settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය යක්‍ෂාවේශය පිළිබඳව කුමක් පවසයිද? අදටත් එය සිදුවිය හැකිද? එසේ නම් එහි ලක්‍ෂණ මොනවාද?

පිළිතුර


බයිබලය අපට උදාහරණ කිහිපයක් දෙනවා යක්‍ෂාරූධ හෝ යක්‍ෂයා විසින් පීඩාවට ලක් කර ඇති මනුෂ්‍යයන් ගැන. මේ උදාහරණ හේතුකොට ගෙන අපට සොයාගත හැක මනුෂ්‍යයෙක් යක්‍ෂයාගෙන් පීඩා වලට ලක් වුනොත් එහි ලක්‍ෂණ මොනවාද? එමෙන්ම මනුෂ්‍යයෙකු තුළට යක්‍ෂයා ආවේශ වෙන්නේ කෙසේද? යන්නට අදහසක් දැක ගත හැකිය. මෙන්න සමහර බයිබලානු කොටස්, මතෙව් 9:32-33; 12:22; 17:18; මාර්ක් 5:1-20; 7:26-30; ලූක් 4:33-36; ලූක් 22:3; ක්‍රියා 16:16-18. ඉහත සඳහන් පද වලින් සමහරක්, යක්‍ෂයාගේ ක්‍රියාකාරමත් ශරීරය මත තිබෙන කෙනෙකුට ශරීරයෙන් ආබාධ ඇතිව ඇත. සමහර විට ගොලු මුඛය, අපස්මාර ලක්‍ෂණ, අන්ධ භාවය තවත් බොහෝ දෑ. තවත් සමහර තත්වයන් සමහර අයව නපුර කරන පිණිස යොමු කරයි / පොළොඹවයි, යුදස් එයට ප්‍රධාන උදාහරණයයි. ක්‍රියා 16:16-18 ඒ ආත්මය සාමාන්‍යයෙන් වහල් දැරියට ඇයගේ ඉගෙනීමට ඉහළින් යම් යම් දේ දැන ගැනීමට හැකියාව දෙයි. ගෙරසේනයේ හී යක්‍ෂාවේශව සිටි මිනිසා (බොහෝ යක්‍ෂයන් වේශව සිට) කන්ඩායමක් (ලෙගියොන්), ඔහුට සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා බොහෝ ශක්තිය තිබුනා, ඔහු නිර්වස්ත්‍රව සොහොන් ගුහාවල ජීවත්විය. සාවුල් රජ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමෙන් පසුව, යක්‍ෂයා විසින් පීඩාවට ලක් කළේය (1 සාමුවෙල් 16:14-15; 18:10-11; 19:9-10) ඔහුට මානසික අසහනය ඇති කරමින් දාවිත්ව මැරීමේ අදහස වැඩි කර පෙන් විය.

එසේම යක්‍ෂ ආවේශය නිසා සිදුවිය හැකි දේවල් බොහෝමයක් ඇත. ශාරීරික දුබල කම එම ස්වභාවය සැබවින්ම කායික ප්‍රශ්නයකට අදාල කළ නොහැකි වේ. මනුෂ්‍ය ස්වභාවය (පුද්ගලිකත්වය) වෙනස් වේ. එනම් මානසික අසහනය, ආරවුල් ඇති කිරීමේ අරමුණ වැනි වේ. අද්භුත ශක්තිය, අවිනිතභාවය, සමාජ විරෝධි හැසිරීම. එමෙන් ස්වභාවික දැන ගැනීමට නොහැකි ආකාරයෙන් තොරතුරු බෙදා ගැනීමට හැකිවේ. ඉතා වැදගත් දැන ගැනීමට එනම්, සියල්ලම වාගේ. එසේ නොවුනත්, මේ චරිත ලක්‍ෂණ වලින් තවත් තේරුම්ද ඇති විය හැක. එමනිසා සමහර අසහන රෝග ඇති හා අපස්මාර රෝග ඇති සියලුම දෙනාට ලේබලයක් ගැසීම සුදුසු නැහැ ඔවුන් යක්‍ෂාවේශ වෙලා ඇති බවට. අනෙක් පැත්තෙන් බටහිර සංස්කෘතිය මනුෂ්‍ය ජීවිත සාතන්ගේ ක්‍රියාවලි ගැන බරපතල අවධානය නොදෙයි.

මේ ශාරීරික හා හැඟීම් ලක්‍ෂණ වලට අනුව සමහර ආත්මික ස්වභාවය තුළ යක්‍ෂයාගේ ක්‍රියාවලිය ලෙසට දැකිය හැක. මෙය සමාව දීමට ප්‍රතික්ෂේප කිරීම ඇතුල් වේ (2 කොරින්ති 2:10-11) හා ව්‍යාජ මූලධර්ම පැතිරවීම හා විශ්වාස කිරීම, විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය (2 කොරින්ති 11:3-4; 13-15; 1 තිමෝති 4:1-5; 1 යොහන් 4:1-3).

