කිතුනුවන් තමන්ගේ පාපයන් වලට නිතර සමාව ඉල්ලා ගෙන සිටිය යුතුද?




ප්‍රශ්නය: කිතුනුවන් තමන්ගේ පාපයන් වලට නිතර සමාව ඉල්ලා ගෙන සිටිය යුතුද?

පිළිතුර:
නිතර පැන නැගෙන ප්‍රශ්නයකි “මම පව් කළහොත් අපට කුමක් සිදුවේවිද? ඒ පාපය ගැන සමාව අය දීමට. අවස්ථාවක් ලැබුණේ නැති නම්?” තවත් සාමාන්‍ය ප්‍රශ්නයක් නමි “මම පාපයක් කර ඊට පසු එය අමතක කර ඒ පිළිබඳව දෙවියන් වහන්සේගෙන් සමාවක් ලබා ගැනීමට අතපසු වුවහොත් කුමක් සිදුවේවිද?” මේ ප්‍රශ්න දෙකම වැරදි ගණනකට වැටේ. ගැලවීම නම් ඇදහිලිවන්තයා සෑම පාපයකටම සමාව හා පසුතැවීම ලබා ගත යුතුමයි. ඔහු මැරෙන්නට පෙර කියා නොව. ඔව්, අප පාපයක් කර ඇතැයි දැන ගත් විගසම අපි දෙවියන් වහන්සේගෙන් සමාව ලබා ගත යුතුවේ. කෙසේවෙතත් අප නිතරම දෙවියන් වහන්සේගෙන් සමාව ඇයද සිටිය යුතු නැත. අපි අපගේ ඇදහිල්ල යේසුස් වහන්සේ මත තැබූ කළ අපගේ ගැලවීම වෙනුවෙන් අපගේ පාප සියල්ලන්ටම සමාව ලැබේ. අතීතයේ පාප සඳහාත් එය අඩංගුය. වර්ථමාන හා අනාගත පාප සඳහාද වලංගුය ලොකු හෝ කුඩා. ඇදහිලිවන්තයන්ට තමාගේ පාපයන්ට සමාව ලබා ගැනීමට නිතර සමාව ඉල්ලිය යුතු නැත. යේසුස් වහන්සේ මැරුණේ අපගේ සියලු පාපවලට වන්දිය ගෙවීමටය. ඔවුනට සමාව ලැබුණ පසු සියලු දෙනම සමාව ලබා ඇත (කොලොස්සි 1:14; ක්‍රියා 10:43).

අප කළ යුතුව ඇත්තේ අපගේ පාපය ගැන පාපෝච්චාරණය කිරීමය: අපගේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක (1 යොහන් 1:9). මේ පදයෙහි අපට කරන්නට පවසන්නේ අපගේ “පාපය කියා දෙන්න” දෙවියන් වහන්සේට. “පසුතැවීම / කියාදීම” යන වචනයෙහි තේරුම “එකඟවීම” අපි අපගේ පාපය දෙවියන් වහන්සේට කියා දෙමු නම් අප දෙවියන් වහන්සේ සමග එකඟවනවා අප වැරදි යන්න ගැනත් අප පව් කර ඇති බවටත්. දෙවියන් වහන්සේ අපට සමාව දෙනවා, පසුතැවීම කරණකොටගෙන එය දිගටම පවතින්නකි මන්ද උන් වහන්සේ “විශ්වාසවන්ත හා ධර්මිෂ්ඨ” නිසා. දෙවියන් වහන්සේ කෙසේද? “විශ්වාසවන්ත හා ධර්මිෂ්ඨ” උන් වහන්සේ අපට සමාව දීම තුළින් විශ්වාස වන්තයි. ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කරුවා ලෙසට පිළිගන්නා සැමට උන් වහන්සේ කිරීමට පොරොන්දුවූ ලෙස, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ මිලය අපගේ පාපයට අදාල හිලව් කිරීම පමණක් කරයි. පාපයට පව් කමාව අවශ්‍ය බව තේරුම් ගෙන.

එම අවස්ථවේදී 1යොහන් 1:9 සඳහන් වන පරිදි සමාව රඳා පවතින්නේ අපගේ පාප දෙවියන් වහන්සේට කියාදීම / පසුතැවීම තුළ කියා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරුවා ලෙසට අපි පිළිගත් මොහොතේ අපගේ පාපයට සමාව ලැබුණා නම් මෙය කෙසේ සිදුවිය හැකිද? අපෝස්තුලු යොහන් මෙහි විස්තර කරනා දෙය නම් “සම්බන්ධවූ“ පසුතැවීම ගැනය. අපගේ සියලු පාපවලට සමාව දී ඇත. “පිළිගැනීම” අප ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් මොහොතේම. පිළිගැනීම මත පදනම්වූ සමාව අපට ගැලවීම හා ස්වර්ගයේ සදාකාල නිවස පිළිබඳව පොරොන්දුවේ. අපි මරණයෙන් පසු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින කල්හි අපගේ පාප නිසා අපව ස්වර්ගයට ඇතුල්වීමෙන් වලක්වන්නේ නැත. දෙවියන් වහන්සේගේ එය පුද්ගලික සමාවයි. “සම්බන්ධ” පාපයන් නම් අපි පාපය කරපු දෙය ගැන අප දෙවියන් වහන්සේව කෝප කරවන හා ශුද්ධාත්මයාණන්ට දුක් දීම (එපීස 4:30). අප කළ පාපයට දෙවියන් වහන්සේ අවසානයේ සමාව දෙන අතර එය තවමත් අපත් දෙවියන් වහන්සේත් අතර ඇති සම්බන්ධතාව පලුදු කරයි. පව්කල තරුණ කොලුවකු තම පව්ලෙන් ඉවතට හෙලණු නොලබයි. ධාර්මික ඇති පියා ඔහුගේ දරුවන්ට කොන්දේසි රහිතව සමාව දෙයි. එම අවස්ථාවේදීම පිය පුතු සමාදානව නැවත සෑදීමකින් තොරව ගොඩනැගිය නොහැක. එය සිදුවන්නේ දරුවා පියාගෙන් පායට සමාව ඇයදීම තුළිනි. එමනිසා තමයි අප දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ පාපය පවසන්නේ-අපගේ ගැලවීම පවත්වා ගැනීමට නොව නමුත් අපට සමාවදී අපට ප්‍රේම කරන පියාණන් හා සමග කිට්ටු සම්බන්ධතාවයකට පැමිණීමටයි.



නැවතත් සිංහල මුල් පිටුවට



කිතුනුවන් තමන්ගේ පාපයන් වලට නිතර සමාව ඉල්ලා ගෙන සිටිය යුතුද?