settings icon
share icon
ප්‍රශ්නය

අපට කොටස් දෙක තුනක් තිබේද? අප ශරීරය ප්‍රාණය හා ආත්මයද? නැති නම් ශරීරය ප්‍රාණය ආත්මයද?

පිළිතුර


උත්පත්ති 1:26-27 සඳහන් කරන දෙය නම් මිනිසාට අන් සත්වයන් අතර පැහැදිලි වෙනස් ඇති බවට. මනුෂ්‍යාගෙන් බලාපොරොත්තු වුනේ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතා පැවැත්මට එසේම දෙවියන් වහන්සේ අපව භෞතික හා අභෞතික කොටස් ඇතිව මවන ලදි. භෞතික කොටස් නම් අපට දැනෙන කොටස් වේ. එනම් ශරීරය, කටු, ඉන්ද්‍රීන් වැනි දේ. එමෙන්ම මිනිසා ජීවත් වන තුරු මේවා ක්‍රියාත්මක වේ. අභෟතික කොටස් නම් අතට ඇල්ලිය නොහැකි කොටස් වේ. ආත්මය, ප්‍රාණය, බුද්ධිය, කැමැත්ත හෘදසාක්‍ෂිය වැනි දේ. මේවායේ පැවැත්ම ආයු කාලයටත් එහායින් වේ.

සියලු මනුෂ්‍යන් භෞතික හා අභෞතික චරිත ගුණාංග ප්‍රයෝජනයට ගනී. සියලු මනුෂෘ වර්ගයාම මාංශය, රුධීරය, කටු, ඉන්ද්‍රීන් හා සෛල වලින් යුත් වේ. කෙසේ වූවත්, අතින් ඇල්ලිය නොහැකි ගුණාංග මිනිස් වර්ගයා නිතර වාද කරන. මේ පිළිබඳව ලියවිල්ලේ කුමක් සඳහන් වේද? උත්පත්ති 2:7 සඳහන් වන පරිදි මිනිසා ජීවමාන සත්වයෙක් ලෙස මවන ලදි. ගණන් කථාව 16:22 හී සඳහන් පරිදි දෙවියන් වහන්සේව “ආත්මයේ දෙවියන් වහන්සේ” හැටියට නම් කරන අතර සියලු මනුෂ්‍ය වර්ගයා තුළ ක්‍රියාත්මක වේ. හිතෝපදේශ 4:23 පවසන පරිදි “සියල්ලටම වඩා නුඹේ සිත ආරක්‍ෂා කර ගනින්න, මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය,” එයින් සඳහන් කරන දෙය නම් හදවත (හෘදවස්තුව) මිනිසාගේ හැඟීම් හා කැමැත්ත යන දෙක අතර මධ්‍යස්ථානයයි. ක්‍රියා 23:1 පවසන පරිදි “පාවුල් ඉතා ඕනෑ කමින් සභාව දෙස ඇස් හෙළා, සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදසාක්‍ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය.” මෙහි පාවුල්තුමා හෘදසාක්‍ෂිය ගැන අවධානය දෙයි. මනසේ එම කොටස අපට යහපත හා නපුර හඳුනා ගැනීමට උපකාර වවේ. රෝම 12:2 සඳහන් පරිදි “නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැන ගන්නා පිණිස, සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.” මේ පදවල හා වෙනත් පදවල මනුෂ්‍යත්වයේ අභෞතික කොටස් පිළිබඳව කථා කරයි. අප භෞතික හා අභෞතික කොටස් දෙකම සමග කටයුතු කරයි.

ඉතින් එමනිසා ලියවිල්ලෙහි ආත්මය හා ප්‍රාණයට අමතර දේ ගැන කථා කරයි. කෙසේ වෙතත් ප්‍රාණය, ආත්මය, හදවත, හෘදසාක්‍ෂිය මනස සම්බන්ධව හා බැදී ඇත. ප්‍රාණය හා ආත්මය මනුෂ්‍යත්වයේදී අතට ඇල්ලිය නොහැකි කොටසයි. ඒවා අනෙක් කොටස් වලට සම්බන්ධව ඇත. මේ සමග මනස මිනිසාගේ ද්විධාකරණයයි. (දෙකට කැපීම, ශරීරය / ප්‍රාණය-ආත්මය) හෝ ත්‍රිධාකරණය (තුනට කැපීම ශරීරය / ප්‍රාණය / ආත්මය) එය ආධානග්‍රාහී වීමට අපහසුය. මෙම කරුණු දෙක පිළිබඳ හොඳ තර්ක ඇත. ප්‍රධාන පදයක් නම් හෙබ්‍රෙව් 4:12 “මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. මේ පදයේ මේ වාදය පිළිබඳව කරුණු දෙකක් සඳහන් කරයි. ප්‍රාණය හා ආත්මය දෙකට බෙදිය හැකි බවට. ප්‍රාණය හා හා ආත්මයේ බෙදීම දෙවියන් වහන්සේට පමණයි විමසිය හැක්කේ. අප පැහැදිලිව නොදන්නා දෙයකට යොමු වෙනවාට වඩා මැවුම්කරුවා දෙසට යොමුවීම වැදගත්. උන් වහන්සේ අපව “භයානක හා පුදුම” ලෙස මවන ලදි (ගීතාවලිය 139:14).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපට කොටස් දෙක තුනක් තිබේද? අප ශරීරය ප්‍රාණය හා ආත්මයද? නැති නම් ශරීරය ප්‍රාණය ආත්මයද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries