settings icon
share icon
ප්‍රශ්නය

උපභවනීය එකතුව යනු කුමක්ද? යේසුස් වහන්සේ එකම අවස්ථාවේදී දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා ලෙසට ඉදිරිපත් වන්නේ කෙසේද?

පිළිතුර


උපභවනීය එකතුව යන්න දෙවියන් වහන්සේ වන පුත්‍රවූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් වෙසක් ගෙන, තවමත් සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේවද පැවතීම කෙසේ සිදුවන්නක්ද යන්න පැහැදිලි කිරීම හඳුන්වන ක්‍රම වේ. යේසුස් වහන්සේ නිතරම දෙවියන් වහන්සේව පැවතුනා (යොහන් 8:58, 10:30), නමුත් යේසුස් වහන්සේ ශරීරයකින් ලොව පහළවීමට මනුෂ්‍යයෙකුගේ ස්වරූපය ගත් සේක (යොහන් 1:14). සාමාන්‍ය මනුෂ්‍යයෙකු ස්වභාවයේ සිට දෙවියන් වහන්සේට එකතුවීම යේසුස් වහන්සේය, දෙවියන් වහන්සේවූ මනුෂ්‍යයා. මෙය උපභවනීය එකතුව වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, එක පුද්ගලයෙක්, සම්පූර්ණ දෙවියන් වහනාසේ හා සම්පූර්ණ මනුෂ්‍යයා.

යේසුස් වහන්සේ ස්වභාවයන් දෙකකි, මනුෂ්‍යය හා දිව්‍යමය, වෙනස් කළ නොහැකි. යේසුස් වහන්සේ සදාකාලයට දෙවියන් වහන්සේ වන මනුෂ්‍යයා ලෙසට සිටි. පුද්ගලිකත්ව දෙකක එකතුවක් එක පුද්ගලයෙකු තුළ. යේසුස් වහන්සේගේ මනුෂ්‍යත්වය හා දේවත්වය මිශ්‍ර නොවේ. නමුත් කසිම වෙන්කර හඳුනා ගැනීමකට ලක් නොවන ලෙස ඒකත්වයකින් පවතී. සමහර අවස්ථාවලදී මිනිසෙකු ලෙසට ඔහුට තිබුනාවූ සීමාවන් අභිබවා නොගියේය (යොහන් 4:6, 19:28) තවත් අවස්ථාවලදී උන් වහන්සේගේ දේවත්වයේ බලය කරණකොටගෙනද ක්‍රියා කළේය (යොහන් 11:43; මතෙව් 14:18-21). මේ යේසුස් වහන්සේගේ ක්‍රියා දෙකම එක පුද්ගලයෙකුගෙන් හට ගත්තකි. යේසුස් වහන්සේට ස්වභාවයන් දෙකක් තිබුණි. නමුත් එක් පුද්ගලත්වයකි.

මේ උපභවනීය එකතුවේ ඇති මූලධර්මයන් උත්සහ කරන්නේ යේසුස් වහන්සේ එකම අවස්ථාවේදී දෙවියන් වහන්සේත් මනුෂ්‍යයාත් වන්නේ කෙසේද කියා පැහැදිලි කිරීමට. එය මූලධර්මානුකුල වූවත් අවසානයේදී අපට එය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට අපහසුය. දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය සම්පූර්ණයෙන් අපට තේරුම් ගැනීමට අපහසුය. අපට ඇති මේ දෘෂ්‍යමාන මනසින් අප අදෘෂ්‍යමාන දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට අනවශ්‍ය උත්සහ නොදැරිය යුතුය. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා එනම් උන් වහන්සේව පිළිසිඳ ගත්තේ ශුද්ධාත්මය කරණකොටගෙනය (ලූක් 1:35). නමුත් ඉන් අදහස් කරන්නෑ යේසුස් වහන්සේට පිළිසිඳ ගැනීමට පෙර පැවැත්මක් තිබුනේ නැත කියා. යේසුස් වහන්සේද සැමවිටම පැවතුනා (යොහන් 8:58, 10:30). යේසුස් වහන්සේ පිළිසිඳ ගත් විට, උන් වහන්සේ දෙවියන් වහන්සේව සිටින අතර මනුෂ්‍යයෙකුද විය (යොහන් 1 :1, 14).

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයකි. යේසුස් වහන්සේ නිතරම දෙවියන් වහන්සේව සිටින ලදි. නමුත් මරියා තුළ පිළිසිඳ ගන්න තෙක් උන් වහන්සේ මනුෂ්‍යයෙක් වුනේ නැත. යේසුස් වහන්සේ මනුෂ්‍යයෙක් වුනේ අපගේ පොරබැදීම් හඳුනා ගැනීම පිණිසය (හෙබ්‍රෙව් 2:17) ඊටත් වඩා උන් වහන්සේට අපගේ පාපයට කුලිය වන මරණය උන් වහන්සේ පිට ගෙන කුරුසිය මත දිවි දීමට හැකි නිසා (පිලිප්පි 2:5-11). සාරාංශයක් ලෙස උපභවනීය එකතුව අපට උගන්වනවා යේසුස් වහන්සේ පූර්ණ මනුෂ්‍යයෙක් හා දෙවියන් වහන්සේ වේ. එසේම ඒ ස්වභාවයන් දෙක තුළ කිසි මිශ්‍රවීමක් හෝ අඩු තක්සේරු කිරීමක් නැත. එසේම උන් වහන්සේ ඒකත්වයේ එකම පුද්ගලයාවේ, සදාකාලයටම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

උපභවනීය එකතුව යනු කුමක්ද? යේසුස් වහන්සේ එකම අවස්ථාවේදී දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා ලෙසට ඉදිරිපත් වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries