අප දැනටමත් පාපය උදෙසා කමාව ලැබ සිටින්නේ නම් පාපොච්චාරණය කිරීමට අවශ්‍ය වන්නේ ඇයි (1 යොහන් 1:9)?




ප්‍රශ්නය: අප දැනටමත් පාපය උදෙසා කමාව ලැබ සිටින්නේ නම් පාපොච්චාරණය කිරීමට අවශ්‍ය වන්නේ ඇයි (1 යොහන් 1:9)?

පිළිතුර:
පාවුල්තුමා සඳහන් කර ඇති ආකාරයට “තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළ සේක. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ උන් වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන් වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරද වලට කමාව ඇත්තේය. ඒ කරුණාව සියලු ප්‍රඥාව හා නුවනැති කමින් අප කෙරෙහි බොහෝවන්ට සැලැස්සූ සේක” (එපීස 1:6-8). කමාව යනුවෙන් මෙහිදී ගැලවීම අදාල කර දක්වන අතර “නැගෙනහිර බස්නාහිර දුරව තිබෙන්නාක් මෙන්” (ගීතාවලිය 103:12). උන් වහන්සේ අපගේ පාපයෙන් අපව දුරස් කොට දක්වා ඇත. මෙම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවුම්කාරයාණන් ලෙස පිළිගැනීම තුලින් දෙවියන් වහන්සේ දෙනු ලැබූ විනිශ්චයක කමාවකි. එනම් අප විසින් කළ කරන හා කෙරෙනු ලබන පාපයන් විශ්චය පදනම් කර ගනිමින් කමාව දී ඇති අතර, එහි තේරුම වන්නේ අප‍ෙග් පාප සඳහා අප සදාකාලික විශ්චයක් සඳහා ලක් නොවන බවයි. ඒ නමුත් තවත් නිතරම පාහේ අප අපගේ පාපයන් වල ප්‍රතිවිපාක විඳින අතර ඒ තුලින් අප පැනයක් කරා ගෙන එනු ලබයි.

එපීස 1:6-8 හා 1 යොහන් 1:9 අතර ඇති වෙනස ගත් කළ, යොහන් තුමා විසින් සම්බන්ධීය නැතහොත් පවුල් පදනම් කර ගත් කමාවක් පිළිබඳව විග්‍රහ කරයි. උදා: ලෙස පුත්‍රයෙක් විසින් තම පියාට යම් වැරැද්ඳක් සිදු කලේ නම් එවිට පුත්‍රයා විසින් අපේක්‍ෂාවන් නීති බිඳ පියා අතර ඇති සබඳතාවයට බාධාවක් පමුණුවා ඇත. ඔහු එහෙත් තවත් ඔහුගේ පුත්‍රයා වන නමුත් පියා හා පුත්‍රයා අතර ඇති බැඳීම දුක් විඳීමකට ලක් වී ඇත. පුත්‍රයා විසින් තමා අතින් යම් වැරැද්දක් සිදුවූ බවට ඒත්තු ගන්නා තාක්කල් ඔවුන්ගේ බැඳීමට බාධාවක් පවතියි. දෙවියන් වහන්සේ හා අප අතර පවතින්නේද එවැන්නකි. අප විසින් අප‍ෙග් පාපයන් ඒත්තු ගෙන ඒවා කියා දෙනතාක්කල් අප හා දෙවියන් වහන්සේ අතර පවතින බැඳීමට බාධාවක් පවතියි. අප අපගේ පාප කියා දුන් සැනින් නැවතත් දෙවියන් වහන්සේ හා අප අතර පවතින බැඳීම ප්‍රකෘති තත්වයට පත් වෙයි. එය සම්බන්ධීය කමාව ලෙසට හැඳින්විය හැක.

“ස්ථානීය” නැතහොත් අපක්‍ෂපාති කමාව යනු ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින සෑම කිතුනුවෙක් හටම හිමිවන කමාවකි. කිතුනු පවුලේ සාමාජිකයෙක් වශයෙන් අප විසින් කලාවූ හා මතුවට කරන්නාවූ සෑම පාපයකින්ම අප කමාව ලැබ සිටියි. ක්‍රිස්තුස් වහන්සේ විසින් කුරුසියේදී ගෙවුවාවූ පාපයේ කුලිය නිසා දෙවියන් වහන්සේ හා පාපය කෙ‍ෙරහි උදහස සන්තෘප්තවූ අතර, ඒ සඳහා නැවත කිසිදු මිලයක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ වසින් “තීන්දුවුනෝය” යනුවෙන් පවසනු ලැබූ අතර එය එසේම විය. අප‍ෙග් ස්ථානීය කමාව එතැන්හී එවලෙහිම වලංගු භාවයට නැතහොත් අත්පත් කර ගැනීමට හැකියාව හිමි විය.

පාප කමාව සෑම විටම අපිව දෙවියන් වහන්සේ තුල හික්මවීමකට කැඳවනු ලබයි. අප විසින් අපගේ පාපයන් කියා දීමට අපහොසත් වන්නේ නම්, එවිට දෙවියන් වහන්සේගේ හික්මවීම අප වෙතට ඉතා විසගසින් පැමිණෙනු ඇත. පෙර සඳහන් කළා සේ ගැලවීමේ ක්‍රියාවලියේදී අපගේ පාපයන්ට කමාව හිමිවූ නමුත් (ස්ථානීය කමාව) අපගේ දෙවියන් වහන්සේ හා වූ දෛනික සබඳතාව තුළ අප බැඳී සිටිය යුතුයි (සම්බන්ධීය කමාව). කමාව නොලැබුවාවූ පාප කියා නොදුන්නාවූ තත්වයක් තුලදී දෙවියන් වහන්සේ හා නියම සබඳතාවයකට එළඹීමට හැකියාවක් හිමි නොවේ. එම නිසා දෙවියන් වහන්සේ අතර හොඳ හා යහපත් සබඳතාවකට එළඹීමකට නම් අප පාපයක් කළ විගස එය වටහා ගෙන, ඒ සඳහා දෙවියන් වහන්සේගෙන් කමාව අයැද සිටීම ඉතාමත් වැදගත් කරුණකි.



නැවතත් සිංහල මුල් පිටුවට



අප දැනටමත් පාපය උදෙසා කමාව ලැබ සිටින්නේ නම් පාපොච්චාරණය කිරීමට අවශ්‍ය වන්නේ ඇයි (1 යොහන් 1:9)?