settings icon
share icon
ප්‍රශ්නය

ප්‍රතිපත්ති කඩ කරන්නාවූ හෝ ප්‍රතිපත්ති කඩ කළාවූ කිතුණුවකු තවමත් ගැළවීම ලබා තිබේද?

පිළිතුර


මෙය වසර ගණනාවක් අපරිච්ඡින්න ලෙස විවාද කරනු ලැබූ ප්‍රශ්ණයකි. “ප්‍රතිපත්ති කඩ කරන්නා” නොහොත් “ප්‍රතිපත්ති කඩ කරන්නාවූ” යන වචනය නව ගිවිසුමේ සදහන් නොවන අතර එය භාවිතා වන්නේ පැරණි ගිවිසුමේ මූලික වශයෙන් ඉශ්‍රායෙල් පිළිබදවය. යුදෙව්වන් දෙවියන් වහන්සේගේ තෝරා ගත් සෙනග හෙයින් දිගින් දිගටම ඔවුන් උන්වහන්සේට විරුද්ධව සිට උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි ගැසූහ (යෙරමියා 8:9). ඔවුන්ගේ පාපය වෙනුවෙන් නැවත නැවතත් යාග පූජා ඔප්පු කිරීමට බල කරන ලද්දේ ඔවුන් විසින් අමනාප කරනු ලැබූ දෙවියන්වහන්සේ හා සමග ඇති සබදතාව නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු වස්ය. කිතුණුවා කෙසේ වෙතත් ක්‍රිස්තුස් වහන්සේගේ පරිපූර්ණ සහ සියල්ල සදහා එක් වරම් කරනු ලැබූ ජීවිත පූජාව ලබා ගෙන ඇති අතරම ඔහුගේ පාපය වෙනුවෙන් තව දුරටත් යාග පූජා අවශ්‍යය නොවේ. දෙවියන්වහන්සේ තමන්වහන්සේ විසින්ම අපගේ ගැළවීම අප වෙනුවෙන් ලබා ගෙන ඇත (2 කොරින්ති 5:21), එසේම උන්වහන්සේ මගින් අප ගළවනු ලැබූ හෙයින් සැබෑ කිතුණුවකුට නැවත හැරි ඒමට නොහැකි අයුරුන් වැටීමට නොහැක.

කිතුණුවන් පව් කරනු ලබති (1 යොහාන් 1:8), එනමුත් කිතුණු ජීවිතය පාපයේ ජීවිතයක් ලෙස චරිතවත් විය යුතු නැත. ඇදහිලිවන්තයන් නව මැවිලිවේ (2 කොරින්ති 5:17). අප තුළ හොද ඵල බිහි කරනු ලබන ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩ වාසය කරන සේක (ගලාති 5:22–23) කිතුණු ජීවිතය වූ කලී වෙනස් වූ ජීවිතයක් විය යුතුය. කොපමණ වරක් පව් කරනු ලැබුවත් කිතුණුවන්ට සමාව දෙනු ලබන නමුදු එසේ වූවත් කිතුණුවන් ක්‍රමක් ක්‍රමයෙන් වඩාත් ශුද්ධ ජීවිතයක් ගත කළ යුත්තේ දෙවියන් වහන්සේට තව තවත් ළංවත්ම ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය යුතු හෙයිනි. ඇදහිලිවන්තයකු ලෙසට හිමිකම් කියන නමුත් වෙනත් ආකාරයක ජීවිතයක් ගත කරනු ලබන කිතුණුවකු පිලිබදව අප තුළ බරපතල සැකයක් තිබිය යුතුය. එසේයල සැබෑ කිතුණුවකු තාවකාලිකව පාපයට යොමු වූවත් ගළවනු ලබන නමුදු එසේ වූවත් පාපය මගින් පාලනය කරනු ලබන ජීවිතයක් ගත කරන්නාවූ පුද්ගලයා සැබෑ කිතුණුවකු නොවේ.

ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකු කෙසේ වේද? දේව වචනය අපට ප්‍රකාශ කරනුයේ යම් පුද්ගලයෙකු ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබයිද ඔහු කිසිසේත්ම ක්‍රිස්තුස්වහන්සේව හරි ආකාරයකින් නොදැන සිටි කෙනෙකු ලෙසය. ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන සහ ඇදහිල්ලෙන් හැරෙනු ලබන කෙනෙකු ඔහු ක්‍රිස්තුස්වහන්සේට අයත් නොසිටි බවට ආදර්ශනය කරනු ලබයි. ක්‍රිස්තුස්වහන්සේට අයත් පුද්ගලයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ පවතිනු ලබති. “ඔවුහු අප කෙරෙන් ගියෝය. නමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත. ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමග පවතිනවා ඇත. නමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැත බව ප්‍රකාශ වන පිණිස ඔව්හූ අපෙන් අහක්ව ගියෝය” (1 යොහාන් 2:19). “මේක විශ්වාසවූ කීමක්ය. අපි උන් වහන්සේ සමග මැරෙමු නම් උන්වහන්සේ සමග ජීවත්වන්නෙමු. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම් උන්වහන්සේත් නුඹලා නාඳුනමියි කියන සේකග අප අවිශ්වාස වුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරු කරන්ට උන්වහන්සේට බැරිය” (2 තිමොති 2:11–13).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ප්‍රතිපත්ති කඩ කරන්නාවූ හෝ ප්‍රතිපත්ති කඩ කළාවූ කිතුණුවකු තවමත් ගැළවීම ලබා තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries