settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ තම මනස වෙනස් කරයිද?

පිළිතුර


මලාකි 3:6 පවසනවා “මක්නිසාද ස්වාමින් වහන්සේ වන මම වෙනස් නොවෙමි එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.” ඊට අනුගාමිව යාකොබ් 1:17 අපට පවසනවා “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්ත වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.” ගණන් කථාව 23:19 වඩා පැහැදිලි නොවනු ඇත. “බොරු කියන්ට දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍යය පුත්‍රයෙක්වත් නොවන සේක. උන් වහන්සේ කී දේ නොකරන සේක්ද? උන් වහන්සේ කථා කළ දේ ඉෂ්ට නොකරන සේක්ද?” නැත. දෙවියන් වහන්සේ තම මනස වෙනස් නොකරන සේක. මේ පදවල පැවසීමට උත්සහ දරන්නේ දෙවියන් වහන්සේ වෙනස් නොවන හා වෙනස් කළ නොහැකිද වේ.

උත්පත්ති 6:6 වැනි පද අප පැහැදිලි කරන්නේ කෙසේද? “තවද ස්වාමින් වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූ සේක.” එසේම යෝනා 3:10 හී “එවිට ඔවුන්ගේ ක්‍රියා-එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව දෙවියන් වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළ සේක.” එයට අනුගාමීව නික්මයාම 32:14 පවසනවා “ස්වාමින් වහන්සේ තමන් සෙනගට කරන්නේ යයි කී විපත ගැන තැවුණ සේක.” මේ පද පවසන දෙය නම් දෙවියන් වහන්සේ “තැවුනු සේක” (පසු තැවුනා). උන් වහන්සේගේ ස්වභාවයේ මූල ධර්මයට විරුද්ධවාදිව ක්‍රියා කරයි. කෙසේ වෙතත්, මෙම පදවලට හොඳින් අවධානය දී බලන කළ අපට වැටහෙන දෙය නම් එහි පිළිම්ඹු කරන්නේ දෙවියන් වහන්සේට වෙනස් වීමේ හැකියාව ඇති බව පැවසීමක් නොවන බව. මුල් භාෂාවේ “පසු තැවීම” හෝ “අනුකම්පාව” යන වචනයේ පරිවර්ථනය හෙබ්‍රෙව් තේරුම “කළ දෙය ගැන කණගාටුවීම” වෙනසක් ඇති නොවුනාවූ යමක් ගැන කණගාටුවට පත්වීම, සිදුවී ඇති යමක් පිළිබඳව දුකට පත්වීමක් පිළිම්ඹු කරයි.

උත්පත්ති 6:6 කෙරෙහි අවධානය යොමු කළහොත් “තවද ස්වාමින් වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූ සේක.” මෙම පදය තවත් ඉදිරියට පවසනවා “උන් වහන්සේගේ හදවත වේදනාවෙන් පිරුනා” මෙම පදවල සඳහන් කරන්නේ මනුෂ්‍යයා මැවීම පිළිබඳව උන් වහන්සේ තැවුනා. කෙසේ වෙතත්, උන් වහන්සේ තමන්ගේ තීරණය ආපස්සට ගත්තේ නැත. නෝවාගේ අවස්ථාවට අමතරව උන් වහන්සේ මිනිසාට පවතින්ට ඉඩ හරින ලදි. අප ජීවත්වීමට හේතුවම අද අපට ඔප්පු කරනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ අදහස වෙනස් නොකල බවට. එසේම, මෙම කොටසේ සාරාංශය මනුෂ්‍යයා ජීවත්වූ පව්කාර ජීවිතය හා මිනිසාගේ පව්කාර ස්වභාවය දෙවියන් වහන්සේගේ දුකට හේතුව විය, මිනිසාගේ පැවැත්ම නොවේ. යෝනා 3:10 ට අවධානය යොමු කරමු “ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළ සේක.” නැවතත් ඉහත සඳහන් හෙබ්‍රෙව් වචනයම භාවිතා කරයි “පසුතැවීමට ලක්වීම” “කල දෙයක් ගැන කණගාටු සිතීම” දෙවියන් වහන්සේ නිනිවයට කරන්ට සිතුව දෙය පිළිබඳව කණගාටු සිතීමට හේතුව කුමක්ද? ඔවුන්ගේ හදවත ඇතුලාන්තයේ වෙනස් කමක් සිදුවීමයි. එයට පිළිතුරක් වශයෙන් දෙවියන් වහන්සේට ඔවුන් අකීකරුවීම කීකරුවීමක් බවට පත්විය. දෙවියන් වහන්සේ නියත වශයෙන්ම ස්තීරය. දෙවියන් වහන්සේ නිනිවය විනිශ්චය කරීමට තීරණය කළේ ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසාය. කෙසේ වෙතත් නිනිවය පසුතැවී ඔවුන්ගේ මාවත් වෙනස් කර ගත්තා. පිළිතුරු වශයෙන් දෙවියන් වහන්සේ නිනිවය කෙරෙහි කරුණා (අනුකම්පා) කළ සේක. එය උන් වහන්සේගේ චරිතයට සුදුසු දෙයකි.

රෝම 3:23 අපට උගන්වනවා සියල්ලෝ පව් කොට දේව මහිමයෙන් හීනව සිටින බවට. රෝම 6:23 අපට උගන්වනවා පාපයේ ප්‍රතිඵලය (කුලිය) මරණය බවත් (ශාරීරික හා ආත්මිකව). එමනිසා නිනිවයේ මිනිසුන්ට දඬුවම නියමව තිබුනා. මෙම තත්වයට අප සියලු දෙනාට මුහුණ දීමට ඇත. අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන්නේ මිනිසාගේ පාපයයි. මිනිසාට බැහැ දෙවියන් වහන්සේ තම අකරතැබ්බියට වගකිව යුතුයැයි කීමට. ඉතින් එය දෙවියන් වහන්සේගේ චරිතයට පටහැනියි නිනිවය දඬුවම් නොකර සිටීම ඔවුන් පාපය තුළ දිගටම සිටියා නම්. කෙසේ වෙතත්, නිනිවයේ මනුෂ්‍යයන් කීකරුකමට හැරුනා. එමනිසා මුලින්ම සැලසුම් කළ ලෙසට ඔවුනට දඬුවම් කිරීමෙන් උන් වහන්සේ වැළකුනා. නිනිවයේ අයගේ වෙනස දෙවියන් වහන්සේගේ ක්‍රියාවට උන් වහන්සේව යොමු කලාද? නියත වශයෙන්ම නැත! දෙවියන් වහන්සේ කිසිම විටක මිනිසාට යටත්ව නැත. දෙවියන් වහන්සේ යහපත් හා ධර්මිෂ්ඨයි. නිනිවයට දඬුවම් නොකිරීමට හේතුව ඔවුන්ගේ හදවතේ ඇතුලාන්ත වෙනසයි. මෙම කොටස කීමට උත්සහ දරන්නේ දෙවියන් වහන්සේ වෙනස් නොවන බවටත්, උන් වහන්සේ නිනිවය රක්‍ෂා නොකලානම්, එය උන් වහන්සේගේ චරිතයට පටහැනිවේ.

දෙවියන් වහන්සේ තම මනස වෙනස් කර ගත් බවට කියන ලියවිලි කොටස් දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් පැහැදිකලි කිරීමට ගත් මනුෂ්‍ය උත්සහයන්. දෙවියන් වහන්සේ යමක් කිරීමට ගිය නමුත් වෙනත් දෙයක් කළේය. අපට වෙනසක් ලෙසට පෙනේ. නමුත් සර්වඥාන හා සර්වබල දෙවියන් වහන්සේට එය වෙනසක් නොවේ. උන් වහන්සේ සැමවිටම දැන සිටියා උන් වහන්සේ කරන්ට යන දෙය. දෙවියන් වහන්සේ නිතරම උන් වහන්සේගේ සැලැස්ම සනාථ කිරීමට මිනිසා කළ යුතු දෙයට යොමු කිරීමට අවශ්‍ය දේ කරයි. “මම වනාහි අන්තීමය මුල පටන්ද තවම සිඬනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමියි කියාත් කියන්නාවූ තැනැන් වහන්සේය. මම නැගෙනහිරින් ගිජු පක්‍ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවා ගන්න තැනැන් වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙනම ඒක පමුණුවන්නෙමි, මම යොජනා කර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි” (යෙසායා 46:10-11). දෙවියන් වහන්සේ නිනිවයට අනතුරු ඇඟෙව්වා පීඩා සමග, එය හේතු‍ෙවන් ඔවුන් පසුතැවෙන බව දැනගෙන. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලයට පීඩා සමගින් අනතුරු ඇඟෙව්වා මෝසෙස් මැදහත්කාරකම් කරන බව දැන ගෙන. දෙවියන් වහන්සේ තම තීරණ ගැන පසුතැවුනේ නැත. නමුත් දෙවියන් වහන්සේගේ තීරණ වලට සමහර අවස්ථාවල සමහරු දක්වන ප්‍රතිචාර ගැන දුක් වෙනවා. දෙවියන් වහන්සේ තම මනස වෙනස් කර නොගනී. නමුත් උන් වහන්සේගේ වචනයට අනුව අපගේ ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ තම මනස වෙනස් කරයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries