settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය ඉගෙන ගැනීමේ සුදුසුම ක්‍රමය කුමක්ද?

පිළිතුර


ලියවිල්ලේ තේරුම නිවැරදිව තහවුරු කිරීම තමයි ඇදහිලිවන්තයෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් ඉලක්කයක්. අපි එය ඉගෙනගෙන සීරුවෙන් කටයුතු කළ යුතුය නිවැරදිව (2 තිමෝති 2:15). ලියවිල්ල ඉගෙන ගැනීම අසීරු කරුණක්. එය ඉතා වැදගත් දෙය නම් ලියවිල්ල උඩින් පල්ලෙන් සියුම් ලෙස බැලීමෙන් සමහර අවස්ථාවලදී වැරදි නිගමන වලට යොමු වේ. එමනිසා වැදගත්ම දෙය ලියවිල්ලේ මූල ධර්ම නිවැරදිව තෝරා ගන්න.

පළමුව, බයිබල් සිසුවෙක් යාච්ඤා කර ශුද්ධාත්මයාණන්ගෙන් තේරුම් ගැනීමට මග පාදන්නැයි ඉල්ලන්න. මන්ද එය උන් වහන්සේගේ ක්‍රියා වලින් එකක්. “එසේවී නුමුත්, උන් වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන් වහන්සේ ආ කළ, උන් වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මග පෙන්වන සේක. මක්නිසාද උන් වහන්සේ තමන් ගෙන්ම උපදවා කථා නොකර, උන් වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක” (යොහන් 16:13). යොහන් 16 යේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන් ගැන කථා කරන අතර උන් වහන්සේ පැමිණි කළ (ශුද්ධාත්මය පෙන්තකොස්ත දවසේදී පැමිණියා ක්‍රියා 2), උන් වහන්සේ සියළු සත්‍ය කරා මග පෙන්වයි. හරියට ශුද්ධාත්මයාණන් පේරිතයන්ට අපට අළුත් ගිවිසුම ලිවීමට මග පෙන්නුවා සේම, උන් වහන්සේ අපට මග පෙන්වනවා ලියවිල්ල තේරුම් ගැනීමට. මතක තබා ගන්න, බයිබලය දෙවියන් වහන්සේගේ පොතයි, එවිට අපි දෙවියන් වහන්සේගෙන් ඇසිය යුතුයි එහි තේරුම කුමක්ද? කියලා. ඔබ කිතුනුවෙක් නම්, ලියවිල්ලේ කතෘවරයා, ශුද්ධාත්මයාණන්, ඔබ තුළ වාසය කරයි, ඒ වගේම උන්වහන්සේ ලියූ දේ ඔබ තේරුම් ගැනීම උන් වහන්සේට වැදගත්.

දෙවනුව, අපට අයිතියක් නෑ පරිච්ඡේදයකින් පදයක් එලියට ගෙන එහි පසුබිමට / තේරුමට පිටින් අර්ථයක් දීමට. අප නිතරම පදය වටා ඇති සියළු පද කියවිය යුතුය හරි තේරුම ගැනීමට. සියළු පරිච්ඡේද උන් වහන්සේගෙන්ම තිබියදී (2 තිමෝති 3:16; 2 පේත්‍රුස් 1:21), දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව පාවිච්චි කරා එය ලිවීමට. මේ මනුෂ්‍යයන්ට තේමාවක් තිබුනා මනසේ, යම් කරුණක් පිළිබඳ ලිවීමට හේතුවක් තිබුනා. අපි පසුබිම කියවිය යුතුයි, අප ඉගෙන ගන්නා බයිබලයේ පසුබිම කව්ද සැබෑ කතෘ දැන ගැනීමට, කාටද ලියන ලද්දේ, කවදාද ලියනු ලැබුවේ. එමෙන්ම, එම ලියවිල්ලටම කථා කරන්න ඉඩ දෙන්න. සමහර අවස්ථා වලදී මනුෂ්‍යයන් ඔවුන්ගේ අදහස් / තේරුම් දෙනවා පද වලට ඔවුනට ආශා ලෙස.

තෙවනුව, අපි ඕනාවට වඩා ස්වාධීන විය යුතු නෑ අප බයිබලය ඉගෙන ගන්න විට. එය ඉතාමත් අහංකාර දෙයක් නම් අන් අය ලියවිල්ල ගැන ඉගෙන ගත් දෙයින් අපට යමක් ලබා ගැනීමට නොහැකි යයි පැවසුවොත්, සමහර අය වැරදි ලෙස ලියවිල්ල දෙසට යොමු වෙනවා ශුද්ධාත්මයාණන් මත යැපෙන අදහසින් උන් වහන්සේ සැඟවුනු සත්‍යතා සොයා දෙන අදහසින්. ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මය දීමෙන්, දීමනා ලත් මිනිසුන්ට දීමනා දී ඇත ආත්මික, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට. මේ දීමනා වලින් එකක් නම් (එපීස 4:11-12; 1 කොරින්ති 12:28). මේ ගුරුවරුන්ව අපට දෙවියන් වහන්සේ දුන්නේ අපට හරියට උපකාර කරන්න තේරුම් ගැනීමට හා ලියවිල්ලට කීකරු වීමට. අන් ඇදහිලිවන්තයන් සමග බයිබලය ඉගෙන ගැනීම වැදගත්. එකිනෙකාට උපකාර කිරීමෙන් දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය කාරා යොමු කරයි (මග පෙන්වයි).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය ඉගෙන ගැනීමේ සුදුසුම ක්‍රමය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries