settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවකු විෂාදනාශකයන් හෝ අනෙකුත් මානසික සෞඛ්‍යය සදහා ඖෂධ භාවිතා කළ යුතුද?

පිළිතුර


සංත්‍රාස රෝග වැළදීම්, උද්වේගශීලී ආබාධයන්, භීතිකාවන් සහ විෂාදයන් දස ලක්ෂ ගණනින් ජනතාවට බලපෑම් ඇති කරයි. ඉහත කී රෝගයන්හී මූලාරම්භය වන්නේ යම් කෙනෙකුගේ මනස ඇතුලත බවත්, එයට හේතු කාරක වන්නේ රසායනික විසංතුලනයක් ඇති වන අවස්ථාවන්ය- නැතහොත් මනස ඇතුලත ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එය රසායනික විසංතුලනයකට දායකවී එම ගැටළුව චිරස්ථායි කිරීමය. එයට හේතුව මෙය නම් සෑමවිටම බෙහෙත් නිර්දේශ කරනු ලබන්නේ එම විසංතුලනය ප්‍රතිකූල කොට පිළිවෙලින් මානසික රෝගයන්හී රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනු ලැබේ. මෙය පාපයක්ද? නැත. දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට වෛද්‍ය විද්‍යාව පිළිබදව දැනුම වර්ධනය කර ගැනීමට ඉඩ දී ඇති අතරම උන්වහන්සේ විසින් සුව කිරිමේ ක්‍රියාවලිය තුළ නිතරම භාවිතා කරනු ලබන සේක. දෙවියන් වහන්සේට සුව කිරීමට මනුෂ්‍යයා විසින් සාදන ලද බෙහෙත් අවශ්‍යය වේද? කෙසේත්ම නැත. වෛද්‍ය විද්‍යාවේ භාවිතයේ අභිවෘද්ධියට ඉඩ හැරීමට තෝරාගෙන ඇති අතරම එයින් අපට උපකාර නොලබා ගැනීමට බයිබලය හා සම්බන්ධ කිසිඳු හේතුවක් නොමැත.

සුව කිරීමේ ක්‍රියාවලියට බෙහෙත් භාවිතා කිරීම සහ දෛනික ජීවනය සදහා බෙහෙත් මත අඛණ්ඩව රැදී සිටීම අතර පැහැදිලි වෙන් කිරීමක් ඇත. දෙවියන් වහන්සේ මහ බලවත් වෛද්‍යවරයාණන් බව මෙන්ම සත්‍යය වශයෙන්ම සුව කිරීමේ පරම බලය උන්වහන්සේ සතුව ඇති බවට අප විසින් හඳුනා ගත යුතය. (යොහාන් 4:14) මූලික සහ ප්‍රථම වශයෙන් අපගේ සුවය පිණිස දෙවියන් වහන්සේ දෙස නෙත් යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස සංත්‍රාස රෝගයකට ප්‍රතිකාර කිරීමට බෙහෙත් භාවිතා කළ යුත්තේ එම රෝගයෙන් පෙළෙන්නාට චකිතයේ මූල හේතුව පිළිබදව කටයුතු කිරීමට උපකාර වන ප්‍රමාණයට පමණි. එසේ කළ යුත්තේ එම රෝගයෙන් පෙළෙන්නාට එය හසුරුවා ගැනීමට හැකි වනු පිණිසය. කෙසේ නමුත් බොහෝ රෝග වලින් පෙළෙන්නන් බෙහෙත් භාවිතා කරනු ලබන්නේ ඔවුන්ගේ රෝගයේ සැබෑ තත්වය සමග කටයුතු කිරීම මග හරවා ගැනීම පිණිසය, මෙතුලින් වගකීම් ප්‍රතික්ෂේප කිරීම, දෙවියන්වහන්සේගේ සුවය ප්‍රතික්ෂේප කිරීම සහ කෙසේත්ම පව් කමාවේ නිදහස්කම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම එම රෝගයට දායක වන්නාවූ අතීත සිදුවීමක් වසා දමනවා විය හැක. එසේ නම් මෙය පාපය බවට පත්වේ, මන්දයත් එය පදනම් වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය මත නිසාය.

රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සදමා සීමාසහිත පදනමකට බෙහෙත් ගැනීමෙන්, එසේම කෙනෙකුගේ හදවතේ සහ මනසේ පරිවර්තනය අභිනයනය කිරීම සදහා දේව වචනය සහ ප්‍රවන්ත උපදේශක මත රදා පැවැත්ම තුලින් සාමාන්‍යයෙන් බෙහෙත් වලට ඇති අවශ්‍යතාවය කෙමෙන් හීන වී යයි. (සමහර විට පෙනී යන්නේ සමහරුන්ගේ ශරීරයන්ට දිගු කාලීන විෂාදනාශකයන් භාවිතය අවශ්‍යය වන්නේ රෝග ලක්ෂණ අවම කරගනු වස්ය. එසේම ඇතැම් වෙනත් මානසික ආබාධයන් වන ද්වීධ්‍රැව ආබාධය සහ හින්නෝන්මාදය ආදීයට දියවැඩියාවට ඉන්සියුලීන් මෙන් දිගු කාලීන ඖෂධ භාවිතය අවශ්‍යයවේ.) ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයාගේ තත්වය සහතික වන අතර එම රෝගය ඇති කරන්නාවූ හදවතේ සහ මනසේ ගැටළු සහගත පෙදෙස් වලට දෙවියන්වහන්සේ විසින් සුවය ගෙන එනු ලබන සේක. උදාහරණයක් ලෙස උද්වේගය හා සමග කටයුතු කරන විට අපට බිය සහ එයට ඇදහිලිවන්තයකුගේ ජීවිතයේ ඇති ස්ථානය පිළිබදව දේව වචනයේ ප්‍රකාශ වන දේ සොයා බැලිය හැක. පහත සදහන් ශුද්ධ ලියවිලි පාඨයන් කියවීමෙන් සහ භාවන මතෙව් 6:34; කිරීමෙන් සුවයක් ලැබිය හැකි අතරම එතුළින් විශ්වාසය මෙන්ම දේව දරුවකු පරම්පරාගත කරන්නාවූ සත්‍යය ප්‍රදීපනය කොට දක්වයි: හිතෝපදේශ 29:25; යොහාන් 8:32; රෝම 8:28–39; 12:1–2; 1 කොරින්ති10:13; 2 කොරින්ති10:5; පිලිප්පි 4:4–9; කොලොස්සි 3:1–2; 2 තිමොති 1:6–8; හෙබ්‍රව් 13:5–6; යාකොබ් 1:2–4; 1 පේත්‍රැස් 5:7; 2 පේත්‍රැස් 1:3–4; 1යොහාන්1:9; 4:18–19.

දෙවියන්වහන්සේට අධිස්වභාවිකව සහ ආශ්චර්යමත් ලෙස සුව කළ හැක. අප එය එසේ වීමට යාච්ඤා කළ යුතුවෙමු. දෙවියන්වහන්සේ වෛද්‍යවරුන් සහ බෙහෙත් තුළින්ද සුව කරන සේක. අප එය එසේ වීමටද යාච්ඤා කළ යුතුවෙමු. දෙවියන්වහන්සේ කුමන දිශාවට ගමන් කරතත් අපගේ අවසාන විශ්වාසය එතුමන් තුළ පමණක් රදා පැවතිය යුතුය. (මතෙව් 9:22).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවකු විෂාදනාශකයන් හෝ අනෙකුත් මානසික සෞඛ්‍යය සදහා ඖෂධ භාවිතා කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries