අප පාපයක් කළ විට දෙවියන් වහන්සේ විසින් අපට තරවටු කරනු ලබන්නේ කෙසේද? කවදාද? මන්ද?




ප්‍රශ්නය: අප පාපයක් කළ විට දෙවියන් වහන්සේ විසින් අපට තරවටු කරනු ලබන්නේ කෙසේද? කවදාද? මන්ද?

පිළිතුර:
සෑම ඇදහිලිවන්තයෙක්ම නිරන්තරයෙන්ම මෙම තරවටු කිරීම යන්න මග හරිනු ලබන කරුණකි. අපි බොහෝ අවස්ථාවන්වලදී අප මුහුණ දෙන්නාවූ ගැටළු පිළිබඳව කනස්සලු වන්නේ ඒවා සිදුවීමෙහි ප්‍රතිඵලය වන්නේ අප‍ෙග්ම පාපයන් හා අපව හික්මවීමට පත් කිරීමෙහි දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් බවට වටහා නොගනමින්ය. ඇදහිලිවන්තයෙකුගේ ජීවිතය තුළ තමන්ගේ ක්‍රියාවන් නොසලකමින් තව තවත් පාපය පුරුද්දක් වශයෙන් කරගෙන යන්නේ නම් එවැනි වූවන් වඩාත් විශාල හික්මවීමක් කරා ගෙන යනු ලබනවා ඇත.

තරවටු කිරීම යනු දරඳඬු දඬුවමක් ලෙස සෑලකිය නොහැක. අපව තරවටු කිරීමට ලක් කිරීම තුළ දෙවියන් වහන්සේගේ අරමුණ වන්නේ ඒ තුළින් උන් වහන්සේගේ ප්‍රේමය මහත්වය පෙන්වීමට හා අපව ශුද්ධ ජීවිතයක් කරා ගෙන යෑමට මග පෙන්වීමකි. “මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ තරවටු කිරීම සුළුකොට නොසිතන්න. උන් වහන්සේගේ දඬුවමටද කල නොකිරන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නාක්මෙන් ස්වාමින් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරන සේක” (හිතෝපදේශ 3:11-12; හෙබ්‍රෙව් 12:5-11 බලන්න). පරීක්‍ෂාවන්, බාධක, හා තවත් විවිධවූ අසීරුතාවයන් දෙවියන් වහන්සේ විසින් අප වෙත එවනු ලබන්නේ අපට නැවතත් පසුතැවීමකින් යුක්තව උන් වහන්සේ වෙතට ගෙන්වා ගැනීමටය. තරවටු කිරීමෙහි ප්‍රතිඵලය වන්නේ ශක්තිමත්වූ විශ්වාසයක් හා දෙවියන් වහන්සේ තුල වූ අළුත්වූ සබඳතාවයක් ගොඩ නැගීමකි (යාකොබ් 1:2-4).

දෙවියන් වහන්සේ විසින් අපට තරවටු කරන්නේ අපගේම යහපතටය. අපගේ ජීවිත තුලින් උන් වහන්සේව මහිමයට පත් කිරීමකි. අපගේ ජීවිත මගින් ශුද්ධකම සාක්‍ෂියක් වීමටත් දෙවියන් වහන්සේ දුන්නාවූ නව ස්වභාවය පිළිබ්ඹු කිරීමක් එතුමන්ගේ අරමුණි. “නුඹලා කැඳවූ තැනැන් වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මක්නිසාද මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයි ලියා තිබේ.” (1 පේත්‍රැස් 1:15-16).



නැවතත් සිංහල මුල් පිටුවට



අප පාපයක් කළ විට දෙවියන් වහන්සේ විසින් අපට තරවටු කරනු ලබන්නේ කෙසේද? කවදාද? මන්ද?