settings icon
share icon
ප්‍රශ්නය

නෙපිලිම්?

පිළිතුර


නෙපිලිම්වරු (“වැටුනාවූ අය, පරාජිත”) ඔවුන් හට ගන්නේ උත්පත්ති 6:1-4 හී සඳහන් දේව පුත්‍රයෝ හා මනුෂ්‍යය දූවරු අතර හටගත් ලිංගික සබධතාව හේතුවෙනි. “දේව පුත්‍රයෝ” යන්න තෝරාගෙන හඳුනා ගැනීම පිළිබඳව තර්ක තිබේ. එය අපගේ කෝණයෙන් බලන කල “දේව පුත්‍රයෝ” යන්න වැටුනාවූ දූතයන් (යක්‍ෂයන්) මනුෂ්‍යය ස්ත්‍රීන් සමග ලිංගිකව සම්බන්ධ උනා හෝ මනුෂ්‍යයන් තුළට ඇතුල්වී ඒ පිරිමි ස්ත්‍රීන් සමග සබඳවීම හෝ සිදුවීම. මෙහි ප්‍රතිඵලය නෙපිලිම් (යෝධයෝ) බිහිවීමයි, ඔවුන්ගේ පරම්පරාව “පුරාණයේ සිටි කීර්තිමත් බලසම්පන්න මනුෂ්‍යයෝ විය” (උත්පත්ති 6:4).

යක්‍ෂයන් එවැනි දේ කළේ ඇයි? බයිබලයේ අපට විශේෂිත පිළිතුරක් නොදේ. යක්‍ෂයන් නපුරුයි, වියවුල් සත්වයෝ-ඉතින් ඔවුන් කරන දේවල් තුලින් අපව පුදුම කළ යුතු නැත. පැහැදිලි හැඟීමක් ලෙස, එය වටහා ගැනීමට යක්‍ෂයන්ට අවශ්‍යව තිබුනේ මනුෂ්‍යය ලේ අපිරිසිදු කිරීමටයි. එමගින් මෙසියස් වහන්සේගේ යේසුස් වහන්සේගේ පැමිණීම අඩාල කිරීමට, දෙවියන් වහන්සේ පොරොන්දු උනා මෙසියස් වහන්සේ ඒවගේ පරම්පරාවෙන් පැවත එන බව (උත්පත්ති 3:15) උන් වහන්සේ විසින් සර්පයා, සාතන්ගේ හිස පොඩි කරයි. එමනිසා, යක්‍ෂයන් එය වැළකීමට මිනිස් ලේ අපවිත්‍ර කරන්ට ඇත. එමගින් පාපය රහිත මෙසියස් වහන්සේට දවසක ඉපදීමට නොහැකි වීමට. නැවත, මෙය බයිබලානුකුල පිළිතුරක් නොවේ. එය විය හැකි අතර එහි බයිබලයට පටහැනි දෙයක් නොඋගන්වන නිසාවෙන්.

නෙපිලිම්වරු නම් කුමක්ද? පුරාවෘත්ත වලට අනුව හා හීබ්‍රෑ භාෂාවට දක්‍ෂයින්ට අනුව (ඊනොක්ගේ හා අනෙක් බයිබලයට අමතර ලියවිලි) බොහෝ දක්‍ෂයින් මහත් නපුරු ක්‍රියා කාරකම් කලේය. ඔවුන්ගේ විශේෂ ප්‍රමාණය හා බලය පැමිණියේ යක්‍ෂයාගේ (ඩි එන් ඒ / ජාන) හා මිනිස් ජාන සමග. ඔවුන් ගැන බයිබලයේ පවසන එකම දෙය “පුරාණයේ සිටි කීර්තිමත් බලසම්පන්න මනුෂ්‍යයෝ” (උත්පත්ති 6:4). නෙපිලිම්වරු පරදේශියෙක් නොව, ඔවුන් සාමාන්‍ය පුද්ගලයින් දේව පුත්‍රයන් හා මනුෂ්‍යය දූවරුන්ගේ එකතුවේ ප්‍රතිඵලයක් ලෙසට බිහිවුන (උත්පත්ති 6:1-4).

නෙපිලිම්වරුන්ට කුමක් සිදුවීද? නෝවාගේ කාලයේ මහත් ජල ගැල්මට එක් හේතුවකි මේ නෙපිලිම්වරු. නෙපිලිවරුන් ගැන සඳහන් කිරීමත් සමග, දේව වචනය අපට මෙසේ පවසයි “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමින් වහන්සේ දුටු සේක. තවද ස්වාමින් වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූ සේක. ස්වාමින් වහන්සේ මා විසින් මවන ලද මනුෂ්‍යයා භුමිය මතුපිටින් නැතිකර දමන්නෙමි, මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගා යන සත්වයන්ද ආකාශයේ පක්‍ෂීන්ද නැතිකර දමන්නෙමි, මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක” (උත්පත්ති 6:5-7). එමනිසා දෙවියන් වහන්සේ මුළු ලෝකය ගංවතුරෙන් විනාශකර, සියලුම දේවල් හා මිනිසුන් (නෙපිලිම්වරු ඇතුලුව) නොවා හා ඔහුගේ පවුල හා නැවේ සිටි සතුන් හැර (උත්පත්ති 6:11-22).

ජලගැල්මට පසුව නෙපිලිම්වරු සිටියේද? උත්පත්ති 6:4 අපට පවසනවා “ඒ දවස්වල යොධයෝ (නෙපිලිවරු) පොළොවේ සිටියෝය. ඉන් පසුත් එනම් යක්‍ෂයන් නැවත නැවත ජලගැල්මට පසුවත් ඔවුන්ගේ පාප ක්‍රියාව කලඹවයි. කෙසේ වෙතත්, නමුත් එය ජලගැල්මට පෙර තිබුන තත්වයට වඩා අඩුවෙන් විය. ඊශ්‍රයෙල්වරු කානාන් දේශය ගැන ඔත්තු බලා ඇවිත් මෝසෙස්ට පවසනවා “එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළගැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය” (ගණන් කථාව 13:33). දැන් මේ කොටස් වල නෙපිලිම්වරු සිටියා යැයි නොපවසයි. ඔත්තුකාරයෝ සිතුවේ ඔවුන් නෙපිලිම්වරුන්ව දුටු බවයි. ඒ ඔත්තුකාරයෝ සාක්‍ෂිදැරුවේ මහ විශාල මිනිසුන් කානාන් දේශයේ සිටි බවත් එය වැරදියට විශ්වාස කරා. නෙපිලිම්වරු කියා. හෝ ජලගැල්මට පසුව යක්‍ෂයින් නැවත මනුෂ්‍යය දූවරුන් සමග සම්බන්ධ වීමක් වී තවත් නෙපිලිම්වරුන්ව උපද්දවන්න ඇත. තත්වය කුමක් ඌවත් “යෝධයෝ” විනාශ කරන ලදි. ඊශ්‍රායෙල්වරුන් විසින් (යොෂුවා 11:21-22) ඊට පසු ඔවුන්ගේ ඉතිහාසයේ (ද්විතිය කථාව 3:11; 1සාමුවෙල් 17).

අදටත් නෙපිලිම්වරුව යක්‍ෂයන් බිහිකිරීමෙන් වලක්වන්නේ කුමක්ද? පෙර යක්‍ෂයන් කල එවැනි ක්රිකයා වන්ට (මනුෂ්‍යය ස්ත්‍රීන් සමග සයනයට) උන් වහන්සේ අවසාන තිත තබා ඇතැයි හැඟේ. යූද් 6 අපට පවසනවා “තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත් හැරියාවූ දේවදූතයන්ද උන් වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට සදාකාල බැදුම්වලින් බැඳ තැබූ සේක.” මෙයින් තවත් යක්‍ෂයින් එවැනි ක්‍රියා කිරීමෙන් වලකී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නෙපිලිම්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries