settings icon
share icon
ප්‍රශ්නය

සභා වර්ධනය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


බයිබලයේ සභා වර්ධනය කියා විශේෂිතව කථා නොකරත්, සභා වර්ධනයේ මූලධර්මය නම් යේසුස් වහන්සේ කියූ දේ තේරුම් ගැනීම “මම මාගේ සභාව ගොඩ නගන්නෙමි, පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය” (මතෙව් 16:18). පාවුල්තුමා සනාත කරනවා සභාවේ අත්තිවාරම යේසුස් වහන්සේ මත තිබෙන බව (1 කොරින්ති 3:11). සභාවේ හිස යේසුස් වහන්සේය (එපීස 1:18-23) හා සභාවේ ජීවනය (යොහන් 10:10). එය පවසා තිබෙන ලෙසට අප මතක තබා ගත යුතුය “වර්ධනය” යන්න ආදේශ වචනයක් විය හැක, නොයෙක් ආකාරයේ වර්ධනයන් ඇත, සමහරක් ගණන් පිළිබඳව කිසිම සම්බන්ධතාවයක් නැත.

සභාවකට ජීවමානව හා වර්ධනයක් ලැබිය හැක එහි සාමාජිකයන් පැමිණීමේ ගණන වෙනස් නොවී තිබුනත්. සභාව තුළ සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනුමෙන් හා කරණාව තුළ වර්ධනය වෙනවා නම් ඔවුන්ගේ ජීවිතයන් වලට උන් වහන්සේගේ කැමැත්තට අවනතවීම, තනිවම හා සාමුහිකව. එයයි සැබෑ වර්ධනය අත් දකිනා සභාවක ගුණය. එම අවස්ථාවේදිම, සභාවට සතිපතා එකතු වන්නන් සිටිය හැක, විශාල ගණනින්, නමුත් ආත්මිකව එකම තැන විය හැක.

ඕනෑම ආකාරයක වර්ධනය එකම මෝස්තරයක් / ක්‍රමයක් දරයි. වර්ධනය වන සංවිධානයක, ප්‍රාදේශීය සභාවේ සිටිනවා බීජය පැළකරන අය (ඉවැන්ජලිස්ත) බීජයට වතුර දමන අය (පාලකතුමන් / ගුරුවරු), හා අනෙක් අය ඔවුන්ගේ ආත්මික දීමනාවන් පාවිච්චි කරනවා සභාව තුළ සිටින අයගේ වර්ධනය උදෙසා. නමුත් මතක තබා ගන්න දෙවියන් වහන්සේ තමයි වර්ධනය දෙන්නේ (1 කොරින්ති 3:7). බීජය පැළකරන හා වතුර දමන අයට තම තමන්ගේ ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල ලැබෙනු ඇත (1 කොරින්ති 3:8).

ප්‍රාදේශීය සභාවක් වර්ධනය වීමට නම් පැළකිරීම හා වතුර දැමීම සමබරව පැවතිය යුතුය. ඉන් අදහස් කරන්නේ ශක්තිමත් සභාවක සැම පුද්ගලයෙක්ම දැනගත යුතුය ඔහුට / ඇයට ඇති ආත්මික දීමනාව කුමක්ද කියා එමගින් සභාව ශරීරය තුළ ඔහුට / ඇයට ක්‍රියාකාරි විය හැක. පැළකිරීම හා වතුර දැමීම තුළ සමබරතාවය නැතිවුවහොත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන වර්ධනය සභාව තුළ දක්නට නොහැකිය. නියත වශයෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේට දිනපතා අවනත විය යුතුය. එමගින් උන් වහන්සේ පැළකරන අයට හා වතුර දමන අයට මග පෙන්වයි දෙවියන් වහන්සේගේ වර්ධනය පැමිණීමට නම් කළ යුතු දෙය කුමක්ද කියා.

අවසාන වශයෙන්, ජීවමාන හා වර්ධනය වන සභාවක් පිළිබඳව සඳහන් වන දෙය දැකිය හැක්කේ ක්‍රියා 2:42-17 ඇදහිලිවන්තයන් “තවද ඔව්හූ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද, රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්තීර ලෙස පැවතුණ” ඔවුන් එකිනෙකාට මෙහෙකරමින් දෙවියන් වහන්සේව දැන ගැනීමේ අවශ්‍යතාව ඇති අය කරා යාමට අමතක නොකලහ. ස්වාමින් වහන්සේ ගැලවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක් කළ සේක. මේ දේවල් සිදුවන කළ, සභාව ආත්මික වර්ධනයක් අත් දකිනු ඇත, මිනිසුන් ගණන වැඩිවූවත් නැතත්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභා වර්ධනය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries