දෙවියන් වහන්සේ යහපත් මනුෂ්‍යන්ට අයහපත් දේවල් සිදුවීමට ඉඩ හරින්නේ මන්ද?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ යහපත් මනුෂ්‍යන්ට අයහපත් දේවල් සිදුවීමට ඉඩ හරින්නේ මන්ද?

පිළිතුර:
යහපත් මනුෂ්‍යන්ට අයහපත් සිදුවීම් සිදුවන්නේ ඇයි? දේව ධර්මය පුරාවට ඉතාමත්ම අමාරුම ප්‍රශ්න වලින් එකක් තමයි මේ ප්‍රශ්නය. දෙවියන් වහන්සේ සදාකාලිකයි, අනන්තයි, ස්ර්වඥ, සර්ව්‍යජි, සර්වබලධාරි දෙවිදුන්ගේ ස්වභාවලින් කිහිපයක් ඉහත සඳහන් වේ. නමුත් මනුෂ්‍යන් වන අප ඇයි (සදාකාලික නොවන්නේ, අනන්තයක් නැත්තේ, සර්වඥ නොවන්නේ, සර්ව්‍යජි නොවන්නේ සහ සර්වබලධාරි නොවන්නේ) නමුත් දෙවියන් වහන්සේගේ ස්වභාවය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට බලාපොරොත්තු වෙනවාද? යෝබ්ගේ පොතේ මේ සම්බන්ධව පැහැදිලිව කථා කරනවා. දෙවියන් වහන්සේ සාතන්ට අවසර දෙනවා යෝබ්ට හිරිහැර කිරීමට සාතන්ට අවශ්‍ය ලෙසට නමුත් ඔහුගේ (යෝබ්ගේ) ජීවිතයට හානි නොකිරීමටද අණ කරයි. යෝබ්ගේ ප්‍රතිචාරය කුමක්ද? “උන් වහන්සේ මාව මරණයට පැමිණුවත් මම උන් වහන්සේ කෙරෙහි බලා සිටිමි” (යෝබ් 13:15). “ස්වාමින් වහන්සේ දුන් සේක, ස්වාමින් වහන්සේ ගත් සේක. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා” (යෝබ් 1:21). යෝබ්ට මුහුණ පෑමට සිදුවී ඇති දේවල් සිදුවීමට දෙවියන් වහන්සේ ඉඩ හැරියේ මන්ද යන්න යෝබ්ට තේරුම් ගැනීමට අපහසු විය. නමුත් ඔහු දැන සිටියා දෙවියන් වහන්සේ යහපත් බවත් ඔහු තවත් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න පටන් ගත්තා. කෙසේ වෙතත් අපගේ ප්‍රතිචාරයද එලෙසම විය යුතුය. දෙවියන් වහන්සේ යහපත්, ධර්මිෂ්ඨයි, ප්‍රේමණීයයි, කරුණාවන්තයි. බොහෝ අවස්ථාවන් වල අපට මුහුණ පාන්නට සිදුවන දේවල් අපට තේරුම් ගැනීමට පවා අපහසු වෙනවා එය කෙසේද? ඇයිද? කියලා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ යහපත් කම ගැන සැක කිරීම වෙනුවට අපගේ ප්‍රතිචාරය විය යුත්තේ උන් වහන්සේව විශ්වාස කිරීමයි. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. නුඹේ සියලු මාර්ග වලදී උන් වහන්සේ සලකාපන්න, එවිට උන් වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත” (හිතෝපදේශ 3:5-6).

සැබවින්ම ඇසිය යුතුම ප්‍රශ්නය නම්“අයහපත් අයට යහපත්දේ සිදුවන්නේ ඇයි?” දෙවියන් වහන්සේ ශුද්ධයි (යෙසායා 6:3; එළිදරව් 4:8). මනුෂ්‍යයා පාපිෂ්ඨයි (රෝම 3:23; 6:23). “ලියවිල්ලේ සඳහන්” පරිදි දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය (මනුෂ්‍ය වර්ගයා) ගැන විදහා දක්වන්නේ කෙසේද? ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත, තේරුම් ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන් වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත, ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජන වූවෝය. යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත. ඔවුන්ගේ උගුර විවරවූ මිනී වළක්ය, ඔව්හු තමන්ගේ පව් වලින් වංචාකම් කළෝය. ඔවුන්ගේ තොල් යට පොළොං විෂ තිබේ. ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද නික්තක මෙන්ද පූර්ණය. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය. ඔවුන්ගේ මාර්ග්වල විනාශයෙන් කාලකණ්ණිකමත් තිබේ; ඔව්හූ සමාදානයේ මාර්‍ගයද දැන නොගත්තෝය. ඔවුන්ගේ ඇස් හමුයෙහි දෙවියන් වහන්සේ කෙරෙහි භයක් නැත (රෝම 3:10-18). මෙම පොළොවේ ජීවත් වන සියළු මනුෂ්‍යයා පාතාලයට විසිකරනු ලැබීමටයි මේ වන විට සුදුසු කම් ලබා තිබෙන්නේ. අප ජීවත් වන සෑම තප්පරයක්ම උන් වහන්සේගේ කරුණාව නිසාය. මේ පොළොවේ අප මුහුණ දෙන සමහර දේවල් අපට විශාල කරදර ලෙස දැනුනත් පව්කාර අප ලැබීමට සුදුසු ඳඬුවම මේ සියල්ලට වඩා විශාලයි. දේව කරුණාව නිසා අද අපි මෙලෙස ජීවත් වේ. මන්ද අපට හිමි වෙලා තිබුණේ සදාකාල නිරය හා ගිනි විලයි.

“නුමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව් කාරයන්ව සිටිය දීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන්ය” (රෝම 5:8). පාපිෂ්ඨ, නපුරු, පව්කාර ස්වභාවයෙන් යුත් අපගේ ජීවිත වල ඇති සියළු අයුතුකම් මැද උන් වහන්සේගේ ප්‍රේමය අපට විදහා පෑවා. උන් වහන්සේ අපගේ පාපයේ කුලිය වන මරණයේ මිලය උන් වහන්සේගේ ජීවිතයෙන් ගෙව්වා (රෝම 6:23). අප කළ යුතුව ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි (යොහාන් 3:16; රෝම 10:9) සමාව ලබා ස්වර්ගයේ නිවසක් ලබනවා වෙනුවට (රෝම 8:1) අප ලැබීමට සුදුසු දෙය නම් නිරයයි. අපට මේ දී ඇති සදාකාල ජීවනය ලැබීමට අප කළ යුත්තේ උන් වහන්සේ කෙරෙහි අදහා ගැනීමයි. ප්‍රකාශ කර තිබෙනවා මේ පොළොව තමයි ඇදහිලිවන්තයා අත්දකින එකම නිරය බව, මේ පොළොව තමයි නොඇදහිලිවන්තයා අත්දකින එකම ස්වර්ගය. ඉතින් අප යහපත් මනුෂ්‍යයන්ට අයහපත වෙන්නේ ඇයි? අසනවා වෙනුවට අයහපත් අයට යහපත වෙන්නේ ඇයි දැයි? අසමු.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ යහපත් මනුෂ්‍යන්ට අයහපත් දේවල් සිදුවීමට ඉඩ හරින්නේ මන්ද?