දෙවියන් වහන්සේ සාතන් හා ඔහුගේ දූතයන්ට පව් කිරීමට ඉඩ හැරියේ මන්ද?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ සාතන් හා ඔහුගේ දූතයන්ට පව් කිරීමට ඉඩ හැරියේ මන්ද?

පිළිතුර:
මනුෂ්‍ය වර්ගයා හා දේවදූතයන් යන දෙවර්ගයටම, දෙවියන් වහන්සේ තෝරා ගැනීමක් දුන්හ. බයිබලයේ වැටුනාවූ සාතන් හා වැටුනාවූ දූතයන් පිළිබඳව බොහෝ තොරතුරු නොදෙන අතර, දක්නට ලැබෙන දෙයක් නම් සාතන් බොහෝවිට සියලු දූතයන්ට වඩා බලවත්වූ කෙනා බවට (එසකියෙල් 28:12-18)-උඩඟුකම හේතුවෙන් දෙවියන් වහන්සේට විරුද්ධවී තමා තමාගේ දෙවියා වීමට සෙවීම. සාතන් (ලුසිෆර්) දෙවියන් වහන්සේට නමස්කාර හෝ කීකරු වීමට කැමති නොවීය. ඔහුට අවශ්‍ය වුනේ දෙවියන් වීමටයි (යෙසායා 14:12-14). එළිදරව් 12:4 හී තේරෙන දෙය නම් සාතන් සමග එකඟව තුනෙන් එකක් දූතයන් දෙවියන් වහන්සේට විරුද්ධව සිටීමට තෝරා ගත් අතර ඔවුන් වැටුනාවූ දූතයන් යක්‍ෂයන් වේ.

මනුෂ්‍ය වර්ගයාට වඩා වෙනස් කෙසේ වෙතත්, දේවදූතයන් දෙවියන් වහන්සේට විශ්වාස වන්තව සිටිනවාද නැති නම් සාතන්ව අනුගමනය කරනවාද යන තීරණය සදාකාලික තීරණයක් වේ. බයිබලයේ කිසිම අවස්ථාවක වැටුනාවූ දූතයන්ට කිසිම අවස්ථාවක් හැරීමට දෙන බවට සඳහන් නොකරයි. එසේම තවත් පව් කිරීමටද දේවදූතයන්ට හැකියාව ඇති බවද සඳහන් නොකරයි. දෙවියන් වහන්සේට විශ්වාස වන්තව ඉතිරිව සිටින දේවදූතයන් “තෝරාගත් දූතයන්”යැයි අමතයි (1 තිමෝති 5:21). සාතන් හා වැටුනාවූ දූතයන් දැන සිටියා දෙවියන් වහන්සේගේ සියලු මහිමය. ඔවුනට දෙවියන් වහන්සේට විරුද්ධවීමට, දෙවියන් වහන්සේ පිළිබඳව දැන සිටියා අභිබවා, එය වඩාත්ම පාපයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, දෙවියන් වහන්සේ සාතන්ට හා වැටුනාවූ දූතයන්ට පසු තැවීමට අවස්ථාව නොදේ ඉදිරියටත්, බයිබලයේ අපට කිසිම හෝඩුවාවක් දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ අවස්ථාවක් සාතන් හා ඔහුගේ දූතයන් පසු තැවේ යන්න පිළිබඳව (1 පේත්‍රැස් 5:8). දෙවියන් වහන්සේ ආදම් හා ඒවට දුන් තෝරා ගැනීමේ අවස්ථාව සාතන් හා ඔහුගේ දූතයන්ට දුන්හ. උන් වහන්සේට කීකරුවීම හෝ නොවීම. දේවදූතයන්ට නිදහස් කැමැත්තක් තෝරා ගැනීමට තිබුනි. දෙවියන් වහන්සේ කිසිම දූතයෙකුට පව් කිරීමට බල කිරීමක් හෝ දිරි ගැන්වීමක් කළේ නැත. සාතන් හා ඔහුගේ දූතයන් පව් කලේ ඔවුන්ගේම කැමැත්තෙන්. එම හේතුවෙන් දෙවියන් වහන්සේගේ උදහසේ ගිනි විලට සුදුස්සෝ විය.

දෙවියන් වහන්සේ දේවදූතයන්ට මේ තෝරා ගැනීම දුන්නේ ඇයි? එහි ප්‍රතිඵලය කුමක්ද කියා උන් වහන්සේ දැන සිටි අතර දෙවියන් වහන්සේ දැන සිටියා දූතයන්ගෙන් තුනෙන් එකක් විරුද්ධව සිට සදාකාල ගිනි විලට යන බවට. එසේම උන් වහන්සේ දැන සිටියා සාතන් ඉන් ඉදිරියට මිනිසුන්වද පරික්‍ෂාවට දමා පාපයට පොළඹවන බවට. එසේ දෙවියන් එයට ඉඩ හැරියේ ඇයි? බයිබලය මේ ප්‍රශ්නයට පිළිතුරු නොදෙයි. සෑම නපුරු ක්‍රියාවක් පිළිඹඳව ඒ ප්‍රශ්නය ඇසිය හැකිය. ඇයි දෙවියන් වහන්සේ එයට ඉඩ හැරියේ? අවසානයේදී, එය නැවතත් මුළු මැවිල්ලට දෙවියන් වහන්සේගේ ඇති ආධිපත්‍ය කරා පැමිණේ. ගීතිකාකරු අපට පවසනවා “දෙවියන් වහන්සේගේ මාර්ගය සම්පූර්ණය” (ගීතාවලිය 18:30). දෙවියන් වහන්සේගේ මාර්ග “සම්පූර්ණ නම්” අපට විශ්වාසය තැබිය හැකිය උන් වහන්සේ කරන හා ඉඩ හරින දේවල් කුමක් වූවත් ඒවා සම්පූර්ණ බවට. අපගේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ පූර්ණ සැලැස්ම නම් පාපයට ඉඩ හැරීමටද? අපගේ මනස දෙවියන් වහන්සේගේ මනස නොව, අපගේ මාර්ගද උන් වහන්සේගේ නොව, උන් වහන්සේ අපට යෙසායා 55:8-9 හී අපට මතක් කර දෙන ලෙසට.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ සාතන් හා ඔහුගේ දූතයන්ට පව් කිරීමට ඉඩ හැරියේ මන්ද?