settings icon
share icon
ප්‍රශ්නය

දස පණත නම් කුමක්ද?

පිළිතුර


දස පණත නම් මිසරයේ සිට නික්මයාමට ස්වල්ප කාලයකට පසු දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට දුන් පණත් දහයයි. දස පණත නම් පරණ ගිවිසුමේ නීති 613 හි ආඥාවන්හි සාරාංශයයි. පළමු පණත් හතර කටයුතු කරන්නේ දෙවියන් වහන්සේ හා අප අතර ඇති සම්බන්ධතාවය ගැන. අවසාන අඥා (පණත්) හය කටයුත: කරන්නේ අපගේ අන් අය සමග ඇති සම්බන්ධතාවයයි. දස පණත ගැන වාර්තා කරන්නේ බයිබලයේ නික්මයාම 20:1-17 හා ද්විතීය කථාව 5:6-21.

1) “මා හැර අන් දෙවිවරුන් නුඹට නැත.” මෙම ආඥාව නම් සත්‍යවූ දෙවියන් වහන්සේට අමතරව වෙන දෙවි වරුන් නම දීමට එරෙහිවයි. අන් සියලු දෙවි වරුන් ව්‍යාජවේ.

2) “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහි වත් පොළොවෙන් උඩ ජලයෙහි වත් තිබෙන කිසිම දෙයක සමානත්වයකට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්‍යභක්ති නොඉවසන්නාවූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවි කෙනෙකි.” මෙම ආඥාව රූප නමස්කාරයට එරෙහිව දෙවියන් වහන්සේව පෙන්නුම් කිරීමට ඉදිරිපත් කිරීමක්. දෙවියන් වහන්සේගේ ස්වරූපය යැයි කියා රූපගත කිරීමට අපහසුය. දෙවියන් වහන්සේව රූපයට තෑනීමම ව්‍යාජ දෙවි නමස්කාරයක්ම වේ.

3) “තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුනේ ව්‍යවහාර නොකරව, මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ගේ නාමය නිකරණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නා සේක.” මෙය දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීමට එරෙහිවයි. දෙවියන් වහන්සේගේ නාමය සුළු කොට සැලකීම අප නොකල යුතු දෙයකි. අපි දෙවියන් වහන්සේට දෙන ගෞරවය පෙන්වීමට ඇති ක්‍රම නම් ගෞරවනීය ආමන්ත්‍රණ ක්‍රම භාවිතයෙකි.

4) “සබත් දවස ශුද්ධ කොට පවත්වන්ට සිහිකර ගනුව, හය දවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත් වෙනි දවස තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තාවත් තමාගේ පුත්‍රයාවත් තමාගේ දුවවත් තමාගේ වැඩකාරයාවත් තමාගේ වැඩකාරිවත් තමාගේ සිවුපාවෝවත් තමාගේ දොරටු ඇතුලත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොලොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් හය දවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත් සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට ඒ දවස ශුද්ධ කළ සේක.” මෙම ආඥාව නම් සබත් දවස වෙන්කර තබා ගැනීමටයි (සෙනසුරාදා සතියේ අවසාන දවස) විවේකයෙහි දවස දෙවියන් වහන්සේට කැප කරපු.

5) “තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගේ මවටත් ගෞරව කරව.” මෙම ආඥාව දෙමව්පියන්ට ගෞරවයෙන් සැලකීමටයි.

6) “මිනී නොමරව.” මෙය තවත් මනුෂ්‍යයෙකු මැරීමට එරෙහිවයි.

7) “කාමමිථ්‍යාචාරය නොකරව.” තමාගේ සහකරු / සහකාරියට අමතර ලිංගික සම්බන්ධතාවයක් තිබීමට එරෙහිව කථා කරයි.

8) “සොරකම් නොකරව” තමන්ට අයිති නොවන දෙයක් අර ගැනීමට එරෙහිව අඥාවයි. එය අයිතිකාරයාගේ අවසරයකින් තොරව.

9) “තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්‍ෂි නොකියව.” මෙය තවත් කෙනෙකු ගැන බොරු සාක්‍ෂි පැවසීමට එරෙහිවයි. මෙය බොරු කීමට එරෙහිව ආඥාවයි.

10) “තාගේ අසල්වැසියාගේ ගෙට ආශා නොවව, තාගේ අසල් වැසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩ කරුවාටවත් ඔහුගේ වැඩ කාරියටවත්, ඔහුගේ ගවයාටවත්, ඔහුගේ කොටළුවාටවත් තාගේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවව.” තමන්ට අයිති නැති දෙයකට ආශාවීමට එරෙහිව ආඥාවයි. මෙම තෘෂ්ණාව හේතුවෙන් ඉහත සඳහන් ආඥා සියල්ලන් කැඩේ. මිනීමැරීම, කාමමිථ්‍යාචාර හා සොරකම. යමක් කිරීම වැරදි නම්, එම දේ කිරීමට ආශාවීමද වැරදි වේ.

බොහෝ අය දස පණත නීති දහයක් (10 ක්) ලෙස වැරදියට වටහා ගනී. ඒවා නම්, එය පැවැත්වීමෙන් මරණයින් පසු ස්වර්ගය නියතයි. එයට විරුද්ධව, දස පනතේ අරමුණ මිනිසුන් තේරුම් ගත යුතුය සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට කීකරුවීමට ඔවුනට අපහසු බවයි (රෝම 7:7-11), එම නිසා දෙවියන් වහන්සේගේ කරුණාව හා දයාව අවශ්‍යවේ. තරුණ නායකයාගේ ප්‍රකාශයට විරුද්ධව මතෙව් 19:16 හී සඳහන්, කිසිවකුට සම්පූර්ණයෙන්ම දස පණතට කීකරුවිය නොහැක (දේශනාකාරායා 7:20). දස පණත ප්‍රකාශ කරන (ඉදිරිපත් කරන) දෙය නම් අපි සියලු දෙනාම පව් කර ඇති බවයි (රෝම 3:23) එමනිසා දෙවියන් වහන්සේගේ කරුණාව හා දයාව අවශ්‍ය බවත්, ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන පමණක් ලැබෙන.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දස පණත නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries