settings icon
share icon
ප්‍රශ්නය

පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනයෙහි න්‍යාය කුමක්ද?

පිළිතුර


පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය වූ කලී පෘථිවියේ ජීවයේ සම්භවය පිළිබද සමපේක්ෂන උපකල්පනයකි. මෙම කල්පනය සම්බන්ධිත අදහස් සමූහයක ඉතා නිශ්චිත උප අංශයකි. “බාහිර්ජනනය” වනාහී පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝක වැනි වෙනත් ස්ථානයක පෘථිවි ජීවය ආරම්භ වූ බවට සාමාන්‍යය කල්පනයට යොමු වන පදයකි. ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය නිවැරදිව අප යෙදුවහොත් ජීවය විශ්වයේ වෙනත් තැන්වල මූලික ස්වරූපයකින් පැවති අතර පෘථිවියට සහ /හෝ වෙනත් ග්‍රහලෝක වලට ව්‍යාප්ත වූ බව උපකල්පනය කරයි. පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය වඩාත් නිශ්චිත වූවක් වන අතර මූලික ආකාර නොහොත් “ජීව බීජ” කිසියම් දියුණු පිටසක්වල ජීවින් විසින් ඔවුන් ගොඩ බැස ඇති ඕනෑම තැනක ජීවය ආරම්භ කිරීමේ උත්සාහයක් ලෙස සිතාමතාම සෑම දිශාවකටම ව්‍යාප්ත කළ බවට යෝජනා කරනු ලබයි.

පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය මුල් ප්‍රවර්ධකයෙකු වූයේ ඩී එන් ඒ සොයාගත්තවුන්ගේ සමකාලීනයෙකු වූ ෆ්‍රැන්සිස් ක්‍රික්ය. කැපවූ අදේවවාදියෙකු වූ ක්‍රින් වරක් පාරිවේණික තනතුරකින් ඉල්ලා අස්විය. මන්දයත් දේවස්ථානයක් තැනීමට විද්‍යාලය තෝරාගෙන තිබූ හෙයිනි. ක්‍රික් ඔහුගේ සොයාගැනීම් මගින් අභියෝග කරන ලද සැළසුම් නොකළ ස්වභාවිකව පාලනය කළ විශ්වයක් තුළින් ඔහුගේ විශ්වාසය සොයා ගත්තේය. විශේෂයෙන්ම ක්‍රික්ට ඩී එන් ඒ පරිණාමනය විය හැකි බව විශ්වාස කිරීමට නොහැකි වූයේ එහි ව්‍යුහය සහ ස්වභාවික පරිණාමයේ මූලධර්ම පිළිබද ඔහුගේ දැනුම මත පදනම්වය. ඩී එන් ඒ බුද්ධිමත් නිර්මාතෘවරයෙකුගේ විචාරමත් ගොඩනැගීමේ හැකියාව සලකා බලනවාට වඩා ක්‍රික් බාහිර්ජනනය, ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය සහ පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය වැනි අදහස් පිළිබදව කල්පනා කළේය. සැළකිය යුතු ප්‍රශ්න වලට පිළිතුරු නොලැබුනද හුදු ස්වභාවික යාන්ත්‍රණ වලින් පෘථිවිය මත ජීවය පරිණාමය වීම සදහා වූ ඔහුගේ කැපවීම ක්‍රික් එතැන් පටන් යළි තහවුරු කොට ඇත.

පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය සහ බාහිර්ජනනය පිළීබදව වඩාත් සාමාන්‍යය අදහස් විද්‍යාත්මක ප්‍රජාව තුළ හොදින් පිළිගනු නොලබයි. සමහරු මෙම අදහස් ස්වභාවික පරිණාමයට අර්ධ පරස්පර ලෙස දකිති. ඇත්ත වශයෙන්ම පෘථිවියේ ජීවය ආරම්භ වූයේ කෙසේද යන ප්‍රශ්නය එම ජීවය ඉදිරියට ගියේ කෙසේද යන ප්‍රශ්නයට වඩා වෙනස්ය. පෘථිවි ජීවයේ සම්භවය පිළිබදව වඩාත් කැමති විශ්වාසය වන්නේ හේතු කිහිපයක් නිසා ස්වයංජාතය (අජීවි ද්‍රව්‍ය වලින් ජීවී ජීවීන්ගේ වර්ධනය යැයි කියනු ලබන අතර එය ස්වයංසිද්ධ පරම්පරාව ලෙසද හැදින්වේ). මේවායින් වඩාත්ම ප්‍රකාශිත දෙය නම් ඕනෑම ආකාරයක බාහිර්ජනනයක් සිදුවිය හැකි බවට යෝජනා කරන සාක්ෂි නොමැති කමය. දෙවනුව ස්වභාවික සම්භවයක් හැර වෙනත් දෙයක් ජීවයට තිබිය හැකි බවට ඕනෑම යෝජනාවකින් ස්වභාවිකත්වයට පූර්ව කැපවීම තර්ජනයට ලක්වේ. වෙනත් ස්ථානයකින් ආරම්භ වන ජීවය පිළිබද ප්‍රශ්න සැළසුම් කළ හෝ නිර්මාණය කරන ලද ජීවිතය පිළිබද අමතර ප්‍රශ්න මතු කරයි. එය ස්වභාවික කවයක් තුළ පහසු මාතෘකාවක් නොවේ.

පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය වනාහී පෘථිවියේ ජීවයේ මූලාරම්භය පැහැදිලි කිරීමට යෝජනා කර ඇති බොහෝ අපූර්ව උපකල්පනවලින් එකකි. ජීවයේ සම්භවය පිළිබද ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි බව ස්වභාවික විද්‍යාව පවා අවබෝධ කරගෙන ඇත. පරිණාමයට අනුබල දෙන සාක්ෂි පිළිබද සමපේක්ෂනය වැඩි වෙමින් පවතින අතර ප්‍රථමයෙන් ස්වභාවිකව ආරම්භ වන ජීවිතය සදහා පිළිගත හැකි ආධාරකයන් නොමැත. දෙවියන්වහන්සේ නොමැති ජීවිතයක් ගත කිරීමට නම්, ජීව විද්‍යාවේ දන්නා සෑම දෙයක්ම තරයේ නිශ්ප්‍රභා කරන ලද සංකල්පයක් වන ස්වයංජාතය ජීව උත්පාදනයේ ප්‍රහේලිකාවට ස්වභාවිකව පිළිතුරු දිය යුතුවේ. බාහිර්ජනනය සහ ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය වැනි අදහස් දෙවියන්වහන්සේගෙන් තොර විශ්වාසයක් පිළිබදව විශ්වාසය සහේතුක කිරීමට දරන උත්සාහයේ අතුරු ඵලවේ.

දේව වචනය අනෙක් අතටල මනුෂ්‍යය වර්ගයාට උන්වහන්සේ තමන් වහන්සේව සහ උන්වහන්සේගේ විශ්වයේ නිර්මාණය අනාවරණය කරනු ලබන සේක. “පටන්ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළවත් මැවූ සේක” (උත්පත්ති 1:1). මෙම වාක්‍යයෙහි ස්වභාවික විද්‍යාවේ මූලින මූලධර්ම වන ප්‍රතිෂ්ඨාපිත දේවල් පිළිබද විද්‍යාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කිරීමට අවශ්‍යය සියල්ල අඩංගුවේ. ස්වභාවික විද්‍යාව ද්‍රව්‍යමය විශ්වය පිළිබද සදහන් කිරීමේදී අනුකෘතියක් සමග කටයුතු කරයි. සම්පූර්ණ අනුකෘතිය සදහා ඔබට පදාර්ථය, බලය, ශක්තිය, අවකාශය සහ කාලය තිබිය යුතුවේ. “පටන්ගැන්මේදී (කාලය) දෙවියන්වහන්සේ (බලය) (ශක්තිය) අහසත් (අවකාශය) පොළවත් (පදාර්ථය) මැවූ සේක.” උත්පත්ති 1:1හී මෙම කරුණු 5ම අඩංගුවේ. සම්පූර්ණ අනුකෘතිය උත්පත්ති 1:1හී ඇති අතර එය ගැඹුරු විද්‍යාත්මක ප්‍රකාශනයකිගවිශ්වය වූ කලී අවකාශය, කාලය, පදාර්ථය සහ ශක්තිය යන අනුකෘතියකි. ඒ සියල්ල එකම සංක්‍රමයක පැවතිය යුතුවේ. ඒ සියල්ල එකට එකතු විය යුතුය, නැතහොත් කිසිවක් නොපවතියි. සම්පූර්ණ අඛණ්ඩතාවය මුල සිටම සමකාලික ලෙස පැවතිය යුතුය. ඔබට ඒ සියල්ල උත්පත්ති 1:1හී දැක ගත හැක්කේ එබැවිනි. ඒ සියල්ල එහි තිබිය යුතුය. විද්‍යාව එය තිබිය යුතු බව පවසන අතර ශුද්ධ ලියවිල්ල පවසන්නේ එය පවතින බවය. බාහිර්ජනනය, ස්වයංජාතය සහ ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනය යන සිද්ධාන්ත නිතැතින්ම සත්‍යය නොවේ. න්‍යායන් සහ දර්ශන හට ගන්නා අතර ඒවා නැතිවී යති. එනමුත් දේව වචනය සත්‍යය, විශ්වාසවන්ත, නිවරුදි මෙන්ම පරිපූර්ණ වේ, එසේම සදාකාලිකය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පරිවහණය කරන ලද ක්ෂුද්‍රජීවින් මගින් වූ ජීව උත්පාදනයෙහි න්‍යාය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries