දෙවියන් වහන්සේ අයහපත / පාපය (නපුර) මැවූ සේක්ද?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ අයහපත / පාපය (නපුර) මැවූ සේක්ද?

පිළිතුර:
පළමුව අපට මෙලෙස සිතේ, සියල්ල දෙවියන් වහන්සේ මැව්වා නම් පාපයත් උන් වහන්සේ මවන්ට ඇති බවට. කෙසේ වෙතත් පැහැදිලි කර ගැනීමට මෙහි උප කල්පනයක් ඇත. පාපය / අයහපත (නපුර) “භාණ්ඩයක්” නොවේ ගලක් හෝ විදුලිය වැනි. ඔබට පාපය භාජනයකට ගත නොහැක. පාපය නම් ක්‍රියාත්මක වන දෙයකි, දුවනවා හා සමානය. පාපයට තනි පැවැත්මක් නැත. එය සැබවින්ම යහපත මදි කම නිසා ඇති වන දෙයක්. උදා:- “සිදුරක් ඇතිවීම සැබෑ දෙයක් නමුත් එහි පැවැත්ම තව දෙයක් මතයි” කුණු නොමැති තැන සිදුරක් විය යැයි අප පවසන නමුත් එය කුණු වලින් ඉවත් කර / වෙන්කල නොහැක. එසේ නමු දෙවියන් වහන්සේ මැවූ විට පවතින සියල්ල යහපත් බව සැබෑවක්. දෙවියන් වහන්සේ මැවූ දේවලින් යහපත්ම දෙය නම් යහපත තේරුම් ගැනීමේ හැකියාව නිදහස ඇති ජීවියා. සැබෑ තෝරා ගැනීමකට නම් යහපතට අමතරව යමක් ඇති කිරීමට දෙවියන් වහන්සේට සිදුවිය. එම නිසා දෙවියන් වහන්සේ දූතයන්ටත් මනුෂ්‍යයන්ටත් යහපත නපුර තෝරා ගැනීමට නිදහස දුන්නා. යහපත් ක්‍රියා වලියන් සමග අයහපත් පැවැත්මක් ඇත්නම් අපි එය පාපය ලෙස හඳුන්වයි. නමුත් එය භාණාඩයක් / දෙයක් නොව දෙවියන් වහන්සේට අවශ්‍ය මැවීමට.

තවත් උදාහරණයක් මේ දේ තේරුම් ගැනීමට උපකාරි වේ. අපි ඇසුවොත් මනුෂ්‍යයකුගෙන් “සීතලට පැවැත්මක්” තිබේද? ඔහු / ඇය උත්තර දේවී “ඔව්” නමුත් එය වැරදියි. සීතලට “පැවැත්මක් නැත”. සීතල ඇවිල්ලා උණුසුම මදිකම නිසා ඇතිවන දෙයක්. එමෙන්ම අඳුරට පැවැත්මක් නැත. මන්ද එය ආලෝකය මදිකම නිසා ඇතිවන දෙයක්. පාපයත් යහපත මදිකම නිසා ඇති වන දෙයක්. එසේත් නැති නම් දෙවියන් වහන්සේ නැති තැන පාපය ඇත. දෙවියන් වහන්සේට පාපය මැවීමට අවශ්‍ය නොවීය. නමුත් යහපතේ මදි කමට ඉඩ හරිනවා.

යෝබ් 1-2 පරිඡේදවල උදාහරණ දෙස බලමු. සාතන්ට අවශ්‍ය උනා යෝබ්ව විනාශ කිරීමට. දෙවියන් වහන්සේ සාතන්ට ඉඩ හැරියා නමුත් යෝබ්ගේ ජීවිතයට අතගසන්නට අවසර දුන්නේ නැත. දෙවියන් වහන්සේ මෙම දේට ඉඩ හැරියේ උන් වහන්සේට අවශ්‍ය උනා සාතන්ට පෙන්වීමට යෝබ් ධර්මිෂ්ඨව සිටින්නේ උන් වහන්සේට ඇති ප්‍රේමය නිසා බව. දෙවියන් වහනසේ ඔහුට දී ඇති ආශීර්වාද නිසා නොවන බවට. දෙවියන් වහන්සේ සව්බලැත් සිදුවන සියලු දේවල් උන් වහන්සේගේ කැමැත්තට අනුකුලව සිදුවේ. සාතන්ට දෙවියන් වහන්සේගේ අනුමැතිය නොමැතිව කිසිවක් කළ නොහැක. දෙවියන් වහන්සේ අයහපත මැව්වේ නැත. නමුත් එයට ඉඩ හරී. දෙවියන් වහන්සේ පාපයට ඉඩ නොහැරියා නම් මනුෂ්‍යයාත් දේව දූතයාත් යහපත කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාත් තෝරා ගැනීමක් නැත. නමුත් දෙවියන් වහන්සේට “රොබෝ” කෙනෙක් අවශ්‍ය නැත. දෙවියන් වහන්සේ යහපත අතරතුර අයහපතට ඉඩ හැර ඇත්තේ මනුෂ්‍යයා ස්ව කැමැත්තෙන් උන් වහන්සේ කැමති යහපත තෝරා ගැනීමයි. එයින් මනුෂ්‍යයාට නිදහස ඇත, උන් වහන්සේට සේවය කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීමට.

කෙසේ වෙතත් සම්පූර්ණ අවබෝධයක් ගැනීමට මෙම ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අපහසුය. සීමාසහිත මනුෂ්‍යයන් වශයෙන් අපට අසීමිත දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට අපහසුය (රෝම 11:33-34). සමහර අවස්ථා වලදී අප සිතනවා දෙවියන් වහන්සේ ඒ දේ කළේ ඇයි කියලා අපි දන්නවා කියලා. නමුත් පසුව අපට තේරුම් යනවා අප සිතුවාට වඩා වෙනස් හේතුවක් නිසා තමයි එය සිදු වුනේ කියලා. දෙවියන් වහන්සේ දේවල් දිහා බලන්නේ සදාකාලික පැත්තෙන්. අපි දේවල් දිහා බලන්නේ ලෞකික පැත්තෙන්. ආදම් සහ ඒව පව්කොට සියලු මනුෂ්‍ය වර්ගයා මතට පාපයත්, මරණයත් දුක් විඳීමත් ඇති කරන බව දැනගෙනත් උන් වහන්සේ ඔවුන්ව මේ පොළොවේ තැබුවේ / හැදුවේ ඇයි? උන් වහන්සේ අප සියලු දෙනාව මවලා අපව ස්වර්ගයේම තබලා පාපය, මරණය, දුක් විඳීම නැතිව සදහටම උන් වහන්සේ ලඟ තබා නොගත්තේ ඇයි? හොඳම පිළිතුර නම් දෙවියන් වහන්සේට කිසිම ස්ව කැමැත්තක් නැති රොබෝලා ගේ රේස් තරඟයක් අවශ්‍ය නොවීමයි. අයහපතට ඉඩ හැරීම තුළ අප සැබෑ තෝරා ගැනීමට යොමු වෙනවා උන් වහන්සේව නම දිනවද? නැද්ද? එයයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. අප සැබවින් පාපය / නපුර අත් දැක නොතිබුණා නම් ස්වර්ග රාජ්‍යයේ අගය අපට සැබවින්ම නොතේරේ.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ අයහපත / පාපය (නපුර) මැවූ සේක්ද?