settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ තවමත් හාස්කම් කරනවාද?

පිළිතුර


බොහෝ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට තමන් ඉදිරියේ ඔප්පු කිරීමට සමහර හාස්කම් කිරීමට ආශා වෙනවා. “දෙවියන් වහන්සේ හාස්කමක්, පුදුමයක්, ලකුණක් කළොත් මම උන් වහන්සේව විශ්වාස කරන බව!” මේ අදහස, ලියවිල්ලට පටහැනි උනත්, ඊශ්‍රායෙලිතයන් හට දෙවියන් වහන්සේ හාස්කම් හා පුදුම දේ කළ විට, එය ඔවුන් උන් වහන්සේට කීකරුවීමට හේතුවක් උනාද? නැත, ඊශ්‍රායෙලිතයන් කෙතරම් හාස්කම් දුටුවත් ඔවුන් උන් වහන්සේට අකීකරුව, උන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවා. දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කිරීම දුටු මිනිසුන්ම පසුව උන් වහන්සේට පොරොන්දු දේශයේ වැසියන්ගෙන් ජය ගන්න පුලුවන් දැයි සැක කරා. මෙම සත්‍යතාව ලූක් 16:19-31 හී පැහැදිලි කර ඇත. කථාවෙහි නිරයේ සිටින මනුෂ්‍යයෙකු ආබ්‍රම්ගෙන් ඇයද සිටිනවා ලාසරුස්ව මරණයෙන් නැවත පොළොවට යවන්න යැයි ඔහුගේ සහෝදරයන් බේරා ගැනීමට. ආබ්‍රහම් ඒ මනුෂ්‍යයාට දැනුම් දෙනවා, “මොසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හූ නොඅසත් නම්, යමකේ මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක” (ලූක් 16:31).

යේසුස් වහන්සේ ගණන් කළ නොහැකි තරම් හාස්කම් කළ සේක, ඒ නමුත් මනුෂ්‍යයන් බොහෝ දෙනෙක් උන් වහන්සේව විශ්වාස (පිළිනොගත්තේය) කළේ නැත. උන් වහන්සේ අතීතයේ කළසේ හාස්කම් අදටත් කළහොත් ඊට පිළිතුර එයම වේ. මනුෂ්‍යයන් පුදුමයට පත්ව කෙටි කාලයකට උන් වහන්සේව විශ්වාස කරයි. එම ඇදහිල්ල පියඹා යයි අනපේක්‍ෂිත ප්‍රශ්නයක් හෝ භයන්කාර සිදුවීමකට මුහුණ දීමට සිදුවූ විටදී. හාස්කම් මත පදනම්වූ ඇදහිල්ල මේරූ ඇදහිල්ලක් නොවේ. යේසුස් වහන්සේ ලොකුම හාස්කම කළේ මිනිස් වෙසක්ගෙන මිනිසාගේ පාපය උදෙසා කුරුසියෙහි දිවි දීමට (රෝම 5:8) එමගින් අපව ගැලවෙන නිසා (යොහන් 3:16). දෙවියන් වහන්සේ තවමත් හාස්කම් කරයි-ඒවායින් බෙහෝමයක් ගණන් නොගෙන යන අතර තවත් සමහරක් පිළිනොගනී. කෙසේ වෙතත්, අපට තවත් හාස්කම් අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ යේසුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ගැලවීමේ හාස්කම විශ්වාස කරීමයි.

හාස්කමේ අරමුණ නම් හාස්කම කරන්නාගේ සත්‍ය භාවය ඔප්පු කිරීමයි. ක්‍රියා 2:22 පවසනවා “ඊශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ වචන අසාපල්ලා-නුඹලාම දන්නා ලෙස නුඹලා අතරේ දෙවියන් වහන්සේ විසින් නාසරිය යේසුස් වහන්සේ ලවා කරවන ලද බලවත් ක්‍රියා වලින්ද පුදුමවලින්ද ලකුණුවලින්ද” එය අපෝස්තුලුවරුන් ගැනද කියයි. “සැබවින් ලකුණුවලින්ද පුදුමවලින්ද බලවත් ක්‍රියාවලින්ද ප්‍රේරිතයෙකුගේ ලකුණු සියලු ආකාර ඉවසීම ඇතුව නුඹලා අතරෙහි කරන ලද්දේය” (2 කොරින්ති 12:12). ශුභාරංචිය ගැන කථා කිරීම, හෙබ්‍රෙව් 2:4 පවසනවා “දෙවියන් වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්‍ෂි දුන් සේක.” දැන් අපට යේසුස් වහන්සේ පිළිබඳ සත්‍යතාවන් ලියවිල්ලෙහි සඳහන්ව ඇත. ලියවිල්ලෙහි සඳහන් ප්‍රේරිදයන්ගේ ලිපිද අපට ඇත, යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ප්‍රේරිතයන් ලියවිල්ලෙහි සඳහන් පරිදි, අපගේ ඇදහිල්ලේ නිර්මාතෘ හා කොන් ගල හා අත්තිවාරම අපගේ ඇදහිල්ලේ (එපීස 2:20). මේ අදහස තුළ, හාස්කම් තව දුරටත් අවශ්‍ය නැත. මන්ද යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ ක්‍රියාවන් හා පණිවිඩය සාක්‍ෂි දෙති. ඔව්, දෙවියන් වහන්සේ තවමත් හාස්කම් කරයි, එසේම බයිබල් වකවානුවේ සිදුවූ ලෙසටම අද සිදුවිය යුතුමයැයි අප බලාපොරොත්තු විය යුතු නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ තවමත් හාස්කම් කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries