settings icon
share icon
ප්‍රශ්නය

බඳිනු ලැබීම සහ මුදනු ලැබීම පිළිබදව බයිබලය අදහස් දක්වන්නේ කෙසේද?

පිළිතුර


මතෙව් 16:19 හි බඳිනු ලැබීම සහ මුදනු ලැබීම යන සංකල්පය උගන්වනු ලබයි. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඔට දෙන්නෙමි. නුඔ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහදී බඳිනු ලබන්නේය. නුඔ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහදී මුදනු ලබන්නේය. මෙම පදය තුළින් යේසුස් වහන්සේ අපෝස්තුළුවූ පේත්‍රැස්ට සෘජුවම කථා කරනු ලබන අතර අනෙකුත් අපෝස්තුළුවරුන්ට වක්‍රාකාරයෙන් කථා කරනු ලබන සේක. යේසුස් වහන්සේ විසින් කථා කරනු ලැබූ වචන වල අර්ථය වූයේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමේ අයිතිය පේත්‍රැස්ට තිබිය හැකි බවත්, යතුරු හිමිවීම නිරූපණය කරන සාමාන්‍ය ආධිපත්‍යයද ඔහුට ලැබිය හැකි අතර සියළු ඇදහිල්වන්තයන්ට ස්වර්ග රාජ්‍යය විවෘත කර දීමට සහ නොඇදහිලිවන්තයන්ට විරුද්ධව එය වසා දැමීමේ එකම විධික්‍රමය නම් සුභාරංචිය දේශනා කිරීමය. ක්‍රියා පොතෙන් අපට පෙන්වා දෙනු ලබන්නේ මෙම කර්තව්‍යය ක්‍රියාවට නැංවී ඇති බවය. පෙන්තකොස්ත දිනයෙහි ඔහු කළ දේශනාව (ක්‍රියා 2:14–40) තුළින් පේත්‍රැස් ප්‍රථම වතාවට රාජ්‍යයේ දොර විවෘත කරනු ලැබීය. බඳිනු ලැබීම සහ මුදනු ලැබීම යන උච්චාරණයන් යුදෙව්වන්ගේ නීතිමය වාග් ශෛලයට පොදුවූ අතර එයින් අර්ථවත් වූයේ තහනම් කරනු ලැබූ යමක් ප්‍රකාශ කර සිටීම හෝ එය අනුමත කරනු ලැබූ බවට ප්‍රකාශ කර සිටීමවේ.

පේත්‍රැස් සහ අනෙකුත් ගෝලයන් සුභාරංචිය දේශනා කිරීම සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීම තුළින් ක්‍රිස්තුෂ් වහන්සේගේ කාර්‍යයභාරය මේ පොළොවෙහි පවත්වාගෙන යාමට යෙදී තිබුනු මෙන්ම උන් වහන්සේට හිමිවී තිබූ එම ආධිපත්‍යයෙන්ම ඔවුනුත් සන්නද්ධවී සිටියහ. මතෙව් 18:18 හි සහා සංයමය යන පෙළ යෙදුමෙහි බඳිනු ලැබීම සහ මුදනු ලැබීම යන්නට නිශ්චිත නිර්දේශයක් ඇත. අපෝස්තුළුවරුන් පුද්ගලික ඇදහිලිවතුන් සහ ඔවුන්ගේ සදාකාලික ඉරණමට ඉහළින් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමිත්වය සහ ආධිපත්‍යය අයුතු ලෙස පැහැර නොගන්න නමුත් ඔවුන් ආධිපත්‍යය සහ සංයමය භාවිතා කරනු ලබන අතර අවශ්‍යය වුවහොත් අකීකරු සභිකයන්ව සභාවෙන් ඉවත් කරනු ලබති.

ස්වර්ගයෙහි සිටින්නාවූ ක්‍රිස්තුස් වහන්සේල මේ පොළොවෙහි උන් වහන්සේගේ නාමයෙන් සහ උන් වහන්සේගේ වචනයට කීකරුව කරනු ලබන සියළු දේ අපරානුමත කරනු ලබන සේක. මතෙව් 16:19 සහ මතෙව් 18:18 යන පද දෙකෙහිම ග්‍රීක පාඨයෙහි වාක්‍ය වින්‍යාස අර්ථය පැහැදිලි කර දෙනු ලබයි. ඔබ පොළොවෙහි බඳිනු ලැබූ දේ දැනටමත් ස්වර්ගයෙහි බඳිනු ලැබ ඇත. ඔබ පොළොවෙහි මුදනු ලැබූ දේ දැනටමත් ස්වර්ගයෙහි මුදනු ලැබ ඇත. වෙනත් වචන වලින් කිවහොත් ස්වර්ගයෙහි සිටින්නාවූ යේසුස් වහන්සේ උන් වහන්සේගේ වචනයෙහි බලය නිදහස් කරනු ලබන්නේ එහි අභිමතාර්ථය ඉටු වීම පිණිස පොළොවෙහි ඔබමොබ සැරි සරන අවස්ථාවෙහිදීය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බඳිනු ලැබීම සහ මුදනු ලැබීම පිළිබදව බයිබලය අදහස් දක්වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries