settings icon
share icon
ප්‍රශ්නය

දේවදුතයන්ට අණදීම සඳහා කිතුණුවන්ට ආධිපත්‍යයක් තිබේද?

පිළිතුර


දේවදුතයන් ගැන කරන අධ්‍යනය නම් ඒන්ජලොලොජි (angelology) ලෙස හැදින්වේ. දේවදුතයන් ගැන ආභරණ මගින්, නත්තල් සැරසිලි මගින් හා රුපවාහිනි චිත්‍රපට මගින් ප්‍රසිද්ධ වේ. දේවදුතයන් කෙරෙහි ආධිපත්‍යයක් බොහෝ කිතුණුවන්ට තිබෙන බව විශ්වාස කරන අතර අන් අය යේසුස් වහන්සේගේ නාමයෙන් දේවදුතයන්ට අණදීම ආධිපත්‍යයක් තිබෙන බව විශ්වාස කරයි. ඔහුන්ගේ නාමයෙන් හෝ යේසුස්ගේ නාමයෙන්, මනුෂයන් විසින් දේවදුතයන්ට අණදීමට හැකි බවට කිසිම බයිබල් පදයක් නොමැත. දේවදුතයන් කෙරෙහි මනුෂ්‍යයන්ට ආධිපත්‍යයක් තිබෙන බවට කිසිම බයිබල් වල නීතියක් සඳහන් නොවේ. දේවදුතයන් උසස් තත්වයකින් සිටින බව අප දැනගත යුතු වේ. යේසුස් වහන්සේ පවා මනුෂ්‍යත්වය තුල සිටියදී, දේවදුතයන්ට මදක් පහළින් සිටි සේක. එනම් දේවදුතයන්ට මදක් පහළින් මනුෂ්‍යත්වයට පැමිණ අප උදෙසා දිවි පිදු සේක. (හෙබ්‍රෙව් 2:7-9 / ගීතාවලිය 8:4) දේවදුතයන් කෙරෙහි, ඇදහිලිවතු ආධිපත්‍යයක් දිබේ යනු ඉගැන්වීම වැරදි ඉගැන්වීමක් වේ. මනුෂ්‍යයන්ගේ අණට දේවදුතයන් කීකරු නොවන බව ඉහත බයිබල් පදයෙන් පැහැදිලි වේ.

• අපි ස්වාමින් වහන්සේට මොරගැසුවා. එවිට උන්වහන්සේ අපේ හඬ ආසා දේවදුතයකු යවා අප මිසරයෙන් පිටතට ගෙනා සේක, යනුවෙන් මෝසෙස් ප්‍රකාශ කළා. (ගණන් කථාව 20:16) ඊශ්‍රායෙල් සෙනඟ දේවදුතයන්ට ආරාධනයක් කළේ නැත. ඔහුන් දෙවියන් වහන්සේට හඬ ගැසුවෝය, එවිට උන්වහන්සේ දේවදුතයන්ට අණදුන් සේක.

• ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ යන තරුණයන් නෙබුගත්නේෂර් රූපයට නමස්කාර නොකළෝය. (දානියෙල් 3:17,18) එවිට දෙවියන් වහන්සේගේ කරුණාව නිසා දේවදුතයන් යවා ඔහුන්ව උන්වහන්සේ ගළවා ගත් සේක (දානියෙල් 3:28). එම හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා දේවදුතයන්ට අණ දුන්නේ නැත. දෙවියන් වහන්සේ විසින් දේවදුතයන් එවන ලදි. සිංහ ගුහාවේදී දානියෙල්ව සිංහයන්ගේ මුඛයෙන් ගළවා ගැනිම සඳහා උන්වහන්සේ දේවදුතයන්ට අණ දුන් සේක. (දානියෙල් 6:22)

• පේතෘස් හිරගෙදර සිටියදී සභාව විසින් යාච්ඤා කළෝය (ක්‍රියා12:5) පේතෘස් නිදහාස්වු කල්හි, ඔහු සාක්ෂි දරමින් කියනුයේ හෙරොද්ගේ ග්‍රහනයේන්ද යුදෙව්වන්ගෙන්ද මුදවා ගැනිම සඳහා දෙවියන් වහන්සේ විසින් දේවදුතයන් යැව් බව නිසැකව දනිමි කියා කිවේය. (ක්‍රියා 12:11) කිතුණුවන් පේතෘස් වෙනුවෙන් යාච්ඤා කළ විට පේතෘස් ඔහුන්ගේ දොර ගොඩට පැමිණ ඔහුන්ව පුදුමයට පත් කළා. මෙම කිතුණුවන් කිසිම දේවදුතයන්ට අණදුන්නේ නැත.

දෙවියන්වහන්සේගේ ශුද්ධවු දේවදුතයන් ලෙස ප්‍රකාශ කරයි. දේවදුතයන් ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ අණට මිසක් අපගේ අණට නොවේ. (මතේව් 25:31 / එළිදරව් 14:10)

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවදුතයන්ට අණදීම සඳහා කිතුණුවන්ට ආධිපත්‍යයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries