settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු ජීවිතය තුළ ප්‍රීතිය අත්විඳින්නේ කෙසේද?

පිළිතුර


ඉතාමත් ධර්මිෂ්ඨ හා බැතිමත් කිතුනුවන්ගේ ජීවිත තුලටද දුක්ඛිත කාලවල් මෙන්ම අපහසු කාලවල් පැමිණිය හැක. ඒ පිළිබඳව විවිධවූ උදාහරණයන් බයිබලය තුල පවතියි. තමා කෙදිනකවත් ඉපිදිය නොතිබියුතු බව යෝබ් ප්‍රාර්ථනා කළේය (යෝබ් 3:11). යථාර්ථය හා තමා කිසි දිනක මුහුණ දීමට සිදුනොවන ස්ථානයකට තමාව ගෙන යන ලෙසට දාවිත් යාච්ඤා කළේය (ගීතාවලිය 55:6-8). එලියා ස්වර්ගයෙන් ගිනි බස්සවා ප්‍රොපේතවරුන් 450 ක් දෙනා පැරදූවද (1 රාජාවලිය 18:16-46), ඔහු පාළු කරයට පලා ගොස් තමාගේ ජීවිතය ගන්නා ලෙසට දෙවියන් වහන්සේට ඇයද සිටියේය (1 රාජාවලිය 19:3-5).

මෙවැනි අසුබදායි කාලවලට අප මුහුණ දිය යුත්තේ කෙසේද? මෙම අදාළ පුද්ගලයින් තමාගේ තත්වයෙන් මිදුනේ කෙසේද? යන වග අපට දැක ගත හැක. අපි යාච්ඤා කොට අපගේ ආශීර්වාදයන් සිහියට නගන්නේ නම් එවිට දෙවියන් වහන්සේ අපට නැවතත් ප්‍රීතිය ලඟා කර දෙන බව යෝබ් කීවේය (යෝබ් 33:26). දාවිත් ලියවිල්ලක් ලියමින් කියා සිටියේ දේවවචනය අධ්‍යනය කිරීම තුලින් අපට ප්‍රීතිය ලඟා කර ගත හැකි බවයි (ගීතාවලිය 19:8). ඒ වගේම කුමන අපහසු කාලයකදී වූවත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම වැදගත් බව දාවිත් වටහා ගත් කරුණකි (ගීතාවලයි 42:5). එලියාගේ තත්වය ගත් විට ඔහු ටික කාලයක් නිශ්චලව සිටීමට ඉඩදී දෙවියන් වහන්සේ විසින් එලිෂාව ඔහුගේ සහයට එවන ලදි (1 රාජාවලිය 19:19-21). අපටද අපගේ දුක වේදනාවන් බෙදා ගැනීමට මිත්‍රයෙක් අවශ්‍යය (දේශනාකාරයා 4:9-12). කිතුනු මිත්‍රයෙක් හා ඒ වේදනාකාරි මොහොතක බෙදා ගැනීමට වඩාත් උපකාරි වෙනු ඇත. අපගේ දුක මිත්‍රයෙක් හා බෙදාගනිමින්, ඔහු හෝ ඇයද අප අද මුහුණ දෙන්නාවූ ගැටළුව තුලින් ගිය බව ඇසීම ටඅප පුදුමයට පත්වේ.

අප මෙහිදී වටහා ගත යුතු වන කරුණ නම්, අපගේ ගැටළු, වේදනාවන්, හා විශේෂයෙන් අතීතය මත සිරවී සිටීම තුලින් අපට ප්‍රීතිය ලඟා කර ගත නොහැකි බවයි. සැබෑවූ ප්‍රීතිය භෞතික දෙයින්වත්, මනෝ චිකිත්සාව තුලින්වත්, අපි ගැන අප සිතන්නාවූ දෙයින්වත් ලඟා කර ගත නොහැකි අතර, සැබෑ ප්‍රීතිය ලඟා කර ගත හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණකි. “ක්‍රිස්තුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්නාවූ මාංශය තුළ විශ්වාසයක් නැත්තාවූ අපි” (පිලිප්පි 3:3) දෙවියන් වහන්සේ හට අයිති වූවන් වෙමු. ක්‍රිස්තුස් වහන්ස් නැවත පැමිණෙන්නේ අප තුළ විනිවිද මෙන්ම සත්‍යවාදි ස්බභාවයක් ඇකීමට වන අතර, එය අපගේ ගෞරවය, ඥානය, ශක්තිය, මිල මුදල් හෝ අපගේ හොඳකම නොහැකියාවක් බවට පත් කොට, එය ලබා ගත හැකි වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින්වූ ඥානය, ශක්තිය, මිලය, හොඳකම තුලින් පමණක් බව වටහා දෙනු ලබයි. අප දෙවියන් වහන්සේ තුළ රැඳී එතුමන්ගේ වචනය තුළ ගිලී, එතුමන් පිළිබඳව තව තවත් දැන ගැනීම තුලින් අපගේ “ප්‍රීතිය පූර්ණත්වයට පත්වවේ (යොහන් 15:1-11).

අවසාන වශයෙන්, අප වටහා ගත යුතු කරුණ නම්, අපට නියම ප්‍රීතිය ලබා ගත හැකි වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ තුලින් පමණක් බවයි (ගීතාවලය 51:11-12; ගලාති 5:22; 1 තෙසලෝනික 1:6). දෙවියන් වහන්සේගේ බලයෙන් පිටත අපට කිසිවක් කිරීමට නොහැකිය (2 කොරින්ති 12:10; 13:4). සැබවින්ම, අප අපගේ ශක්තියෙන් පමණක් ජීවිතයට ප්‍රීතිය ලඟා කර ගැනීමට වෙර දරන්නේ නම්, අප වඩා විශාල කරදර කරා මග පාදා ගන්නකි. දෙවියන් වහන්සේගේ දෑත් මත සහනය ලබා ගනිමින් (මතෙව් 11:28-30) වචනය හා යාච්ඤාව තුලින් එතුමන්ගේ මුහුණ සෙවීමට අප කටයුතු කළ යුතුයි. “ඉඳින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික ලෙස බලාපොරොත්තු වේ. දෙවියන් වහන්සේගේ ඇදහිල්ලෙන් වූ සියළු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණ කරන සේක්වා (රෝම 15:13).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු ජීවිතය තුළ ප්‍රීතිය අත්විඳින්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries