settings icon
share icon
ප්‍රශ්නය

අදටත් දෙවියන් වහන්සේ අපට කථා කරයිද?

පිළිතුර


බයිබලයේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට ඇසෙන පරිදි කථා කළ බවට බොහෝ අවස්ථාවලදී සඳහන් කරයි (නික්මයාම 3:14, යොෂුවා 1:1, විනිශ්චකාරයා 6:18, 1 සාමුවෙල් 3:11, 2 සාමුවෙල් 2:1, යෝබි 40:1, යෙසායා 7:3, යෙරමියා 1:7, ක්‍රියා 8:26, 9:15 මෙය කුඩා කොටස් කිහිපයක් පමණි). අදටත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ඇසෙන ලෙස කථා නොකරයි යන්න සනාථ කිරීමට බයිබලයේ කිසිම කොටසක් නැත. බයිබලයේ අවස්ථා සිය ගණනක් සඳහන්ව ඇත උන් වහන්සේ කථා කිරීම පිළිබඳව. අප මතක තබා ගතයුතු කරුණක් නම් ඔවුන් අවුරුදු 4,000 ක මනුෂ්‍ය ඉතිහාසයක පැවැත්ම පිළිබඳව කථා කරයි. “දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ඇසෙන ලෙස කථා කිරීම” ප්‍රශ්නයක් මතු කරයි. මන්ද ලියවිල්ලේ නිතරම දෙවියන් වහන්සේ පවසයි යනුවෙන් සඳහන් කළත් එය උන් වහන්සේව ඇසෙන පරිදීද? මනුෂ්‍යයාගේ ඇතුලාන්තයෙන් ආ හඬක්ද? මනුෂ්‍යයාගේ මනසට නැගුණු හැඟීමක් හරහාද? උන් වහන්සේ කථා කළේ යන්න පැහැදිලිව සඳහන් කර නැත.

දෙවියන් වහන්සේ අදටත් මනුෂ්‍යයාට කථා කරයි. පළමුව උන් වහන්සේගේ වචනය හරහා අපට කථා කරයි (2 තිමෝති 3:16-17). යෙසායා 55:11 ප්‍රකාශ කරනවා “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියම කළ කාරණය සඵල කරනවා ඇත.” බයිබලය දේව වචනය අපට ඉදිරිපත් කරන්නේ ගැලවීම ලැබීමටත් කිතුනු ජීවිතයක් ගත කිරීමටත් අපට අවශ්‍ය කරුණු කාරනා පෙන්වා දෙයි. 2 පේත්‍රැස් 1:3-4 ප්‍රකාශ කරනවා “මක්නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනැන් වහන්සේ දැන ගැනීම කරණකොටගෙන, උන් වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.” ඒ කරණකොටගෙන උන් වහන්සේ තමන් අනර්ගවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමෙන් නුඹලා ගැලවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව සභාවට පංගු කාරයන් වන පිණිසයි.

දෙවනුව දෙවියන් වහන්සේ අපට හැඟීම්, අවස්ථා (සිදුවීම්) අදහස් හරහා අපට කථා කරයි. දෙවියන් වහන්සේ නිතරම හොඳ නරක අපට තෝරා බේරා ගැනීමට හැකියාව දී තිබෙනවා අපගේ හෘදසාක්‍ෂිය හරහා (1 තිමෝති 1:5, 1 පේත්‍රැස් 3:16). දෙවියන් වහන්සේ නිතරම අපගේ මනසින් උන් වහන්සේගේ අදහස් තේරුම් ගැනීමට හැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය කරුණාව ලබා දීමට නිතරම උපකාර කරයි (රෝම 12:2). දෙවියන් වහන්සේ නිතරම නොයෙක් සිදුවීම් අපගේ ජීවිතයේ සිදුවීමට සලස්වයි. අපට මග පෙන්වීමට, අපව වෙනස් කිරීමට හා අපට ආත්මිකව වර්ධනය වීමට උපකාර කරයි (යාකොබ් 1:2-5; හෙබ්‍රෙව් 12:5-11). 1 පේත්‍රැස් 1:6-7 අපට මතක් කර දෙනවා “ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරික්‍ෂා වලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීති වන්නාහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වූවත් ගින්නෙන් සෝදිසි කරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරික්‍ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.”

අවසානයේදී, ඔව් සමහර අවස්ථාවන් වලදී දෙවියන් වහන්සේ අපට ඇසෙන පරිදි කථා කරයි. මෙය ඉතාමත් ප්‍රශ්නාර්ථවත් සිදුවීමක්. බොහෝ මනූෂ්‍යයන් එය එසේ සිදුවුනා යැයි පැවසුවත්, නැවතත් බයිබලයේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට ඇසෙන පරිදි කථා කිරීම ප්‍රශ්න සහගතයි සාමාන්‍ය ලෙස නොව. යම් කෙනෙකු දෙවියන් වහන්සේ ඇයට / ඔහුට කථා කරන බව පැවසුවත්, එය නිතරම බයිබලයේ සඳහන් දෙයට සමාන විය යුතුය. අදටත් දෙවියන් වහන්සේ අපට කථා කරයි නම් උන් වහන්සේ බයිබලයේ සඳහන් දේවලට සම්පූර්ණ එකඟත්වය දක්වයි. උන් වහන්සේ කසිම විටක පරස්පර විරෝධි තත්වයට තමාව පත්කර නොගනී. 2 තිමෝති 3:16-17 ප්‍රකාශ කරනවා “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

අදටත් දෙවියන් වහන්සේ අපට කථා කරයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries