settings icon
share icon
ප්‍රශ්නය

දරුකමට හදා ගැනීම පිළිබඳව දේව වචනය කුමක් පවසයිද?

පිළිතුර


දරුකමට හදා ගැනීම සඳහා දරුවන්ව නිදහස් කිරීම දෙමව්පියන්ට ස්නේහවන්ත විකල්පයක් වනුයේ විවිධ හේතුන් කරණකොටගෙන තම දරුවන්ව රැකබලාගැනීමට ඇති නොහැකියාව නිසාවෙනි. තමාටම දරුවන් බිහි කිරීමට නොහැකි බොහෝ යුවලන්ගේ යාච්ඤාවට මෙය පිළිතුරක් විය හැක. සමහරුන්ට දරුකමට හදා ගැනීම ඔවුන් දෙමව්පියන් ලෙස ඇති බලපෑම තවත් වැඩි කිරීමට මෙන්ම තම ජෛවයෙන් බිහි නොවුනාවූ දරුවන්ගෙන් සිය පව්ල ප්‍රසාරණය කිරීමට ඇති කැඳවීමක් ලෙස සැලකේ. ශුද්ධ ලියවිල්ල මුළුල්ලෙහිම “දරුකමට හදා ගැනීම” පිළිබඳව සතුටුදායක ලෙස කථා කරනු ලබයි.

සියළුම හෙබ්‍රෙව් ජාතික පිරිමි දරුවන් මරණයට පත් කිරීමට ඵාරාවෝ විසින් නියෝග කෙට තිබූ වකවානුවක ජොචෙබෙද් නම් හෙබ්‍රෙව් ජාතික කාන්තාව විසින් පුත්‍රයකු බිහි කිරීමේ කථාන්තරය නික්මයාම පොතෙහි සඳහන් කරනු ලබයි (නික්මයාම 1:15-22). ජොචෙබෙද් කුඩයක් ගෙන එය ජල වාරණය කොට බිළිඳාව කුඩය තුළ බහා ගං පහළට යවනු ලැබීය. ඵාරාවෝගේ දියණියක් කුඩය දැක එය ගොඩට ගෙන දරුවාව බේරා ගත්තාය. අවසානයේදී ඇය ඔහුව රාජකීය පවුල තුළ දරුකමට හදා ගෙන ඔහුට මෝසෙස් යනුවෙන් නම් කරනු ලැබීය. ඔහු දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත වූත් ආශීර්වාද ලත් වූත් සේවක‍යෙක් බවට පත් විය (නික්මයාම 2:1-10).

එස්තර් පොතෙහි, එස්තර් නම්වූ රූප සම්පන්න දැරියගේ දෙමවිපියන්ගේ වියෝවෙන් අනතුරුව ඇයගේ ඥාතියෙකු විසින් ඇයව දරුකමට හදා ගනු ලැබූ අතර ඇය රැජිණක් බවට පත්වී දෙවියන් වහන්සේ විසින් ඇයව යුදෙව් ජනතාව නිදහස් කරගනු වස් යොදා ගනු ලැබීය. නව ගිවිසුමට අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිසිඳ ගනු ලැබුවේ මිනිසකුගේ බීජයක් තුළින් නොව ශුද්ධාත්මාණුභාවය කරණකොටගෙනය (මතෙව් 1:18). උන් වහන්සේව දරුකමට හදා ඔසවනු ලැබුවේ, යේසුස් වහන්සේ තමාගේම දරුවා ලෙස සැළකු එතුමන්ගේ මවගේ ස්වාමිපුරුෂයා වන යෝසෙප් විසින්ය.

අප විසින් ක්‍රිස්තුස් වහන්සේට අපගේ හදවත් එතුමන්ගේ ගැලවීම කෙරෙහි විශ්වාසයෙන් හා ඇදහිල්ලෙන් භාර දුන් කළ, අප උන් වහන්සේගේ පවුලේ කොටසක් වන බව දෙවියන් වහන්සේ පවසන්නේ-අප එසේ වන්නේ ස්වභාවික මිනිස් පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලියකින් නොව “දරුකමට හදා ගැනීමක්” තුළින්ය. “මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය (දරුකමට හදා ගැනීම) ලබා ගත්ත හුය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමුව” (රෝම 8:15). එලෙසම යම් පුද්ගලයෙකු දරුකමට හදා ගැනීමක් තුළින් පවුලකට ඇතුළත් කර ගනු ලබන්නේ අභිමතයක් සහ සෙනෙහසක් කරණකොටගෙනය. “උන් වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන් තුළ අපට නොමිලේ දුන්නාවූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීම ටඅප පෙර නියම කළ සේක” (එපීස 1:5). ක්‍රිස්තුස් වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නාවූ අය උන් වහන්සේගේ අධ්‍යාත්මික පවුලේ දරුකමට හදා ගනු ලබන්නා සේම අපද අපගේ පවුල් වලට දරුවන් දරුකමට හදා ගැනීමට යාච්ඤාවෙන් යුක්තව සමාලෝචනව කළ යුතුවේ.

පැහැදිලිවම, දරුකමට හදා ගැනීම-භෙෘතික සහ ආත්මික යන දෙආකාර අරුතෙන්ම ගතහොත් ශුද්ධ ලියවිල්ලට අනුව සතුටුදායක දෘෂ්ඨියක් ගනියි. දරුකමට හදා ගන්නාවුත් දරුකමට හදා ගනු ලබන්නාවුත් යන දෙකොටසම අති විශාල ආශීර්වාදයක් ලබන්නේ දෙවියන් වහන්සේගේ පවුලේ දරුකමට හදා ගැනීම නමැති වරප්‍රසාදය උදාහරණයක් කොට ගැනීමෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දරුකමට හදා ගැනීම පිළිබඳව දේව වචනය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries