settings icon
share icon
ප්‍රශ්නය

සම්පූර්ණ සත්‍ය / විශ්වීය සත්‍ය එවැනි දෙයක් තිබේද?

පිළිතුර


අපි සත්‍ය අර්ථ දැක්වීමෙන් ආරම්භ කළ යුතුය, සත්‍ය, ශබ්දකෝෂයට අනුව එය ඇත්ත හෝ සැබෑව සහතික කිරීමකි. ප්‍රකාශනය ඔප්පු කිරීමක් හෝ සත්‍ය ලෙසට පිළිගැනීම සමහරු පවසනවා සත්‍ය ඇත්තටම පැවැත්මක් නැත. එය දැනීම හා අභිප්‍රායන් තවත් සමහරු තර්ක කරනවා යම්කිසි සම්පූර්ණ සත්‍ය හෝ සත්‍ය ඇති බවට.

එක් කෝනයකින් පවසනවා සම්පූර්ණ සත්‍යයක් නැති බව. මෙම මතය දරණ අය විශ්වාස කරනා දෙය නම් සියලු දේ යම්කිසි වෙනත් දෙයක්ට සම්බන්ධය. එමෙන්ම නිශ්චිත සත්‍යතාවයක් නැත. එම හේතුව නිසා සදාචාර සම්පූර්ණත්වයක් නැත. එමෙන්ම යම් ක්‍රියාවක් සුභවාදීද අසුභවාදීද යන්න තීරණය කිරීමට ආදිපත්‍යයක්ද නැත. හරිද වැරදිද තීරණ කිරීමටත් මේ අදහස මග පෙන්වන්නේ “අවස්ථානුකුල ආචාර ධර්ම (ශීලධර්ම)” එහි විශ්වාසය නම් තත්වය අනුව තමයි හරි වැරුද්ද තීරණය වන්නේ යන්නයි. හරි හෝ වැරදි යන්නක් නැත. එමනිසා එම සිදුවීම තුළ හරි යැයි හැඟෙන දෙය හරි. නියත වශයෙන්ම අවස්ථානුකුල ආචාර ධර්ම (ශීලධර්ම) මග පෙන්වනවා අධ්‍යාත්මිකත්වයට. යහපත් යැයි හැඟෙන ඕනම දෙයක් මානසික හා ජීවනරටාව විනාශයක් ගෙන දෙනවා සමාජයට හා එක එක්කෙනාට. පසු නූතන අදහස, සමාජයට මවා පානවා සියළු අගයන් විශ්වාසයන්, ජීවනරටාවන් හා සත්‍යයන් සමාන අගයක් ප්‍රකාශ කරන බව.

අනෙක් අදහස දරන්නේ අනිවාර්යයෙන්ම නියත සත්‍යයන් හා නියමයන් හරි (සත්‍ය) හෝ අසත්‍ය කුමක් දැයි තේරුම් කරයි. එම නිසා ක්‍රියාවන් ස්තීරවම හරි කුමක්ද වැරදි කුමක්ද යන්න ස්තීවරම පෙන්වන්නේ කෙසේද නම් නියත නියමයන් සසඳා බැලීමෙනි. නියත දේවල් නොවේ නම්, සත්‍යයන් නැති නම්, අවුල් සහගත ප්‍රතිඵල බැරෑරුම්කමේ නීතිය ගනී. උදාහරණයක් වශයෙන් යමක් නියත නොවේ නම් අපට නිශ්චිතත්වයක් ඇති කර ගැනීමට බැරි වන අතර අප එක් ස්ධානයක හිට ගැනීම හෝ ඉඳ ගැනීමට හැකිද යන්න අපි ඉදිරියට යාමට තීරණය කරන කම්, හෝ දෙක එකතු කිරීම දෙක නිතර සමානයි හතර නොවේ. ශිෂ්ටාචාරයේ බලපෑම විනාශදායි වේ. විද්‍යාවේ නීතිය හා හෞතික විද්‍යාව අදාල නොවේ හා වානිජය නොහැකි වේ. එය කෙතරම් වියවුලක් ඇති කරයිද ස්තුතිවන්තව, දෙක එකතු කිරීම දෙක හතර වේ. එතන නියත සත්‍යවේ, එමෙන්ම එය සොයා තේරුම් ගත හැකි වේ.

නියත සත්‍ය නැතැයි පැවසීම තර්කානුකුල නොවේ. ඔව්, අද, බොහෝ මනුෂ්‍යයන් සංස්කෘතික සම්බන්ධතාවය වැළඳගෙන සිටියි. එය නියතවූ ඕනෑම සත්‍යයක් පිළිනොගනී. “නියත සත්‍යයක්” නැතැයි පවසන මනුෂ්‍යයන්ගෙන් ඇසිය යුතු යහපත් ප්‍රශ්නය නම් එය පිළිබඳව ඔබට නියත වශයෙන්ම ස්තීරද? ඔවුන් “ඔව්” යැයි පැවසුවත් ඔවුන් නියත තත්වය පිළිබඳව බැරෑරුම් (පැවැත්ම පිළිබඳව) විශාලවූ බැරෑරුම් ඉදිරිපත් කිරීමක්ය ඔවුන් කරන්නේ. ඔවුන් නියත තත්වයක් නැතැයි පැවසීම එකම සත්‍ය නැතැයි කීම වේ.

පරස්පර විරෝධතාවය පසෙකින් ඇති ප්‍රශ්නය නම්, බොහෝ තර්කානුකුල ප්‍රශ්න බොහෝමයක් එකක් ජය ගත යුතුය විශ්වාස කිරීමට නිතය විශ්වීය සත්‍යයන් නැති බවට. එකක් සියලු මනුෂ්‍යයන්ට සීමාවූ දැනුමක් හා සීමිත මනසක් හා එසේම, තර්කානුකුලව අසුභවාදි ප්‍රකාශන පැවසිය නොහැක. මනුෂ්‍යයෙකුට තර්කකානුකුලව පැවසිය නොහැක “දෙවි කෙනෙක් නැත” (සමහරු එසේ පැවසුවත්) මුළු විශ්මයම ආරම්භයේ සිට අවසානය දක්වා. එය නොහැකි නිසා, ඕනෑම කෙනෙකුට තර්කානුකුලව පැවසිය හැක “මට ඇති සීමාවූ දැනුම සමග මම විශ්වාස නොකරමි දෙවි කෙනෙක් ඉන්න බවට.”

නියත සත්‍ය / විශ්වීය සත්‍ය නැතැයි පැවසීමේදී තවත් ප්‍රශ්නයක් නම් අපගේ හෘදසාක්‍ෂියට හරි යැයි හැඟෙන දෙයට අනුව ජීවත්වීමට අපහසුවීම අපගේ පුද්ගලික අත් දැකීම, සැබෑ ලෝකයේ අපි දකින දේවල් නියත සත්‍ය යැයි කිසිවක් නැත, එසේ නම් කිසිම දෙයක් හරි වැරුද්දක් නැත. “හරි” විය හැකි දේ ඔබ එසේ නොසිතන නිසා “නිවැරදි යැයි” මට. මෙම සම්බන්ධයේ තත්වය සිත් ඇදගත් හා සුළු වේ. එය හඟවන දෙය නම් සෑම කෙනෙකුම ඔහුට ආවේනිකවූ නීති සාදා ගන්නවා, එමෙන්ම ඔහුට හරි යැයි සිතන දෙය කරනවා. වැලකිය නොහැකි, කෙනෙකුට හරි යැයි සිතන දෙය අනෙකුට එසේ නොවේ. එය “නිවැරදි” නම් කුමක් සිදු වේද? මාර්ග උපදේශ විදුලි බල්බ (ට්‍රැෆික් ලයිට්) වලට අවනත නොවී යාම. එය රතු පාට දල්වා තිබෙන වියදීත්? මා බොහෝ ජීවිත ප්‍රශ්නයට දමයි. හෝ මම සිතයි ඔබෙන් මා සොරා ගැනීම හරි කියා. ඒ වගේම ඔබ සිතයි එය වැරදි කියා පැහැදිලිව, අපි හරි වැරදි යැයි සිතන දේවල් විරුද්ධ විය හැක. නියතවූ සත්‍යයක් නැති නම්, අප ගණන් දිය යුතු හරි වැරුද්දක් නැත. එසේ නම් අපි කිසි දෙයක් පිළිබඳව නිසැක විය නොහැක. මිනිසුන්ට නිදහස තිබේ ඔවුන් සිතන ඕනම දෙයක් කරයි. මිනීමැරීම, දූෂණය, සොරකම, බොරුව, වංචාව තවත් එමෙන් කිසිවකු එම දේවල් වැරදි යැයි නොපවසයි. රජයක් (ආණ්ඩුවක්) නැත, නීතියක් නැත, සාධාරණයක් නැත, මක්නිසාද ඔවුනට පැවසීමටවත් බැහැ මනුෂ්‍යයන් විශාල ප්‍රමාණයක් කුඩා ප්‍රමාණයකට බලපෑම් ඇති කිරීම අයිතියක් ඇති බවට. නියත දෙයක් නැති ලෝකය ගැන සිතන කොටත් අප්‍රසන්නම එක වේ.

ආත්මික මට්ටමෙන් බැලූවිට, මෙවැනි සම්බන්ධතාවයන් වල ප්‍රතිඵලය ආගමික වියවුලක් වේ. එකතු සත්‍ය ආගමක් නැත එමෙන්ම දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයක් නැත.සියලුම ආගම් බොරු බවට පත්වේ මන්ද ඒවා සියල්ලක්ම පසු ජීවිතය ගැන පවසයි. ඉතා සාමාන්‍ය දෙයක් නම් අත්‍යන්තයෙන් විරුද්ධ ආගම් දෙකක් සමානව “සත්‍ය” විය හැක. එම ආගම් දෙකම ස්වර්ගයට යාමේ එකම මාර්ගයක් පැවසුවත් හෝ එකිනෙකාට විරුද්ධ අදහස් පැවසුවත් “සත්‍ය” පිළිබඳව. නියත සත්‍ය ගැන විශ්වාස නොකරන මිනිසුන් එය මග හැර විශ්වීය අදහසක් වන සියලු ආගම් සමාන හා ස්වර්ගයට මාර්ගය පාදයි යන අදහස වැළඳ ගනී. මෙම ලෝක මතය පිලිගන්නා මිනිසුන් බලගතු ලෙස ශුභාරංචිය ගෙන යන බයිබලය විශ්වාස කරන කිතුනුවන්ට බලපෑමක් ඇති කරයි. මන්ද එහි යේසුස් වහන්සේ “මාර්ගය හා සත්‍ය හා ජීවනය” යැයි පවසන විටත් සත්‍යයේ මූලාරම්භය උන් වහන්සේ බවත් ස්වර්ගයට එකම මාර්ගය උන් වහන්සේ බවත්ය (යොහන් 14:6).

මතයන්ට ඉඩ දීම නවීන සමාජයේ ප්‍රධාන බලය වේ. නියත දෙය හා එසේම, ඉඩ නොදීම, පාපයක් සේද වේ. කිසියම් ශීක්‍ෂණීය විශ්වාසයන් විශේෂයෙන් නියත සත්‍ය පිළිබඳව විශ්වාස කිරීමක් මතයන්ට ඉඩ නොදීමක් ලෙස වේ. අවසානයේ පාපයයි. නියත සත්‍ය නැතැයි පවසන අය ඔබට අවශ්‍ය දෙය විශ්වාස කිරීම නිවැරදි බව පවසයි. ඔබගේ විශ්වාසය අන් දේවල් මත නොතබන තාක් කල්. නමුත් මෙම මතයන් නිවැරදි හා වැරදි යන්න විශ්වාස කිරීමකි. මෙම මතය දරණ අය එය අන් අයටත් ඇති කිරීමටත් උත්සහ කරයි. ඔවුන් ක්‍රියා කලාපයන් හදාගන්නවා අන් අය අනුගමනය කළ යුතු. එය ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් ප්‍රකාශ කරන දෙය උසුලන්නේ විරුද්ධත්වයක්. එවැනි විශ්වාසයක් දරණ අය ඔවුන්ගේ ක්‍රියාවට ගණන් දීමට අකමැතිය. නියත සත්‍යයක් තිබෙනවා නම් හරි වැරදි යන තත්වයක් ඇත. එමෙන්ම එම තත්වයන්ට අපි ගණන් දිය යුතුය. මෙම ගණන් දීම මනුෂ්‍යයන් එපා කරන දෙයයි. ඔවුන් නියත සත්‍ය එපා කරන විට.

නියත සත්‍ය නැතැයි පැවසීම / විශ්වීය සත්‍ය නැතැයි පැවසීම හා සංස්කෘතික සම්බන්ධතාවය පිළිබඳ තර්කානුකුල ප්‍රතිඵලය. පරිනාමය විශ්වාස කරන සමාජයක ජීවිතය පිළිබඳ තේරුම් කර දීමක් මෙන් සාමාන්‍යයෙන් පරිනාමය නිවැරදි නම්, එසේ නම් ජීවිතයට අර්ථයක් නැත, අපට හේතුවක් නැත. එසේම නියත සත්‍ය හෝ අසත්‍යයක් නැත (හරි / වැරුද්දක්). මිනිසා තමාට අවශ්‍ය ලෙස ජීවත්වේ. එමෙන්ම කිසි කෙනෙකුට ගණන් දීමක් නැත. දෙවියන් වහන්සේව එපා කිරීම කෙතරම් වැරදි උනත් සත්‍ය එපා කිරීමත්, ඔවුන් උන් වහන්සේ ඉදිරියේ දවසක විනිශ්චයට සිට ගනී, බයිබලය පවසනවා. “මක්නිසාද දෙවියන් වහන්සේ ගැන දැන ගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ, කුමක් හෙයින්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළ සේක. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවන ලද දේ වලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය, එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති. මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේ ඇඳින ගතත් උන් වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතකීර්වලින් නිරර්ථක බවට පැමුණුණේය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරු විය. තුමූම ප්‍රඥාවන්තයෝ යයි කියමින් ඔව්හූ අඥානයෝ වේ” (රෝම 1:19-22).

නියත සත්‍යයේ පැවැත්මට සාක්‍ෂි තිබේද? ඔව්, පළමුව, මනුෂ්‍යයාගේ හෘදසාක්‍ෂිය, එය “සමහර දේ” අප තුළ පවසනවා ලෝකය එක් ආකාරයකට තිබිය යතුය යන්න. ඒ සමහර දේ හරි තවත් සමහර දේ වැරදියි. අපගේ හෘදසාක්‍ෂිය අපට පවසනවා යම් ප්‍රශ්නයක් තිබෙනවා දුක් විඳීමේදී, කුසගින්නේ, දූෂණයේ, වේදනාව හා නපුර එමෙන්ම එය අපට හඟවනවා ප්‍රේමය, කරුණාවන්තකම, අනුකම්පාව හා සමාදානය යන දේවල් අප හඹා යා යුතුය. මෙට විශ්වීය ලෙස සත්‍යයක් සියලුම සංස්කෘතිකවලට හා කාල වලට. බයිබලයේ මිනිසාගේ හ්‍යදසාක්‍ෂිය පිළිබඳව විස්තර කරයි රෝම 2:14-16 හී “මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව, ව්‍යවස්ථාව පවත් වන්නෝ ධර්මිෂ්ඨකොට ගණන් ගනු ලබන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල; ඔව්හූ ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති, කෙසේද? ඔවුන්ගේ හෘදසාක්‍ෂිය සාක්‍ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත් වල ලියන ලදැයි ඔව්හූ දක්වති.”

නියත සත්‍ය පිළිබඳ දෙවන සාධකය නම් විද්‍යාවයි. විද්‍යාව නම් දැනුම ලහුබැඳ යාමයි, අපි දන්නා දේ ඉගෙන ගැනීම හා තවත් දැන ගැනීමේ ආශාව. එම නිසා සියලු විද්‍යාත්මක ඉගැන්වීම් සොයා ගන්නේ සැබෑ තත්වයන් පිළිබඳ සාධක පිළිබඳව සොයා ගැනීම හා ඔප්පු කිරීමේ අවශ්‍යතාවයි. කිසි නියත තත්වයක් නොමැතිව, එහි ඉගෙන ගැනීමට තවත් ඇත්තේ කුමක්ද? විද්‍යාවෙන් සොයා ගන්නා දේවල් සත්‍ය බව අපි දන්නේ කෙසේද? විද්‍යාවේ නීතිද සොයා ගනු ලබන්නේද නියත සත්‍යයේ පැවැත්ම නිසා.

නියත සත්‍ය පිළිබඳව පැවැත්මේ තුන්වන සාදකය / විශ්වීය සත්‍ය නම් ආගමයි. සියලු ආගම් ලෝකයේ උත්සහ දරන්නේ ජීවිතයට තේරුමක් හා විග්‍රහයයි. එවා උපදී ඇත්තේ පැවැත්මට වඩා වැඩි ආශාවක් මිනිසා තුළ ඉපදීමත්. ආගම් තුළින්, මනුෂ්‍යයන් දෙවියන් වහන්සේව සොයනවා. අනාගතය පිළිබඳව, පාපයට සමාවදීම, අමාරුකම මධ්‍යයේ සමාදානය හා ගැඹුරු ප්‍රශ්න වලට පිළිතුරු. ආගම සැබෑවූ සාධකයක් නම් මිනිසා සතුන්ට වඩා වැදගත් බවට. එය උසස් හේතුවක් හා පුද්ගලික හා අදහසක් ඇති. මැවුම්කාරයා මිනිසා තුළ උන් වහන්සේව දැනගැනීමේ ආශාව ඇතුල් කරයි. සැබැවින්ම මැවුම්කාරයෙක් සිටිනවා නම් උන් වහන්සේ නියත සත්‍යයේ අඩිතාලම වේ. එමෙන්ම උන් වහන්සේගේ ආධිපත්‍යයයි නියත සත්‍ය වැඩි දියුණු කිරීම.

වාසනාවට, එවැනි මැවුම්කාරයෙකු සිටිති, එමෙන්ම උන් වහන්සේගේ වචනයෙන් උන් වහන්සේගේ සත්‍ය එළිදරව් කරයි. බයිබලය, නියත සත්‍ය දැන ගැනීම / විශ්වීය සත්‍ය හැකි වන්නේ පුද්ගලික සම්බන්ධතාවය තබා ගැනීමෙන් නියත සත්‍ය වන යේසුස් වහන්සේ තුළ. යේසුස් වහන්සේ එකම මාර්ගය ලෙසට ප්‍රකාශ කරයි. එකම සත්‍ය, එකම ජීවනය හා දෙවියන් වහන්සේ වෙතට එකම මාර්ගය (යොහන් 14:6). නියත සත්‍යයේ පැවැත්මේ අපව සත්‍ය දෙසට යොමු කරයි. සර්වබලධාරි දෙවි කෙනෙක් සිටිනවා ස්වර්ගය හා පොළොව මැවූ හා තමන්ම එළිදරව් කර ඇත. අපට උන් වහන්සේව පුද්ගලිකව දැන ගැනීම උන් වහන්සේගේ පුත්‍රයා කරණකොට. එය නියත සත්‍යයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සම්පූර්ණ සත්‍ය / විශ්වීය සත්‍ය එවැනි දෙයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries