settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවන් තම දරුවන්ව විනය හසුරුවන්නේ කෙසේද? බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


යහපත් ලෙස දරුවන්ව විනය හැසිරවීම ඉගෙන ගත යුතු හා අපහසු ඉලක්කයක් වන්නේ කෙසේද? සමහරු ප්‍රකාශ කරන්නේ ශාරිරික විනය හැසිරවීම (කායික දඬුවම) තට්ටමට පහරදීම බයිබලයද එකඟ වෙයි. තවත් සමහරු “ඒ වෙලාවට” ඒවගේම අනෙක් දඬුවම් වලට ශාරිරික විනය හැසිරවීම අදාල නොවන බවත්. එවැනි විනය හැසිරවීම බලපෑමක් ඇති කරයි. බයිබලය කුමක් පවසයිද? බයිබලය පවසනවා ශාරිරික විනය හැසිරවීම යෝග්‍ය, ඵලදායි හා අත්‍යවශ්‍යයි.

වැරදියට වටහා නොගන්න-අප කිසිම විටක ළමා අපචාර (හිරිහැර) වලට උල්පන්දම් නොදේ. දරුවෙකුව කිසිම විටක ශාරිරික හානියක් වන ලෙසට නොකල යුතුය. බයිබලයට අනුව, යොග්‍යවූ හා දරුවෙකුගේ සංයමයකින් යුත් විනය හැසිරවීම යහපත් දෙයක් හා දරුවන්ව යහපත් ගුණ ගරුක මිනිසුන් හා නිවැරදි ගොඩ නැගීමක්ද වේ.

බොහෝ ලියවිලිවල ශාරිරික විනය හැසිරවීම හඳුන්වා දෙයි. “දරුවාගෙන් දඬුවම නොවලක්වන්න, ඉපලෙන් නුඹ ඔහුට තළන්නෙහි නම් ඔහු නහින්නේ නැත. ඉපලෙන් ඔහුට තළාපන්න; එයින් නුඹ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් (මිනීවලෙන්) ගළවන්නෙහිය” (හිතෝපදේශ 23:13-14 එසේම 13:24, 22:15, 20:30). විනය හැසිරවීමේ අවශ්‍යතාව පිළිබඳව බයිබලය දැඩි ලෙස කථා කරයි. එය අප තුළ නිපදවා ගත යුතුම දෙයකි, අපි තරුණව සිටින අවදියේදී එය ඉගෙන ගැනීමට පහසුය. විනය නොහැසුරුනු දරුවෝ කැරලිකාරයන් (හිතුවක්කාරයන්) ලෙසට පත්වේ. ආධිපත්‍යයට ගරු නොකරන, එමෙන්ම එවැනි ළමුන් තම කැමැත්තෙන්ම දෙවියන් වහන්සේට කීකරුව අනුගමනය නොකරයි. දෙවියන් වහන්සේ අපවද විනය හසුරනවා, අපව නිවැරදි කර හරි මාවතට ගෙන අපගේම වැරදි වලට සමාව ඉල්ලීමට අපව ධෛර්ය්‍යමත් කරන පිණිස (ගීතාවලිය 94:12; හිතෝපදේශ 1:7; 6:23; 12:1; 13:1; 15:5; යෙසායා 38:16; හෙබ්‍රෙව් 12:9).

බයිබලයේ මූලධර්ම වලට අනුව විනය හැසිරවීම කරන විට දෙමවිපියන් විනය හැසිරවීම පිළිබඳව ලියවිල්ලේ සඳහන් දේවල් පිළිබඳව හොඳාකාරව දැන සිටිය යුතුය. හිතෝපදේශ පොතේ දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳව ප්‍රඥාව ගැන බෙහෝ කථා කරයි. එනම් “ඉපලද තරවටු කිරීමද ප්‍රඥාව දෙන්නේය, එහෙත් තමාගේ කැමැත්තට අත් හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි” (හිතෝපදේශ 29:15). මෙම පදයේ විපාකය පිළිබඳව කථා කරයි. දරුවෙකුව විනය නොහැසිරිවීම නිසා සිදුවන දෙමවිපියන් අකාරුණිකයි. නියත වශයෙන්ම විනය හැසිරවීම සිදු කළ යුතුමය, දරුවාගේ යහපත උදෙසා, ඒ වගේම දරුවාගේ වැරදි ක්‍රියාවල් සාදාරණිකරනය නොකළ යුතුය. ඒ වගේම අපගේ තරහා ඇරගන්න (තරහා පිරිමහන්න) නොකළ යුතුය.

විනය හැසිරවීම නම් දරුවාට නිවැරදි මාර්ගයේ යාමට ඉගැන්වීමයි. “කිසි දඬුවමක් ලබන කළ ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හට ගන්නේය” (හෙබ්‍රෙව් 12:11). දෙවියන් වහන්සේගේ විනය හැසිරීම ප්‍රේමණීයයි, එමෙන්ම එය දරුවන් හා දෙමව්පියන් අතරද විය යුතුය. ශාරිරික විනය හැසිරවීම දීර්ඝ වේදනාවක් හා පීඩාවක් නොවිය යුතුය. නිතරම විනය හැසිරවීමත් සමගම දරුවාට දැනෙන්නට සලස්වන්න ඔහු / ඇය ආදරය ලැබීමට හැකියාව ඇති කෙනෙක් කියා. මෙවැනි අවස්ථාවලදී අපි දරුවාට කියා දිය යුතුය දෙවියන් වහන්සේ අපව විනය හසුරුවන්නේ අපට ඇති ආදරය නිසා බවත්, ඒ වගේම දෙමාපියන් වන අපද තම දරුවන්ට එසේම බවත්ය.

අනෙක් අයව විනය හසුරුවන්න පුළුවන්ද, “ඒ වෙලාවේ” හැටියට, ශාරිරික විනය හැසිරවීමක් නොමැතිවද? සමහර මිනිසුන් දැන ගන්නවා තම දරුවන් ශාරිරක විනය හැසිරවීමට හොඳ ප්‍රතිචාර නොදක්වන බව. තවත් සමහරු “වෙලාවකට” රෝපණය වන හෝ දරුවාගෙන් යමක් ඉවතට ගැනීම බලපාන දඬුවමක් බවත් ඉන් හැසිරීමේ වෙනසක් ඇති කරන බවත්ය. එය නම් සැබෑ තත්වය දෙමාපියන් දරුවාගේ හැසිරීම වෙනස් කිරීමට සුදුසුම ක්‍රම භාවිතා කළ යුතුය. බයිබලය අපට නිශ්චිත ශාරිරික විනය හැසිරවීම පිළිබඳව කථා කරන අතර බයිබලය වඩාත් උනන්දු වන්නේ දේවභක්තික චරිතවත් මිනිසුන් ගොඩ නැගීමේ ඉලක්කය ඇතිවයි. ඉලක්කය සම්පූර්ණ කිරීම ගැන ඇති නිවැරදි සාධක වලට අවධානය දීමට වඩා.

මෙම ක්‍රියාව වඩාත් අපහසු වන්නේ රජය දරුවන්ව ශාරිරික විනය හැසිරවීම් සියල්ල ළමා අපචාර ලෙසට දැන් හඳුන්වයි. බොහෝ දෙමවිපියන් තම දරුවන්ට තට්ටමට ගැසීමට පවා බිය වෙනවා, මන්ද එය රජයට වාර්ථා කළොත් ඔවුන් ඇවිත් තම දරුවා රැගෙන යයි කියන බය නිසා. දරුවන්ව ශාරිරක විනය හැසිරවීම (තැලීම) නීතියට පටහැනි දෙයක් ලෙසට රජය නියෝග කළොත් දෙමවිපියන් කුමක් කරයිද? රෝම 13-17 ට අනුව, දෙමාපියන් රජයට යටත් විය යුතුය. රජය කිසිම විටක දේව වචනයට එරෙහි නොවිය යුතුය. ශාරිරික විනය හැසිරවීම බයිබලයට අනුව කථා කරන කළ, එය දරුවන්ගේම යහපත උදෙසාය. කෙසේ වෙතත්, දරුවන්ව තම පවුල සමග තැබීම වැදගත් මන්ද එවිට ඔවුන් පොඩි හෝ විනය හැසිරවීමකට යටත් වෙනවා, එය දරුවාව රජයට රැගෙන නැති කර ගැනීමට වඩා.

එපීස 6:4 හි පියවරුන් දරුවන් කුපිත වන ලෙස ක්‍රියා නොකරන්න අණ කර ඇත. දරුවන්ව ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගොඩ නැගිය යුතුය. “දෙවියන් වහන්සේගේ පුහුණුව හා මග පෙන්වීම” ඇතිව සංයමයකින්, නිවැරදිව, හා ඔව්, ප්‍රේමණීය ශාරිරික විනය හැසිරවීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවන් තම දරුවන්ව විනය හසුරුවන්නේ කෙසේද? බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries