පාපයේ නිර්වචනය කුමක්ද?




ප්‍රශ්නය: පාපයේ නිර්වචනය කුමක්ද?

පිළිතුර:
දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට පටහැනි / විරුද්ධ දෙය පාපය ලෙසට විස්තර කරයි (1 යොහන් 3:4) සහ එමෙන්ම දෙවියන් වහන්සේට එරෙහිව කැරලි ගැසීම (ද්විතීය කථාව 9:7; යොෂුවා 1:8). පාපය ආරම්භ උනේ ලුසිෆර්ගෙන්, දේවදූතයන් අතර අලංකාරම හා බලවත්ම දූතයා වේ. ඔහුගේ තත්වයෙන් සෑහීමට පත් නොවී ඔහු දෙවියන් වහන්සේට වඩා උසස් වීමට සිතුවා, එයයි ඔහුගේ වැටීමට හේතුව හා පාපයේ ආරම්භය (යෙසායා 14:12-15). සාතන් යැයි නැවත නම් කරා, ඔහු ඒදන් උයනේදී මිනිස් සංහතියට පාපය ගෙනාවා, ඔහු තුළ තිබුනාවූ සිතුවිලි ආදම් සහ ඒව තුළට ගෙනවිත් ඔවුන්ව පරික්‍ෂාවට ලක් කරා, “ඔබ දෙවියන් වහන්සේ වගේ වේවි.” උත්පත්ති 3 විස්තර කරනවා ආදම් සහ ඒව දෙවියන් වහන්සේට හා උන් වහන්සේගේ අණට විරුද්ධව කැරලි ගැසීම. එම කාලයේ සිටම සියලු මනුෂ්‍ය සංහතියටම පාපය ව්‍යාප්ත විය. ආදම්ගෙන් පැවත එන්නෝ ඔහුගෙන් පාපය උරුම කරගෙන ඇත. රෝම 5:12 අපට පවසනවා ආදම්ගේ පාපය නිසා මරණය ලෝකයට ඇතුල්වූ බවත් එය සියලු මනුෂ්‍යන්ට හිමිවූ බවත් මන්ද “පාපයේ කුලිය නම් මරණයයි” (රෝම 6:23).

ආදම් කරණකොටගෙන පාපයට වහල් වීම මනුෂ්‍ය ජාතියට ඇතුල් විය. එමනිසා මිනිස් සංහතිය ස්වභාවයෙන්ම පව්කරුවන් විය. ආදම් පව් කළ විට ඔහුගේ ඇතුලාන්තය පාපය නැමැති කැරලි ගැසීමෙන් වෙනස් විය. ඔහුටත් ඔහුගේ පසුව එන්නන් හට ආත්මික මරණය ඔහු නිසා යොමු විය. අපි පව්කරුවන් අප පව් කළ නිසා නොව අප පව් කරන්නේ අප පව්කරුවන් නිසාය. දුෂ්චරිතය පාපයේ උරුමය හැටියට ගණන් ගනු නොලැබේ. හරියට අපේ ශාරීරික චරිත ලක්‍ෂණ අපගේ දෙමවිපියන්ගෙන් උරුම කර ගන්නා ලෙසට, අප අපගේ පව්කාර ස්වභාවය ලබා ගන්නේ ආදම් ගෙන්ය. දාවිත් රජ වැටුනාවූ මිනිස් ස්වභාවය පිළිබඳ විලාප නගයි ගීතාවලිය 51:5 “බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි, මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය.”

තවත් අයුරක් පාපය හඳුන්වනු ලබන එනම් ආරෝපණය කරන ලද පාපය. එය ආර්ථික හා නීතිමය සැකසුමක්. “ආරෝපණය” යන වචනය ග්‍රීක පරිවර්ථනයෙන් අදහස් වන්නේ “තවත් කෙනෙකුට අයිති දෙයක් ගෙන එය තව කෙනෙකුට බැර කිරීම” ලෙසට. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට පෙර පාපය මිනිසා ආරෝපණය කර නැත, මනුෂ්‍යන් ඒ වෙනකොටත් පාපයේ උරුමය නිසා පව්කාර උන නමුත්, ව්‍යවස්තාව දුන් පසු ව්‍යවස්ථාව උලැහීම පාපය ලෙසට ගණන් ගනු ලැබිණ ඔවුනට (රෝම 5:13). නීතිය උල්ලංගනය කිරීම මිනිසාට ඇතුල්වීමට පොර, පාපයට කුලිය වූයේ මරණයයි (රෝම 5:14). සියළු මනුෂ්‍යන් ආදම් සිට මෝසෙස් දක්වා මරණයට යොමු විය යුතු අය වේ. ඔවුන් මෝසෙස්ගේ ව්‍යවස්තාවට විරුද්ධවීමක් නිසා නොවේ (එය ඔවුනට නොතිබුණි) නමුත් ඔවුන් උරුමකරගෙන ආ පව්කාර ස්වභාවය. මෝසෙස්ට පසුව මිනිසා ආදම් ගෙන් උරුමවූ පාපයත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ කිරීම හේතුවෙන් තමා විසින් එක් කරගත් පාපය නිසා මරණයට නියම විය.

දෙවියන් වහන්සේ දෝෂාරෝපණ මූලධර්මය නිසා මිනිසාට වාසිදායක දෙයක් කරනු ලැබිණ. එනම් එම පාපය ක්‍රිස්තුස් වහන්සේට යොමු කිරීම (ගණනට තැබීම) කව්ද එම පාපයේ කුලිය ගෙවිවේ මරණය-කුරුසියේදී. අපගේ පාපය ක්‍රිස්තුස් වහන්සේට ඇතුලත් කිරීම දෙවියන් වහන්සේ උන් වහන්සේට සැලකුවේ හරියට උන් වහන්සේ පව්කරුවෙකු ලෙසටය. උන් වහන්සේ එසේ නොවූවත්. එමෙන්ම මුළු ලෝකයේ පාපය උදෙසා උන් වහන්සේට මැරෙන්නට හැරීම (1 යොහන් 2:2). පාපය උන් වහන්සේගේ ගණනට ඇතුල් කරන ලද බව මතක තබා ගැනීම වැදගත්. නමුත් උන් වහන්සේ එය ආදම්ගෙන් උරුම කරගත්තේ නැත. පාපයේ කුලිය උන් වහන්සේ දැරුවා. නමුත් උන් වහන්සේ කිසිම විටක පව්කරුවකු නොවීය. උන් වහන්සේගේ පවිත්‍ර පිරිසිඳු ස්වභාවය පාපය විසින් නොඅල්ලන ලදි. උන් වහන්සේට දොස් තැබීමට මුහුණදීමට සිදුවුනේ මනුෂ්‍යන්ගේ පාපය නිසා. උන් වහන්සේ කිසිවක් නොකලත් මාරු කර ගැනීමේදී දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිලිවන්තයන්ට ලබාදී අපගේ ගණන සෑදුවේ උන් වහන්සේගේ ධර්මිෂ්ඨ කමට. හරියට අපගේ පාප ක්‍රිස්තුස් වහන්සේගේ ගණනට තැබුවා සේ (2 කොරින්ති 5:21).

තුන්වෙනි පාප කාණ්ඩය පුද්ගලික පාප, එය සෑම මිනිසෙකු විසින් සෑමදාම සිදු කරයි. මන්ද පව්කාර ස්වභාවයක් ආදම්ගෙන් අපට උරුම නිසා. අප තනිවම, පුද්ගලික පාප, සියළු දේ පෙනෙන පරිදි අහිංසක අසත්‍ය මිනිමැරුම්. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතබා ඇති අයට මේ පාප වලට කුලිය ගෙවීමට සිදුවේ. එමෙන් පාපය උරුමකර ඇතුල් කර ගැනීම වේ. කෙසේ වෙතත් ඇදහිලිවන්තයන් සදාකාල පාපයේ කුලිය නිරය හා ආත්මික මරණයෙන් නිදහස්ය. නමුත් දැන් පාපය එපා කිරීමටද බලය ඇත. අප තුළ සිටින ශුද්ධාත්මයාණන් තුළින්. අප ඒවා කරාම පාපයෙන් හරවා මුදවා ගැනීම (රෝම 8:9-11). අපගේ පාප කියාදී දෙවියන් වහන්සේගෙන් සමාව යදිමි. අප සම්පූර්ණ සම්බන්ධකමට හා සහභාගිත්වයට උන් වහන්සේ සමග ඇතුල්වේ. “අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨ කමින් අප පවිත්‍ර කරන්ටත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක (1 යොහන් 1:9).

අප සියලු දෙනා තුන්වරක් වරදට පත් කරනු ලබයි. උරුමයෙන් ආ පාපය, ඇතුල් කරන ලද පාපය, හා පුද්ගලික පාපය. ධර්මිෂ්ඨ කුලිය මේ පාපයන්ට මරණයයි (රෝම 6:23) ශාරීරික මරණය නොව ආත්මික මරණයයි (එළිදරව් 20:11-15). ස්තුති වන්තව, පාපය උරුම කර ගෙන, පාපය ඇතුල් කර ගෙන, පුද්ගලික පාපය යන සියල්ල යේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගසනු ලැබිණ. දැන් ඇදහිල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරුවා හැටියට “ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ, උන් වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන් වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරද වල කමාව අපට ඇත්තේය” (එපීස 1:7).



නැවතත් සිංහල මුල් පිටුවට



පාපයේ නිර්වචනය කුමක්ද?