settings icon
share icon
ප්‍රශ්නය

දවියන් වහන්සේ සියල්ලන්ටම ප්‍රේම කරනවාද? නැති නම් කිතුනුවන්ට පමණක්ද?

පිළිතුර


ලෝකයේ සිටින සියලුදෙනාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන බවට හැඟීමක් ඇත (යොහන් 3:16; 1 යොහන් 2:2; රෝම 5:8). මෙම ප්‍රේමයට කොන්දේසි නැත-එහි ඇති පදනම නම් දෙවියන් වහන්සේ ප්‍රේමයේ දෙවියන් බව (1 යොහන් 4:8; 16). දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ඇති ප්‍රේමයේ ප්‍රතිඵලය ඔවුන්ගේ පාපය ඔවුනට කෙනෙහිම ඇදනොදැමීමයි (රෝම 3:23; 6:23). දෙවියන් වහන්සේ ලෝකයට දක්වන ප්‍රේමය තුළ උන් වහන්සේ මිනිස් සංහතියට පාපයට පසුතැවීමට අවස්ථාවක් දීම වේ (2 පේත්‍රැස් 3:9). කෙසේ වෙතත්, දේව ප්‍රේමය නම් උන් වහන්සේ පාපය ගණන් නොගන්නා බව නොවේ. දෙවියන් වහන්සේ යුක්තියේ දෙවියන් වහන්සේය (2 තෙසලෝනික 1:6). පාපයට කිසිසිදාක දඬුවම් නොලැබී තිබෙන්නේ නැත (රෝම 3:25-26).

සදාකාලයේ ප්‍රේමණීය ක්‍රියාව සඳහන් වන්නේ රෝම 5:8 “නුමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය.” දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොසලක හරින යමෙක් වීද, ගැලවුම්කරුවා හැටියට ක්‍රිස්තුස් වහන්සේව නොපිළිගන්නා අය, ඔහුව මිලදී ගත් ගැලවුම්කරුවාව එපා කරන යමෙක් (2 පේත්‍රැස් 2:1) සදාකාලයට දෙවියන් වහනාසේගේ උදහසට යොමුවේ (රෝම 1:18), උන් වහන්සේගේ ප්‍රේමයට නොවේ (රෝම 6:23). දෙවියන් වහන්සේ සියල්ලන්ට ප්‍රේම කරන්නේ කොන්දේසි රහිතව සියල්ලන්ගේ පාපයට කෙ‍ෙනහිම ඔවුන්ව විනාශ නොකරන කරුණාව ක්‍රියාත්මක වන්නේ එයිනි. එම අවස්ථාවේම, දෙවියන් වහන්සේට “ගිවිසුමේ ප්‍රේමයක්” ඇත, ගැලවීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල තබන අය හට (යොහන් 3:36). යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය ඔවුන්ගේ ගැලවුම්කරුවා ලෙසට ඔවුනට පමණක් උන් වහන්සේගේ ප්‍රේමය සදාකාලයට අත්විද හැකිය.

දෙවියන් වහන්සේ සියලු දෙනාට ප්‍රේම කරයිද? ඔව්. දෙවියන් වහන්සේ කිතුනු නොවුනු අයට වඩා කිතුනුවන්ට ප්‍රේම කරයිද? නැත. දෙවියන් වහන්සේ කිතුනුවන්ට ප්‍රේම කරන තත්වයට වඩා උන් වහන්සේ කිතුනු නොවන අයට ප්‍රේම කරන තත්වය වෙනස්ද? ඔව්. දෙවියන් වහන්සේ සියලු දෙනාට සමව ප්‍රේම කරනවා ඒ තුළ උන් වහන්සේ සියලු දෙනාට කරුණාවන්තයි. දෙවියන් වහන්සේ කිතුනුවන්ට පමණක් ප්‍රේම කරයි ඒ තුළ තමයි කිතුනුවන්ට පමණක් උන් වහන්සේගේ සදාකාල කරුණාව හා ස්වර්ගයේ සදාකාල ප්‍රේමය පොරොන්දුව ඇත. සියලු දෙනාට ඇති දෙවියන් වහන්සේගේ කොන්දේසි රහිත ප්‍රේමය උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට අපව ගෙන යයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ගැලවුම්කරුවා ලෙසට පිළිගන්නා අයට ස්තුති වන්ත හදවතින් උන් වහන්සේගේ මහත් කොනාදේසිය සහිත ප්‍රේමය ලබා ගැනීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දවියන් වහන්සේ සියල්ලන්ටම ප්‍රේම කරනවාද? නැති නම් කිතුනුවන්ට පමණක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries