දෙවියන් වහන්සේ පරණ ගිවිසුම් යුගයේ සත්ව පූජාවන් බලාපොරොත්තු වූයේ ඇයි?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ පරණ ගිවිසුම් යුගයේ සත්ව පූජාවන් බලාපොරොත්තු වූයේ ඇයි?

පිළිතුර:
දෙවියන් වහන්සේ සත්ව පූජාවෙන් බලාපොරොත්තු වූයේ පාපයට තාවකාලික සමාවක් හා ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ හා අනර්ග පූජාවට ලකුණක් සැපයිමට (ලෙවි කථාව 4:35, 5:10). සත්ව පූජාව ලියවිල්ල පුරාවටම ඉතා වැදගත් ස්ථානයක් ගනී මන්ද “ලේ වැගිරීමක්ද නැතුව ක්‍ෂමා කිරීමකුත් නැත” (හෙබ්‍රෙව් 9:22). ආදම් සහ ඒව පව් කළ විට, දෙවියන් වහන්සේ විසින්ම සත්වයන් මරණ ලදි ඔවුනට ඇඳුම් ලබා දෙන පිණිස (උත්පත්ති 3:21). කායින් සහ ආබෙල් දෙවියන් වහන්සේ වෙතට පූජාවන් ගෙනෙන ලදි. කායින් පළතුරු ගෙනා නිසා ඔහුගේ පූජාව පිළි නොගන්නා ලදි, ආබෙල්ගේ පූජාව පිළිගනු ලැබුවා මන්ද ඔහු ඔහුගේ “රැළේ කුළුදුලන්” ගෙනා නිසා (උත්පත්ති 4:4-5). ජල ගැලීමෙන් පසුව, නෝවාද දෙවියන් වහන්සේට සතුන් පූජා කරන ලදි (උත්පත්ති 8:20-21).

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගට පවසන ලද දෙය නම් නොයෙක් ආකාර පූජාවන් ඒ ඒ ක්‍රමයන්ට ආවේනිකව දෙවියන් වහන්සේ පවසන ලෙසට ඉටු කිරීමයි. පළමුව, සත්වයා කැළලක් නැති විය යුතුය. දෙවනුව, පූජාව ඔප්පු කරන තැනැත්තා සත්වයා සමග පෙනිසිටිය / හඳුන්වාදිය යුතුය. තෙවනුව, පූජාව ඔප්පු කරන්නා ඒ මත මරණය සිදුවන බව සිතිය යුතුය. ඇදහිල්ලෙන් එය කළ විට ඒ පූජාවෙන් පව් සමාව ලැබේ. සමාවදීමේ දවසට ආවේනිකවූ තවත් පූජාවක් පිළිබඳව සඳහන් වෙනවා ලෙවී කථාව 16, ඉන් සමාවදීම හා පාපයෙන් ගැලවීම ඉන් ලැබේ, උත්තම පූජකයා විසින් පිරිමි එළුවන් දෙදෙනෙකු මෙම පාප පූජාවට ගත යුතුය. ඉන් එක් එළුවකු ඊශ්‍රායෙල් සෙනගගේ පාප උදෙසා කළ යුතුය (ලෙවී කථාව 16:15), අනෙකා වනාන්තරයට මුදවා හැරිය යුතුද වේ (ලෙවී කථාව 16:20-22). පාප පූජාවෙන් සමාව ලබා දේ, එසේම අනෙක් එළුවා විසින් පාපය ගලවා හැරීම / මිදීම පිළිබ්ඹු කරයි.

ඇයි, ඊට පසු, අපි තව දුරටත් අද සතුන් පූජා නොකරන්නේ? සත්ව පූජාව අවසන් උනා මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ හා එකම පූජාව වූ නිසා. යොහන් බව්තිස්ත එය තේරුම් ගත්තා යේසුස් වහන්සේ බවිතිස්මය ලැබීමට එනවිට ඔහු පැවසුවා “අන්න, ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණෝ!” (යොහන් 1:29). ඔබ ඔබගෙන් මේ ප්‍රශ්නය අසන්ට ඉඩ ඇත, ඇයි සතුන්? ඔවුන් කළ වැරුද්ද කුමක්ද? එයයි කාරණාව-සතුන් වැරදි කර නැත, පූජාව ඔප්පු කරන කෙනා වෙනුවෙන් ඒ සතා තමාව පූජා කරයි. යේසුස් වහන්සේද පාපයක් කළේ නැත නමුත් ස්වකැමැත්තෙන්ම මිනිස් සංහතියේ පාපය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා (1 තිමෝති 2:6). යේසුස් වහන්සේ අපගේ පාපය උන් වහන්සේගේ කරපිට ගෙන අප වෙනුවෙනුවට මරණයද වින්දා. 2 කොරින්ති 5:21 පවසන පරිදි “අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක.” යේසුස් වහන්සේ කුරුසියේ සම්පූර්ණ කළ දෙය ඇදහිල්ලෙන් සිටීම තුළින්, අපගේ පාපයට සමාව ලබා ගැනීමට හැකිවේ.

සාරාංශය ලෙස, සත්ව පූජාව දෙවියන් වහන්සේ ඇති කර ඇත්තේ එකිනෙකාට තම පව් සමාව අත් දැකීමට හැකිවන ලෙසටයි. සත්වයා තව කෙනෙකු වෙනුවෙන් පෙනී සිටින්නා වේ. එනම් තවත් පව් කරුවකුගේ ස්ථානයේ ඒ සතා මැරී මිය යෑම, නමුත් එය තාවකාලිකයි, ඒ නිසයි පූජාව දිගින් දිගටම කළ යුතුව තිබුණේ. සත්ව පූජාවන් යේසුස් වහන්සේ සමගම නතර විය. යේසුස් වහන්සේ එකම සම්පූර්ණ හිලව්ව වුනා මුළු ජීවිත කාලයටම (හෙබ්‍රෙව් 7:27) එසේම දැන් එකම මැදහත්කාරයා දෙවියන් වහන්සේ හා මනුෂ්‍යවර්ගයා අතර (1 තිමෝති 2:5). සත්ව පූජාව යේසුස් වහන්සේ අප වෙනුවෙන් කරන්ට යන පූජාව පිළිබ්ඹු කළා. සත්ව පූජාවෙන් ගෙනදුන් පව් සමාව ගෙන දීමට හැකිවූ එකම මාර්ගය නම් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේව අපගේ පාපයන්ට පූජා කිරීමෙනි. සත්ව පූජාවෙන් ලැබෙන සමාව ඉදිරියේදී සිදුවන්නක් පිළිබ්ඹු කිරීමක් පමණි.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ පරණ ගිවිසුම් යුගයේ සත්ව පූජාවන් බලාපොරොත්තු වූයේ ඇයි?