ආදි ලෙන් වැසියන්, ප්‍රාග් ඓතිහාසික මිනිසුන් සහ ශිලා යුගයේ මානවයන් පිළිබඳව දේව වචනය කුමක් පවසයිද?




ප්‍රශ්නය: ආදි ලෙන් වැසියන්, ප්‍රාග් ඓතිහාසික මිනිසුන් සහ ශිලා යුගයේ මානවයන් පිළිබඳව දේව වචනය කුමක් පවසයිද?

පිළිතුර:
“ආදි ලෙන් වැසියන්” හෝ “ශිලා යුගයේ මානවයන්” යන භාෂිතයන් දේව වචනයේ භාවිතා නොවන අතරම දේව වචනයට අනුව “ප්‍රාග් ඓතිහාසික මිනිසුන්” යන්නක් නොමැත. “ප්‍රාග් ඓතිහාසික” යන භාෂිතයේ අරුත නම් “වාර්තාගත ඉතිහාසයකට ප්‍රථම යුගයකට අයත් වීමයි.” එහි පූර්ව කල්පනය නම් බයිබලය හා සම්බන්ධ වාර්තාව හුදු පිරිසැකස්මක් වනුයේ උත්පත්ති කථාවේ මනුෂ්‍යයා නිර්මාණය කිරීමට පෙර වූ සිදුවීම් එහි වාර්තාවී තිබීම නිසාවෙනි (නම් වශයෙන්, කිවතොත් ප්‍රථම දින 5 දී මැවීම් කටයුතු සහ 6 වන දිනයෙහිදි මිනිසා මැවීමයි). ආදම් සහ ඒව මැවූ දිනය පටන්ම සම්පූර්ණ මනුෂ්‍යයන්ව සිටි අතර ඔවුන් පහත් ජීව ස්වරූප වලින් පරිණාමනය වූ අය නොවූ බවට දේව වචනයේ පැහැදිලිව සඳහන් කෙරේ.

එසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පොළොව තළ‍යේ ඇතිවූ ක්ෂතජ උද්ගතවීමක් පිළිබඳව දේව වචනය විස්තර කරනු ලබයි-මහ ජල ගැල්මයි (උත්පත්ති 6:9), එනම් මනුෂ්‍යයන් 8 දෙනෙකු හැරුණුකොට සභ්‍යත්වය මුලුමනින්ම විනාශවූ වකවානුවකි. මනුෂ්‍යය ප්‍රජාව නැවතත් ආරම්භ කිරීමට බල කරන ලදි. මෙම ඓතිහාසික පෙළ යෙදුම ගත් කළ මිනිසුන් පාෂාණ ආයුධ වලින් නිම කළාවූ ලෙන් තුළ ජීවත්වූ බවට විද්වත්හූ විශ්වාස කරති. මෙම මිනිසුන් ආදිකල්පික නොවූවන්ය, ඔවුන් හුදෙක්ම අසරණ වූවන්ය. ඔවුන් ඒකාන්තයෙන්ම අර්ධ වානරයන් නොවූහ. පාෂාණීය ධාතු සාධක ඉතාමත් පැහැදිලිය, ආදි ලෙන් වැසියන් සාමාන්‍යය මනුෂ්‍යයන්ය, ලෙන් වල වාසය කළාවූ මිනිසුන්ය.

සොයා ගන්නා ලද පාෂාණ ගත වානර සුන්බුන්, ඩාර්වීනියානු පුරා මානව විද්‍යාඥයන් විසින් අර්ථ දක්වන්නේ මිනිසා සහ වානරයා අතර ඇතිවූ සංක්‍රානාතිය ලෙසය. බොහෝ අයවලුන් මෙම අර්ථ දැක්වීම් පිළිබඳව කල්පනා කරන්නේ ආදි ලෙන් වැසියන් ගැන සිතින් මවා ගන්නා අවස්ථාවන්හිදීය. ඔවුන් පින්තාරු කොට ගන්නේ ලොම් සහිත අර්ධ මිනිසුන්, අර්ධ වානර සත්වයන් ගුහාවක් තුළ වකුටු වී ඔවුන් අභිනවයෙන් දියුණු කළ පාෂාණ ආයුධ වලින් බිත්ති මත අඳිමින් සිටින අයුරුයි. මෙය පොදු දුර්මතයකි. ඩාර්වීනියානු පුරා මානව විද්‍යාව සලකා බලන කළ අප මනසේ තබා ගත යුත්තේ මෙම අර්ථ දැක්වීම් වලින් පිළිඹ්බු වන්නේ අසාමාන්‍යය විශ්ව දර්ශනයන් බවත් සාක්ෂ්‍යය වල ප්‍රතිඵල නොවන බවත්ය. එමෙන්ම මෙම අර්ථ දැක්වීම් වලට බලවත් ප්‍රතිවිරෝධයත් දක්වන්නේ ශාස්ත්‍රිය ප්‍රජවා තුළ පමණක් නොව ඩාර්වීනියානුවන් අතරේ ඔවුනොවුන්ද එම තොරතුරු පිළිබඳ පූර්ණ එකඟතාවයක් නොදක්වයි.

අභාගයකට මෙන් ප්‍රචලිත ප්‍රවණතා මතයෙන් මෙම අදහසට අනුබල දෙනු ලබන්නේ මිනිසා සහ වානරයා පරිණාමනය වන්නේ එකම මුතුන්මිත්තාගෙන් බවය, එනමුත් ඒකාන්තයෙන්ම ලබාගත හැකි සාධක තුළින් එකම ව්‍යාජ අර්ථ දැක්වීමද මෙයම නොවේ. එසේම මෙම සුවිශේෂි අර්ථ දැක්වීමට පක්ෂව ඇති සාක්ෂිය හිඟවේ.

දෙවියන් වහන්සේ ආදම් සහ ඒවව මැවූ අවස්තාවේදී ඔවුන් සම්පූර්ණයෙන් වැඩුනාවූ සංනිවේදනය, සමාජය සහ සංවර්ධනය ආදියට සමර්ථ වූ මනුෂ්‍යයන් වූහ (උත්පත්ති 2:19-25; 3:1-20; 4:1-12). පරිණාමවාදී විද්‍යාඥයන් ප්‍රාග් ඓතිහාසික ලෙන් වැසියන්ගේ පැවැත්ම සනාථ කිරීමට යන්නාවූ ආයාමය සලකා බලන කළ එය එක්තරා අන්දමකට විනෝදශීලිය. ඔවුන් ගුහාවක් තුළ වූ විරූපි වූ දතක් සොයා ගෙන, ඒතුළින් වානරයෙකු මෙන් වකුටු වී සිටින ගුහාවක් තුළ ජීවත් ව විරූපී වූ මනුෂ්‍යයෙකු නිර්මාණය කොට ගනීයි. පාෂාණගත ධාතු කරණකොටගෙන ආදි ලෙන් වැසියනාගේ පැවැත්ම සනාථ කිරීමට විද්‍යාඥාවට කිසිසේත් නොහැක. පරිණාමවාදී විද්‍යාඥයන්ට යම්කිසි න්‍යායක් ඇත, එම න්‍යායට සරිලන සේ ඔවුන් සාක්ෂ්‍යය ඒවාට බලහත්කාරයෙන් ඇතුළත් කර ගැනීමට වෙර දරයි. මවනු ලැබුවාවූ එකම සහ මුල් මනුෂ්‍යයන් නම් ආදම් සහ ඒව වූ අතර ඔවුන් සම්පූර්ණයෙන් සකස්වූ, බුද්ධිමත් සහ අවංක අය වූහ.



නැවතත් සිංහල මුල් පිටුවට



ආදි ලෙන් වැසියන්, ප්‍රාග් ඓතිහාසික මිනිසුන් සහ ශිලා යුගයේ මානවයන් පිළිබඳව දේව වචනය කුමක් පවසයිද?