කිතුනුවන්ගේ ජීවිත තුළ යක්‍ෂයාගේ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරන විට, පේදුරු තුමා ඉතා හොඳ උපමාවක් යක්‍ෂයාගේ ක්‍රියාවලිය ඇදහිලිවන්තයන්ගේ ජීවිතයේ ඇති බවට (මතෙව් 16:23). සමහර කිතුනුවන් වෙතට අවධානය දෙයි යක්‍ෂයාගේ දරුණු ක්‍රියාවට අසුවී ඇති බව පෙනේ එය “යකෙක් වගේ” නමුත් බයිබලයේ කිසිම උදාහරණයක් නැත ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින ඇදහිලිවන්තයෙක් යක්‍ෂාවේශ වී ඇති බවට. බොහෝ දේව ධර්මාචාරින් විශ්වාස කරනවා කිතුනුවෙකු යක්‍ෂාවේශ වෙන්න බැහැ මන්ද ශුද්ධාත්මයාණන් ඔහු තුළ සිටින නිසා යැයි (2 කොරින්ති 1:22; 5:5; 1 කොරින්ති 6:19) හා එමෙන් දෙවියන් වහන්සේගේ ආත්මය සාතන් සමග තමාගේ වාසස්ථානය බෙදා නොගනියි.

අපට පවසා නැත කෙ‍ෙනකු ආවේශයකට තමාව විවෘත කර දෙන්නේ කියා. යුදාස්ගේ ක්‍රියාව ඉදිරිපත් කර තිබුනා නම් ඔහු ඔහුගේ හදවත නපුරට විවෘත කරා-ඔහුගේ කෑදර කම තමයි ඔහුව යොමු කළේ (යොහන් 12:6). එම නිසා අප තේරුම් ගත යුතුය කෙ‍ෙනකු තම හදවත යම් ඇබිබැහිවීමට විවෘත කර දුන්නොත් (තම හදවත විවෘත කලොත්) එය යක්‍ෂයාගේ ක්‍රියාවලියට ආරාධනාවක් වේ. ධර්මදූත සේවකයන්ගේ අත්දැකීම් අනුව මිථ්‍යාදෘෂ්ටි රූප වන්දනාව යම් යක්‍ෂ ආවේශයට හේතුවක්. එමෙන්ම ගුප්ත භාන්ඩ නිසාද මේ යක්‍ෂාවේශ ඇති වේ. ලියවිල්ල නැවත වර අදාල කරයි රූප වන්දනාව යක්‍ෂ නමස්කාරයමයි (ලෙවී 17:7; විතීය කථාව 32:17; ගීතාවලිය 106:37; 1 කොරින්ති 10:20), එමනිසා මේ රූප වැඳීමේ ඇබිබැහිවීම මනිසාව යක්‍ෂාවේශයකට යොමු කරයි.

ඉහත සඳහන් බයිබල් පද හා මිශනාරිවරුන්ගේ (ධර්ම දූත සේවකයන්ගේ) අත්දැකීම් මත අපට අනාවරණය කර ගත හැක බොහෝ මනුෂ්‍යයන් තමාගේ ජීවිත යක්‍ෂයාගේ ක්‍රියාවට ඉඩ හරිනවා තමා යම් පාපිෂ්ඨ ක්‍රියාවන් හා අද්භුත ක්‍රියාවල් වැලඳ ගැනීමෙන් (දැනුමෙන් හා නොදැනුවත් කමින්). උදාහරණයකට දුරාචාරය ඇතුලත් වේ. මත්කුඩු / මත්පැන් මනුෂ්‍යන්ව සැබවින්ම වෙනස් පවත්නා තත්වයක් ජනනය වේ. කැරලිකාරකම, තිත්තකම හා අද්භුත නමස්කාර.

එහි අධික සැලකිලිමත්කමක් ඇත. සාතන්ට හා ඔහුගේ සගයන්ට කිසිම දෙයක් කිරීමට බැහැ දෙවියන් වහන්සේ ඔවුන්ට අවසර නොදුන්නොත් (යෝබ් 1-2). එම හේතු කොට ගෙන සාතන් සිතනවා ඔහු ඔහුගේ සැලැස්ම සම්පූර්ණ කරනවා යැයි. යුදස්ගේ තත්වය තුළ පාවාදීම. සමහර අය වර්ධනය කර ගන්නා දෙය නම් කිසිම ශක්තියක් නැති යක්‍ෂයාගේ ක්‍රියාව අද්භුත මන බන්දන මෙය අඥාන හා දේව වචනය අනුකුල නැත. අපි දෙවියන් වහන්සේව අනුගමනය කරනවා නම් අපි උන් වහන්සේගේ ආයුධ පැළඳ සිටිනවා නම් උන් වහන්සේගේ ශක්තිය මත යැපෙනවා නම් (එපීස 6:10-18), අපි නපුරාට භය විය යුතු නැත. මන්ද දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය යක්‍ෂාවේශය පිළිබඳව කුමක් පවසයිද? අදටත් එය සිදුවිය හැකිද? එසේ නම් එහි ලක්‍ෂණ මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries