settings icon
share icon
ප්‍රශ්නය

වරදින් නිදහස්වීමේ හා සම්බන්ධ විවිධ න්‍යායන් මොනවාද?

පිළිතුර


සභා ඉතිහාසය පුරාවටම වරදින් නිදහස්වීම සම්බන්ධව විවිධ දර්ශනයන් ඉදිරිපත්ව තිබූ අතර ඉන් සමහරක් සත්‍ය වූ අතර තවත් සමහරක් අසත්‍ය ඒවා වේ. මෙවැනි වූ විවිධ අදහස් මතුවීමෙහි හේතුවක් වන්නේ පැරණි හා අළුත් ගිවිසුම මගින් විවිධ වූ සත්‍යතා ඉස්මතු කර දක්වන අතර එසේ නැතහොත් වරදින් නිදහස්වීම සඳහා නියමිත අර්ථය ගෙන එන හා එහි නියම සාරය ඉස්මතු කරන කිසිඳු න්‍යායක් සොයා ගැනීමටවත් නොහැකි වනු ඇත. බයිබලය මගින් ක්‍රිස්තුස් වහන්සේ විසින් මිදීම සම්බන්ධයෙන් සම්පූර්ණ කරන ලද දේ ඉතාමත් හොඳින් අධ්‍යයනය කිරීමට වරදින් නිදහස්වීම පිළිබඳව එහි අන්තර්ගතයෙන් දැන ගැනීමට අපට හැකිය.

ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙන්නාවූ වරදින් නිදහස්වීම එහි අරමුණ හා එමගින් ඉටුඋනාවූ දේ ඉතාමත් අනර්ග විෂයක් ලෙස හැඳින්විය හැක. මෙම සටහන මගින් මෙම න්‍යායන් පිළිබඳව කෙටි විග්‍රහයක් ලබා දෙයි. විවිධ වූ වරදින් නිදහස්වීම් දෘෂ්ඨිකෝණයන්ගෙන් බලන කල අප වටහා ගතයුතු කරුණ නම් මනුෂ්‍යයන්ගේ පාපය හා වරදින් නිදහස්වීම සම්බන්ධව ආදේශක ස්වභාවය හරි හැටි වටහා නොගන්නේ නම් එය අසම්පූර්ණ හා මිථ්‍යාග්‍රහී භාවය ඉස්මතු කරනු ලබයි.

සාතන් හට දෙනු ලැබූ වන්දිය (මිදුම් මිලය): මේ මගින් ක්‍රිස්තුස් වහන්සේ විසින් සාතන්ගෙන් මනුෂ්‍යයාගේ නිදහස හා සාතන්ගේ වහල් කමින් මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීමට ගෙවනු ලැබූ මිලය ලෙසට ක්‍රිස්තුස් වහන්සේ වරදින් නිදහස්කරීම දැක්විය හැක. මෙහි පදනම වන්නේ මනුෂ්‍යයාගේ ආත්මිකත්වය සාතන්ගේ බන්ධනයට යටත්වී ඇති බවත්, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මගින් දෙවියන් වහන්සේ සාතන්ට විරුද්ධව ලබා ගත් ජයග්‍රහනය ආරක්‍ෂා කිරීමට ඉවහල් වන බවත්ය. මෙම න්‍යායට ආත්මික සහයෙන් බිඳක් මෙන්ම සභා ඉතිහාසය පුරාවටම විවිධ සහයෝගයන් මේ කෙරෙහි ලැබූ බවයි. වරෙක දෙවියන් වහන්සේට වඩා සාතන් හට පාපය සඳහා මිලය අවශ්‍ය බව ඉස්මතු කර දැක්වීම බයිබලානුකුල නොවන බවයි. එමගින් දේවවචනය තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මුලුමනින්ම නොසලකා හැරීමකට ලක් කරනු ලබයි. මේ මගින් සාතන් පිළිබඳව ඉහළ දෘෂ්ඨියකින් විග්‍රහ කරන අතරම ඔහුව තියෙනවාටත් වඩා බලයක් ඉස්මතු කර දැක්වීම මේ මගින් සිදු කරනු ලබයි. නමුත් සත්‍යතාවය වන්නේ දේවවචනයට අනුව පාපයට මිලය ගෙවිය යුත්තේ දෙවියන් වහන්සේ බවත් සාතන් හට කිසිදු මිලයක් ගෙවිය යුතු නැති අතර ඒ සඳහා දේවවචනය තුලද කිසිදු දෙයක් සඳහන් නොවේ.

පුනරාවර්ජන න්‍යාය: මෙම න්‍යාය ක්‍රිස්තුස් වහන්සේ වරදින් නිදහස් කිරීම මගින් අකීකරුකම කීකරුකමට පරිවර්ථනය කර ඇත. මේ මගින් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මගින් මනුෂ්‍ය ජීවිතය පුනරාවර්ජනය කොට දක්වන අතර, එමගින් ආදම් විසින් සිදු කරනු ලැබූ අකීකරුකමද පරිවර්ථනයට ලක් කරන ලදි. මෙම න්‍යාය දේවවචනයානුකුලව විග්‍රහ කළ නොහැකිය.

නාට්‍යාකාර (චමත්කාරජනක) න්‍යාය: ක්‍රිස්තුස් වහන්සේ‍ෙග් වරදින් නිදහස් කිරීමේ න්‍යාය මගින් ජයග්‍රහණය, හොඳ හා නපුර අතර ඇති සම්බන්ධයක් මගින් ලබා ගැනීමට කටයුතු කරන අතර, එම ජයග්‍රහණය මගින් සාතන්ගේ බැඳුම් වලින් මනුෂ්‍යයා ගලවා ගැනීමට මේ තුලින් සිදුවන බව මෙම න්‍යායේ සාරයයි. යේසුස් වහන්සේගේ මරණයේ තේරුම වන්නේ දෙවියන් වහන්සේ ජයග්‍රහණ සුරක්‍ෂිත කිරීමට හා සාතන්ගේ බාධකයෙන් මනුෂ්‍යයා ගලවා ගැනීමේ මාර්ගයක් සලසා දීමටය.

ගුප්ත න්‍යාය: මෙම න්‍යාය මගින් විස්තර කොට දක්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වරදින් නිදහස් කිරීම යනු ශුද්ධාත්මය කරණකොට ගෙන තමන්ගේම පාපයක් ජයග්‍රහණයක් ලබා ගැනීම බවයි. මෙම මතය පිළිගන්නාවූ අය විශ්වාස කරනු ලබන්නේ මේ තුලින් මනුෂ්‍යයා තුල පවත්නා දේව-දැනීම පුබුදු කිරීමක් වශයෙන්ය. ඔවුන් තව දුරටත් විශ්වාස කරනු ලබන්නේ මනුෂ්‍යයාගේ ආත්මික ස්වභාවයට හේතුව පාපය නොවන බවත්, එයට හේතුවක් වන්නේ “දේව-දැනීම” හීන කමක් බවයි. ඉතාමත් පැහැදිලිවම මෙය බයිබලානුකුල නොවේ. මෙම මතය පිළිගන්නා අයෙකු විසින් විශ්වාස කළ යුතු තවත් කරුණක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල පාප ස්වභාවයක් තිබූ බවයි. නමුත් දේවවචනය තුල ඉතා පැහැදිලිවම කියා සිටින්නේ මක්නිසාද අපට සිටින්නේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෛන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අප වාගේ පරීක්‍ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය (හෙබ්‍රෙව් 4:15) යනුවෙනි.

සදාචාරාත්මක ආභාෂ න්‍යාය: මෙම න්‍යාය මගින් ඉස්මතු කර දක්වන්නේ ක්‍රිස්තුස් වහන්සේ වරදින් නිදහස්වීමේ න්‍යාය යනු දෙවියන් වහන්සේගේ ප්‍රේමය ආදර්ශනය කිරීම තුළින් ඔවුන්ගේ සිත් මෘදු කොට පසුතැවිල්ලක් කරා ගෙන යාමය. මෙම මතය විශ්වාස කරනු ලබන අයගේ මතය වන්නේ මනුෂ්‍යයා ආත්මික රෝගියෙක් බවත් ඔවුන්ට උපකාරය අවශ්‍ය බවත්ය. මේ නිසා ඔවුන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන ගැනීමද ඒ තුලින් දේව කමාව ලබා ගැනීමට ඔවුන්ව පෙළඹවීමක් කරනු ලබන බවයි. ඔවුන්ගේ විශ්වාසය වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුලින් දෙවියන් වහන්සේ තුල මනුෂ්‍යයා කෙරෙහි පවත්නා ප්‍රේමය ඉස්මතු කොට ලබනු බවයි. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මගින් දෙවියන් වහන්සේ තුල මනුෂ්‍යයා කෙ‍ෙරහි පවතින්නාවූ ප්‍රේමය විදහා දැක්වීම සත්‍ය වූවත් මෙම න්‍යාය බයිබලානුකුල නොවන්නේ එමගින් මනුෂ්‍යයාගේ ආත්මික තත්වය ප්‍රතික්ෂේප කරන අතර (එපීස 2:1)-දෙවියන් වහන්සේ හට පාපය සඳහා ගෙවීමක් අවශ්‍ය බව ප්‍රතික්ෂේප කරයි. මෙම න්‍යාය මගින් සත්‍ය පාප පූජාව හා පාපය සඳහා වූ මිලයක් බැහැර දැක්මක් මනුෂ්‍යයාට ලබා දෙනු ඇත.

ආදර්ශ න්‍යාය: මෙම න්‍යාය මගින් ක්‍රිස්තුස් වහන්සේගේ සමගිකම පෙන්වා දෙනු ලබන්නේ විශ්වාසය හා කීකරුකම තුලින් දෙවියන් වහන්සේ හට කීකරුවීමට උදාහරණයක් ලෙසයි. මෙම මතය විශ්වාස කරනු ලබන්නේ මනුෂ්‍යයා ආත්මිකව ප්‍රාණවත්ව සිටින අතර ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය හා සමගිකිරීම විශ්වාසයට හා කීකරුකමට උදාහරණයක් බවත් ඒ තුලින් මනුෂ්‍යයාට හා සමානවූ විශ්වාසවන්ත හා කීකරුකමේ ජීවිතයක් ගත කිරීමට මාර්ගයක් සලසා දීමක් බවයි. මෙම න්‍යායද සදාචාරාත්මක න්‍යාය මෙන්ම දෙවියන් වහන්සේගේ විනිශ්චය සඳහා පාප කුලියක් අවශ්‍ය බවත් එම කුලිය යේසුස් වහන්සේ කුරුසිය මත මරණය තුලින් ගෙවනු ලැබූ බව ප්‍රතික්ෂේප කරයි. සදාචාරාත්මක න්‍යාය හා ආදර්ශ න්‍යායේ පවතින්නාවූ වෙනස්කම වන්නේ සදාචාරාත්මක න්‍යාය මගින් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුල අප කෙරෙහි පවතින ප්‍රේමය පිළිබ්ඹු කරන අතර ආදර්ශන න්‍යාය මගින් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මගින් අප ජීවත්විය යුත්තේ කෙසේද යන වග පෙන්වා දෙයි. නියත වශයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ හා එතුමන්ගේ මරණය යනු අප අනුගමනය කළ යුතු කරුණක් වන නමුත් ආදර්ශන න්‍යාය මගින් මනුෂ්‍යයාගේ ආත්මික තත්වය හා මනුෂ්‍යයා විසින් සම්පූර්ණ කිරීමට නොහැකි වන දෙවියන් වහන්සේ අපේක්‍ෂා කරන පාපයේ කලිය යන කරුණු විග්‍රහ කිරීමට අපොහොසත් වේ.

වානිජමය න්‍යාය: මෙම න්‍යාය මගින් ක්‍රිස්තුස් වහන්සේ වරදින් නිදහස්වීම හුවා දක්වන්නේ දෙවියන් වහන්සේ උදෙසා දෙනු ලබන අසීමිත ගෞරවයක් බවයි. එනම් දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ හට දායාදයක් දුන් අතර ක්‍රිස්තුස් වහන්සේ ඒ දුන් දායාදය මනුෂ්‍යයා හට උරුමකර දුන් බවයි. මෙම න්‍යාය විශ්වාස කරනු ලබන්නන්ගේ මතය වන්නේ මනුෂ්‍යයාගේ ආත්මික ස්වභාවය දෙවියන් වහන්සේ හට අකීකරුවී, ඒ තුල ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිදුවූ බවත් එමගින් දෙවියන් වහන්සේ මහිමාන්විත තත්වයට පත්වූ අතර මෙම සංකල්පය පව්කාරයන්ගේ මිදීමට ද ආදේශ කළ හැකි වනු ඇති බවයි. අනෙක් හැම න්‍යායක් පාහේම මෙම න්‍යාය මගින්ද හිතුවක්කාර පව්කාරයන් සඳහා අවශ්‍යවූ සම්පූර්ණ ගැලවීම හා තම ස්වභාවය ලබා ගැනීමට හැකි වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණක් බව ප්‍රතික්ෂේප කර දක්වයි (2 කොරින්ති 5:17)

ආණ්ඬුව පිළිබඳ න්‍යාය: මෙම න්‍යාය මගින් ක්‍රිස්තුස් වහන්සේගේ වරදින් නිදහස් කිරීම ලෙසට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි වූ උසස් තැකීම හා පාපාය කෙරෙහිවූ එතුමන්ගේ ආකලාප විග්‍රහ කරනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුලින් පාපය සඳහා පසුතැවිලි වන්නට කමා කිරීමට දෙවියන් වහන්සේගේ හැකියාව ලැබේ. මෙම මතධාරින් විශ්වාස කරනු ලබන්නේ මනුෂ්‍යයාගේ ආත්මිකත්වය යනු දෙවියන් වහන්සේගේ සදාචාරාත්මක නීතිය කෙලසීමකට ලක් කොට එයට හේතු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පාපයට මිලයක් වූ බවය. යේසුස් වහන්සේ විසින් පාපයේ කුලිය ගෙවා දැමූ බැවින් යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතයට පිළිගන්නාවූ අයට නිත්‍යානූකුල ලෙස කමාව දීමට දෙවියන් වහන්සේට කළ හැකිය. නමුත් මෙම මතය බිඳ වැටීමට හේතු වන්නේ මෙමගින් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වශයෙන්ම පාපයේ කුලිය ගෙවා දැමූ බව පෙන්වා නොදෙන අතර, ඒ වෙනුවට එතුමන්ගේ මරණයේ වේදනාව හා මරණය මගින් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව බිදින ලැබූ බවත් සමහර පාපයන් සඳහා මිලයක් පමණක් ගෙවනු ලැබූ බව පෙන්වා දෙයි.

දණ්ඩ ආදේශන න්‍යාය: මෙම න්‍යාය මගින් වරදින් නිදහස් කිරීම විග්‍රහ කරන්නේ මෙය නියෝජිත පාපයක් කෙරෙහි වූ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරනු ලැබූ ආදේශන ප්‍රජාවක් ලෙසටය. මෙම ප්‍රජාව මගින් යේසුස් වහන්සේ මනුෂ්‍යයාගේ පාපයේ කුලිය ගෙවීමට, සමාව ගෙන දීමට ධර්මිෂ්ඨකම ලඟා කර දීමට හා මනුෂ්‍යයා හා දෙවියන් වහන්සේ අතර යලි සමාදාන කිරීමට මෙහි අර්ථය බවයි. මේ මතධාරින් විශ්වාස කරන්නේ මනුෂ්‍යයාගේ සියලුම අංශයන් ඔහුගේ මනස, කැමැත්ත, හැඟීම් මේ ආදි සියල්ලම දෙයක් පාහේ පාපය නිසා විනාශයට පත්ව ඇති බවත් ඔහු සම්පූර්ණයෙන්ම එමගින් කෙලසීමට පත්වී ඇති අතර අත්මයෙන් මැරී සිටින බවයි. මොවුන් දරන්නාවූ මතය වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පාපයේ කුලිය ගෙවූ බවත් මනුෂ්‍යයා ඒ විශ්වාසය මත සිට ඔහුගේ පාපයේ කුලිය එම මරණයෙන් අදේශනය කර ගැනීමට හැකියාව ඇති බවයි. වරදින් නිදහස් කිරීම පිළිබඳවූ එහි දර්ශනයට මනුෂ්‍යය ස්වභාවයට, මෙන් යේසුස් වහන්සේගේ කුරුසිපත්වූ මරණය හා එහි ප්‍රතිඵලයන්ට බොහෝ සමානකම දක්වයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වරදින් නිදහස්වීමේ හා සම්බන්ධ විවිධ න්‍යායන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries