settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගය කුමක්ද?

පිළිතුර


ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගය නම් ශුද්ධ බයිබලය හා සම්බන්ධ රෝම වරුන්ගේ කෘති වල ඇති ශුභාරංචි පද බෙදා ගැනීමයි. එය සරල එහෙත් ප්‍රබල ක්‍රමයක් තේරුම් කර දීමට ඇයි අපට අපට ගැලවීම අවශ්‍ය බව, කෙසේද දෙවියන් වහන්සේ ගැලවීම සැලසුවේ, කොහොමද අපි ගැලවීම ලබා ගන්නේ සහ ගැලවීමේ ප්‍රතිඵල මොනවාද?

ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගයේ පළමු පදය නම් රෝම 3 : 23 “සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති”. අපි සියලු දෙනම පව්කලෙමු. අපි සියලු දෙනම දෙවියන් වහන්සේ අසතුටු දේවල් කර ඇත්තෙමු. නිර්දෝෂ කිසිම කෙනෙක් නැත. රෝම 3 : 10-18 විස්තර කරනවා පාපය අපගේ ජීවිත වලට මොන වගේද බලපාන්නේ කියා. ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගයේ දෙවැනි ශුද්ධ ලියවිල්ල, රෝම 6 : 23 අපට උගන්වනවා පාපයේ ප්‍රතිවිපාක ගැන “පාපයේ කුලී නම් මරණයයි නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්චාමිවූ යේසුස් ක්‍රිස්තුස් තුළ සදාකාල ජීවනයය”. අපගේ පාප වලට අපිම සපයාගෙන තියන දඬුවම නම් මරණයයි. කායික (ශාරරීක) මරණයක් නෙමේ, නමුත් සදාකාලික (නිත්‍ය) මරණයයි!

ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගයේ තුන්වැනි පදයේ සඳහන් වැදගත් කොටස නම් රෝම 6 : 23 “නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය”. රෝම 5 : 8 ප්‍රකාශ කරනවා “නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය”. යේසුස් ක්‍රිස්තුස් මැරුණේ අප නිසයි! යේසුස්ගේ මරණය අපේ පාපවලට කුලිය ගෙවීමක් උනා. යේසුස් මළවුන්ගෙන් නැගිටීම තුළින් ඔප්පු කලා දෙවියන් වහන්සේ යේසුස්ගේ මරණය අපේ පාප වලට ගෙවීමක් චශයෙන් බාර ගත් බව.

ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගයේ සතරවැනි නැවතුම නම් රෝම 10 : 9 “කුමක් හෙයින්ද යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයයි නු‍ෙඕ මුඛයෙන් ප්‍රකාග කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගලවනු ලබන්නෙහිය”. යේසුස්ගේ මරණය අප වෙනුවෙන් හේතු කොට ගෙන, අපට කරන්නට අවශ්‍ය වන්නේ උන් වහන්සේ තුළ විශ්වාසය තැබීමයි, අපේ පාප වලට ගාස්තුව උන් වහන්සේගේ මරණය බව විශ්වාස කිරීමෙන්-අප ගලවනු ලැබේ! රෝම 10 : 13 නැවත පවසනවා “මක්නිසාද ස්වාමීන් වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නමුත් ගළවනු ලබන්නේය”. යේසුස් මැරුණේ අපේ පාප වලට කුලිය ගෙවීමට සහ අපව සදාකාල මරණයෙන් මුදවා ගැනීමටයි. යමෙක් යේසුස් ක්‍රිස්තුස්ව ඔවුන්ගේ ස්වාමියා (අධිපතියා) සහ ගැලවුමිකාරයා හැටියට විශ්වාසය තැබුවොත් ගැලවීම සහ පාප වලට ක්ෂමාව ලැබිය හැක.

ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගයේ අවසාන දර්ශනය (ලක්ෂනය) නම් ගැලවීමේ ප්‍රතිඵලයයි. රෝම 5 : 1 ආශ්චර්යමත් පණිවිඩය, “එබැවින් අපි ඇදැහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ, අපේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු”. යේසුස් ක්‍රිස්තුස් තුළින් අපට දෙවියන් වහන්සේ සමඟ සාමයේ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකිවේ. රෝම 8 : 1 අපට උගන්වනවා, “එහෙයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට අන් දඬුවමට පත් කිර්මක් නැත”. යේසුස්ගේ මරණය අප වෙනුවෙන් හේතු කොට ගෙන, අපේ පාප වලට දඬුවම් නියම නැත. අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ අනර්ඝ පොරොන්දුව නම් රෝම 8 : 38-39 “මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම් වලටවත්, දැන් පවතින දේවලටවත් මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි”.

ඔබ ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගය අනුගමනය කිරීමට කැමතිද? එසේ නම් දෙවියන් වහන්සේට බැගෑපත් ලෙස යදින්න මෙන්න සරළ යාව්ඤාවක්. මෙම යාව්ඤාව කීමෙන් ඔබ දෙවියන් වහන්සේට ප්‍රකාශ කරනවා ඔබගේ ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස් තුළ විශ්වාසය තබන බව. මෙම වචන කී පමණින් ඔබට ගැලව්ම ගෙන දෙන්නේ නැත. යේසුස් ක්‍රිස්තුස් තුළ ඇදැහිල්ලෙන් පමණක් ගැලවීම ඇත.

ශුද්ධ දෙවියන් වහන්ස, ඔබට විරුද්ධව මා පව්කල බවද, එයට මා දඬුවම් ලැබිය යුතු බවද දනිමි. එහෙත් යේසුස් ක්‍රිස්තුස් මාගේ පාපය දරාගෙන ඇදැහිල්ල කරණකොටගෙන මට සමාව ලැබී තිබේ. ඔබගේ අනුග්‍රහයෙන්, මාගේ පාපයන්ගෙන් හැරී ගැලවීම කෙරෙහි විශ්වාසය තබමි. ඔබ වහන්සේගේ ඉමහත්වූ කරුණාවට හා සමාව දීමට ස්තුතියි. එමෙන්ම ඔබගේ අනර්ඝවූ දීමනාව වන සාදාකාලික ජීවනයටද ස්තුතියි! ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීමට රෝම වාසීන්ගේ මාර්ගය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries