settings icon
share icon
ප්‍රශ්නය

වගකිව යුතු භාවයේ වැදගත්කම පිළිබදව දේව වචනය කුමක් ප්‍රකාශ කරයිද?

පිළිතුර


වර්තමාන ලෝකයේ දැනටමත් බොහෝ බොහෝ පෙළඹවීම් තිබෙන අතර එය තව තවත් උපදවීමට සාතන් අතිකාලව ක්‍රියා කරනු ලබයි. මෙවන් පෙළඹවීමේ කාරණා තිබියදීත් ඒ ගැන නොසළකා බොහෝ කිතුණුවන් වගකිව යුතු භාවයේ හවුල්කරුවන් සොයනු ලබන්නේ ආත්මික සටන්කාමිත්වය තුළින් පැමිණෙන බර ඉසිලීමේ කොටස්කරුවකු වීමට උපකාර කිරීමට මෙන්ම යාච්ඤා කිරීමටය. අප පරීක්ෂාවන්ට මුහුණ දෙන අවස්ථාවන්හී අපට බලාපොරොත්තු තැබිය හැකි සහෝදරයෙකු හෝ සහෝදරියකු සිටීම යහපත්ය. බෙත්ශෙබා හා සමග කාමමිථ්‍යාචාරය කිරීමට දාවිත් රජුව සාතන් පෙළඹවු සවස් කාලයෙහි ඔහු තනිව සිටියේය. (2 සාමුවෙල් 11) දේව වචනයෙහි සදහන් කරන ආකාරයට අප සටන් කරන්නේ මාංශයට විරුද්ධව නොව අන්ධකාරයේ ලෝක මුලෑදෑනීන්ටත් ස්වර්ගීක ස්ථානවල සිටින දුෂ්ඨකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. (එපීස 6:12)

අන්ධකාරයේ ලෝක මුලෑදෑනීන්ට විරුද්ධව සටනක් අපට තිබෙන බව අප දන්නා හෙයින් අප හැකිතාක් අප අවට උපකාර රැස් කරගත යුතු අතර මේ සටනෙහි අපව ධෛර්මත් කළ හැකි ඇදහිලිවන්තයකුට අප වගකිව යුතු වීම අන්තර්ගත කරගත යුතුවේ. පාවුළු තුමා අපට පවසන්නේ මෙම සටන කිරීම පිණිස දෙවියන්වහන්සේ අපට සපයන්නාවූ සෑම බලයකින්ම අප සන්නද්ධ වී සිටිය යුතු බවය. “එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සමිපූර්ණ කරගන ස්ථිරව සිටින්ටත් පුළුවන් වන පිණිසත් දෙවියන්වහන්සේගේ සියළු යුද්ධායුද අරගනිල්ලා.” (එපිස 6:13) පරීක්ෂාව පැමිණෙන බව අප කිසිඳු සැකයක් නොමැතිව දනිමුව. අප එයට සූදානම් වී සිටිය යුතුවෙමු.

සාතන් අපගේ දුර්වලතාවයන් දන්නා අතර අප අප පෙළඹවිම් වලට භාජනය විය හැකි අවස්ථා පිළිබදවද ඔහු දනියි. වෙනත් කෙනෙකු සමහර විට මීට වඩා තේරුම් ගෙන අනුකම්පා දක්වයි යන හැගීමෙන් පසුවෙමින් විවාහක යුවලක් දබර අවස්ථාද ඔහු දනියි. දරුවකු දෙමව්පියන් මගින් දඩුවම් ලබා කොහොන් වූ හැගීමකින් සිටින අවස්ථාවද ඔහු දනියි. රැකියා ස්ථානයේ කර්තවයන් නිසි අන්දමින් ඉටු නොවන අවස්ථාද එමෙන්ම නිවසට යන අතරතුර බීම හලට යන ආකාරයද දනියි. අපට උපකාර සොයා ගත හැක්කේ කොහේද? දෙවියන්වහන්සේගේ දෑස් හමූහයේ අපට නිවැරදි දේ කිරීමට අවශ්‍යය වූවත් අප දුර්වලතාවයෙන් පසුවෙමු. අප කුමක් කරමුද?

හිතෝපදේශ 27:17 හි ප්‍රකාශ වන්නේ “කඩින් යකඩ මුවහත්වේ. එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත් කරයි.” මිත්‍රයකුගේ මුහුණ ධෛර්මත්භාවයේ හෝ සදාචාරාත්මක උපකාරයේ බැල්මක් හෝ උච්චාරණයක්වේ. ඔබගේ දුක් සැප බැලීමට අවසාන වරට ඔබට මිතුරකු ඇමතුවේ කෙදිනද? අවසාන වරට ඔබ මිතුරකු අමතා ඔබ හා යමක් බෙදාගැනීමට අවශ්‍යය දැයි ඇසුවේ කවදාද? සාතන් හා සටන් කිරීමේදි සමහර විට නැතිවූ අමුද්‍රව්‍ය වන්නේ මිතුරකුගෙන් ලැබෙන ධෛර්මත්භාවය හෝ සදාචාරාත්මක උපකාරයවේ. එකිනෙකාට වගකිවයුතුභාවයෙන් කටයුතු කිරීම තුළින් මෙම නැතිවූ අමුද්‍රව්‍ය සපයා ගත හැක.

හෙබ්‍රව් පොතේ කර්තෘ එය සාරාංශගත කරමින් පැවසුවේ “තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකානෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත්නෑර ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු.” (හෙබ්‍රව් 10:24–25) ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකිනෙකට සම්බන්ධ වී ඇති අතර එකිනෙකාව ගොඩ නැගීමේ වගකීම අප සතුවේ. යාකොබ් වගකිවයුතුභාව පිළිබදව අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ “එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤා කරපල්ලා. ධර්මිෂ්ඨ මනුෂ්‍යයකු ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත්දේ ඉෂ්ටවේ.” (යාකොබ් 5:16)

පාපයෙන් ජය ගැනීම නමැති සටනටද වගකිවයුතුභාවය උපකාරවේ. වගකිව යුතු භාවයේ හවුල්කරුවකු ඔබව ධෛර්මත් කිරීමල තරවටු කිරීම, ඉගැන්වීම, ප්‍රීතිමත්වීමට සහ ඔබ හා සමග වැළපීමටද සිටිය හැක. සෑම කිතුණුවකුම තමා සමග යාච්ඤා කිරීමට, කථාබස් කිරීමට, රහස්‍යයභාවය රැකීමට සහ පව් කියා දීමට වගකිව යුතු භාවයේ හවුල්කරුවකු ඇතුව සිටීමට සැලකිය යුතුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වගකිව යුතු භාවයේ වැදගත්කම පිළිබදව දේව වචනය කුමක් ප්‍රකාශ කරයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries