින්ගෙන් සමන්විත යැයි අපට නිගමනය කළ නොහැක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නම් කරන අප සැවොම පාපයට සමාව ලැබූ පසුත් පව්කාරයෙකුමෙන් රැඳෙන බව යමෙකු නිසැකයෙන්ම පිළිගනි. එනම් පාපයේ සදාකාල දන්ඩණයෙන් අප මුදා ගනු ලැබුවද (රෝම 5:1; 6:23), කෛරාටිකකමේ පාපයද ඇතුලුව අප ජීවිත ඉදිරියේ තවද තිබෙන පාප වලින් අප මුදවා ගෙන නිදහස් කළ යුතුව ඇත (1 යොහන් 1:8-9), අප යේසුස් වහන්සේ තුළ පවත්නා ජීවන ඇදහිල්ල කරණකොටගෙන අවසානයේ නිදහස් වන තෙක් නොකඩවා පාපයේ බලවේග පරාජය කරමුව (1 යොහන් 5:4-5).

බයිබලයේ ඉගැන්වීම් වල නියමයන්ට අනුකුලව, පූර්ණව ජීවත්වීමට සියලු කිතුනුවෝ අපොහොසත් වේ. කවරදාකවත් කිසිම කිතුනුවෙක් ක්‍රිස්තුස් වහන්සේ මෙන් සම්පූර්ණවී නොමැත. කෙසේ වූවත්, සැබෑ ලෙස ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්නට උත්සහ කරන බො හෝ කිතුනුවන් සිටින අතර වරද ඔප්පු කිරීමටත්, වෙනස් කිරීමටත් සහා ඔවුන්ට බලය ලබා ගැනීමටත් ශුද්ධාත්මයාණන් තුළ වඩ වඩා බලාපොරොත්තු වේ. අපවාදයෙන් තොරව ක්‍රිස්තියානින් සමූහයා ජීවත් වූහ. කිසිම කිතුනුවෙක් සම්පූර්ණ නැත. එහෙත් මේ ජීවිතයේ වරද්ඳවා ගෙන සම්පූර්ණත්වය කරා යෑමට අපොහොසත්වීම කෛරාටිකයෙකු වීම හා සමාන නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සෑම ක්‍රිස්තියානියෙකුම කෛරාටිකයෙක් වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries