settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවන් පරණ ගිවිසුමේ නීති රීති පිළිපැදිය යුතුද?

පිළිතුර


මෙම ප්‍රශ්නය පැහැදිලි කරගැනීමට නම් පරණ ගිවිසුමේ නීති දෙවියන් වහන්සේ විසින් දෙනු ලැබුවේ ඊශ්‍රායෙල් ජාතිය සඳහා මිස කිතුණුවන්ට නොවේ. සමහර නීති වලින් ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේට කීකරුවීම හා උන් වහන්සේව සතුටු කළ හැක්කේ කෙසේද කියා පෙන්වා දෙයි (උදාහරණයක් වශයෙන් දස පණත), ඇතැම් නීති වලින් දෙවියන් වහන්සේට නමස්කාර කළ යුත්තේ කෙසේද කියා දක්වා ඇත (පූජා විධි), සමහර නීති ඇති කළේ ඊශ්‍රායෙල් ජාතිය අනිත් ජාතීන්ගෙන් වෙනස් බව දැක්වීමටය (කෑම සහ ඇඳුම් පැළඳුම් පිළිබඳ නීති රීති). පරණ ගිවිසුමේ එකම නීතියක් වත් අද අපට අදාල නොවේ. යේසුස් වහන්සේ කුරුසිය මත පූජාවීම නිසා උන් වහන්සේ පරණ ගිවිසුමේ නීති රීති අවසන් කලා (රෝම 10 : 4; ගලාති 3 : 23-25; එපීස 2 : 15).

පරණ ගිවිසුමේ නීති රීති වෙනුවට අපි යටත්ව ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ නීති රීති වලටය (ගලාති 6 : 2) එනම්, “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේ” (මතෙව් 22 : 37-40). අපි මෙම දෙක සම්පූර්ණ කරන්නේ නම් එය ක්‍රිස්තුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වූ සියල්ල සම්පූර්ණ කලාක් වැනිය. “මෙය දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමය: උන් වහන්සේගේ පනත් වලට කීකරුවීම. උන් වහන්සේගේ පනත් පීධාකාරී ඒවා නොවේ” (1 යොහන් 5 : 3). තාක්‍ෂණිකව බලන කළ, දස පනත ක්‍රිස්තියානීන්ට අදාල නොවේ. කෙසේ නමුත්, දස පනතින් 9 ක්ම අළුත් ගිවිසුමේ නැවත සඳහන් වී ඇත. (සබත් දවස පවත්වන්නට කියා තිබෙන පනත හැර). නිසැකවම (පැහැදිලිවම) අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම්, අපි අන් දෙවිවරු නමස්කාර කරන්නේවත්, පිළිම නමස්කාර කරන්නේවත් නැත. අපි අපගේ අසල්වැසියන්ට ප්‍රේම කරනවා නම් අපි ඔවුන්ව ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමග කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැත. ඉතින් අපි පරණ ගිවිසුමේ නීති සුදුසුකම් කිසිවකට යටත් නැත. අපි දෙවියන් වහන්සේටත් අසල්වැසියාටත් ප්‍රේම කළ යුතුය. අපි මේ කරුණු දෙක විශ්වාසවන්තව පවත්වන්නේ නම් අන් සියල්ලක්ම සඵල වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවන් පරණ ගිවිසුමේ නීති රීති පිළිපැදිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries