settings icon
share icon
ප්‍රශ්නය

දික්කසාද වී නැවත විවාහවීම පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


දික්කසාදය පිළිබඳව කෙනෙකු කුමණ මතයක් දැරුවද බයිබලය මලාකි 2 : 16අ හි පවසන දෙය මතක තබා ගැනීම පළමුව වැදගත්ය. “ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරණ සේක. මම දික්කසාදයට දැඩි ලෙස ද්වේෂ (විරුද්ධ) වෙමි” (නව අනුවාදය). බයිබලයට අනුව විවාහය යනු ජීවිත කාලයටම ඇතිවන බැඳීමකි. කැපවීමකි. “මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා” (මතෙව් 19 : 6). පව්කාර මනුෂ්‍යයින් දෙදෙනෙකු අතර විවාහය සිදුවන බැවින් දික්කසාදය ඇතිවන බව දෙවියන් වහන්සේ තේරුම් ගන්නා සේක. දික්කසාද වූවන්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ අයිතීන් සුරුකීමට උන් වහන්සේ පරණ ගිවිසුමෙහි යම් යම් ව්‍යවස්ථාවන් ස්ථාපිත කළ සේක (ද්විතීය කථාව 24 : 1-4). මෙම ව්‍යවස්ථා දෙනු ලැබුවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා නොව සෙනඟගේ සිත් දැඩිකම නිසා බව යේසුස් වහන්සේ පෙන්වාදුන් සේක (මතෙව් 19 : 8).

බයිබලයට අනුව දික්කසාදය හා නැවත විවාහයට ඉඩ දෙන්නේද යන්න පිළිබඳ මතභේදය මූළිකවම මතෙව් 5 : 32 හි හා 19 : 9 හි යේසුස් වහන්සේගේ වචන මත කේන්ද්‍රීය වන්නේය. “වෛශ්‍යාකමට මිස” යන වැකි කඩ දික්කසාදයයට හා නැවත විවාහයට දෙවියන් වහන්සේගේ අවසරය දෙන ශුද්ධ ලියවිල්ලේ සඳහන් එකම කාරණයයි. බොහෝ පරිවර්තකයින් “මිස” යන වැකිකඩ “විවාහ ගිවිස ගැනීමේ” කාලය අතර තුර කරන “වෛශ්‍යාකම” යන්නට අදාළ කරති. යුදෙව් චාරිත්‍ර වලට අනුව, ස්ත්‍රියක හා පුරුෂයෙකු “විවාහ ගිවිස ගෙන” සිටින කාලයේදී පවා විවාහ වූවන් ලෙස සලකනු ලැබුවේය. මෙම කාලයේ දික්කසාදයට ඇති එකම වලංගු කාරණය වූයේ වෛශ්‍යාකමයි.

කෙසේ වෙතත් “වෛශ්‍යාකම” (marital unfaithfulness) යන්න ග්‍රීක බසින් පරිවර්තනය කරන්නේ ඕනෑම ආකාරයක ලිංගික දුරාචාරය අර්ථවත් කරන ආකාරයෙන්ය. එය අයථා ලිංගික සම්බන්ධතා, වෛශ්‍යාකම හෝ අනාචාරයේ හැසිරීම විය හැකිය. ලිංගික අනාචාර හැසිරීම දික්කසාදයට අවසර ලැබෙන්නක් බව යේසුස් වහන්සේ පැවසුවා විය හැක. ලිංගික සම්බන්ධතා “දෙදෙනා එක මාංසයක්” වන විවාහ ඇපකරයේ අවශ්‍යම එක් කොටසකි (උත්පත්ති 2 : 2; මතෙව් 19 : 5; එපීස 5 : 31). ඒ අනුව, විවාහයෙන් බාහිරව ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් එම ඇපකරය කඩා දැමීම, දික්කසාදයට අවසර ලැබීමට හේතුවක් වන්නේය. කරුණු එසේ නම්, නැවත විවාහය පිළිබඳවද යේසුස් වහන්ස්ගේ සිතෙහි තිබී ඇත. “වෙනත් කෙනෙකු සරණ පාවා ගැනීම” (මතෙව් 19 : 9) යන්නේ අදහසට කුමණ ආකාරයක අර්ථකතනයක් දුන්නද ඉන් කියවෙන්නේ දික්කසාදය සමග නැවත විවාහයටද අවසර ලැබෙන බවය. නැවත විවාහයට අවසර ලැබෙන්නේ නිර්දෝෂි (අහිංසක) පාර්ශවයට පමණක් බව සැලකීම වැදගත්ය. එම කොටසෙහි සඳහන් නොවෙතත් දික්කසාදයෙන් පසු නැවත විවාහයකට අවසර ලැබීම නිර්දෝෂි පුද්ගලයා හට දෙවියන් වහන්සේ කරුණාව දැක්වීම මිස කාමමිථ්‍යාචාරය කරනු ලැබූ පුද්ගලයා හට කරුණාව දැක්වීම නෙවේ. “වැරදිකාර පාර්ශවයට” නැවත විවාහ වීමට අවසර දෙන අවස්ථාද ඇතිවිය හැක. එහෙත් මෙහි එවැනි සංකල්පයක් උගන්වන්නේ නැත.

1 කොරින්ති 7 : 15 න් කියවෙන්නේ නොඇදහිලිවන්ත භාර්යාව හෝ පුරුෂයා ඇදහිලිවන්තයකු දික්කසාද කරමින් නැවත විවාහයකට ඉඩ දෙන තවත් “අතහැර යාමක්” ලෙස ඇතැමුන් තේරුම් ගනිති. කෙසේ වෙතත් එම කොටස නැවත විවාහය ගැන සඳහන් නොකරයි. නමුත් ඉන් පවසන්නේ නොඇදහිලිවන්ත සහකරුවාට පිටව යාමට (අත්හැර දැමීමට) අවශ්‍ය නම් විවාහය දිගටම පවත්වාගෙන යාමට ඇදහිලිවන්තයා බැඳී නොමැති බව පමණය. බයිබලයේ ලැයිස්තුගත කර නොමැති වූවත් (සහකරුවා, සහකාරිය හෝ දරුවන්) අපයෝජනය දික්කසාදයට වලංගු හේතු බව ඇතැම් අය ප්‍රකාශ කරති. මෙය හොඳ හේතුවක් වූවත් දේව වචනය අනුමාන කිරීම කිසි විටක බුද්ධිමත් නොවේ.

“හැරයාමේ නියමය” මත වාද කිරීමේදී ඇතැම්විට කෙනෙකු මංමුලාවන තවත් කරුණක් ඇත. ඒ “විවාහයට ද්‍රෝහිවීම” යනු දික්කසාදයට අවශ්‍යතාවක් නොව දීමනාවක්ය යන කාරණයයි. කාමමිථ්‍යාචාරය සිදුකල අවස්ථාවකදී වූවත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය (කරුණාව) තුළින් සමාව දී විවාහය යළි ගොඩනැගීම ආරම්භ කිරීමට විවාහක යුවලකට හැකියාව තිබේ. දෙවියන් වහන්සේ අපට එයට වඩා බොහෝ සේ සමාව දී ඇත. ඇත්ත වශයෙන්ම අපට උන් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් කාමමිථ්‍යාචාරයේ පාපයට පවා සමාව දෙන්නට පුළුවන (එපීස 4 : 32). කෙසේ වූවත්, බොහෝ අවස්ථාවල සහකරුවා සමාව නොඉල්ලන සුළුය. ඔහු හෝ ඇය දිගටම ලිංගික දුරාචාරයේ පවතින්නේය. මතෙව් 19 : 9 අදාළ කළ හැක්කේ එතැනටය. දික්කසාදවූ කෙනෙකු තනිකඩව සිටීම ඇතැම්විට දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබියදීත් බොහෝ දෙනා දික්කසාදයෙන් පසු නැවත විවාහවීමට ඉක්මන් වෙති. ඇතැම්විට දෙවියන් වහන්සේ කෙනෙකුගේ අවධානය බෙදී නොයන පිණිස ඔහුව හෝ ඇයව තනිකඩව සිටීමට කැඳවන සේක (1 කොරින්ති 7 : 32-35). ඇතැම් අවස්ථාවල දික්කසාදයකින් පසු නැවත විවාහය විකල්පයක් වන්නට පුළුවන. එහෙත් එය එකම විකල්පය යයි අදහස් නොකෙරේ.

කිතුනුවන් අතරද දික්කසාදය නොඇදහිලිවන්ත ලෝකයේ තරමටම ඉහළ ගොස් තිබීම කණගාටුවට කරුණකි. දෙවියන් වහන්සේ දික්කසාදය ද්වේෂ කරන බව බයිබලය ඉතා පැහැදිලි ලෙස සඳහන් කරයි (මලාකි 2 : 16). එමෙන්ම සමගි කිරීම හා සමාව දීම ඇදහිලිවන්තයකුගේ ජීවිතයේ සළකුණු විය යතුය (ලූක් 11 : 4; එපීස 4 : 32). කෙසේ වෙතත් දික්කසාදවීම් ස්වකීය දරුවන් අතර පවා ඇතිවන බව දෙවියන් වහන්සේ හඳුනන සේක. දික්කසාදවී හා / හෝ නැවත විවාහවූ ඇදහිලිවන්තයා තමන්ගේ දික්කසාදය හා / හෝ නැවත විවාහය මතෙව් 19 : 9 හි සඳහන් හැරයාමේ නියමය යටතට පත් නොවන නමුත් දෙවියන් වහන්සේ තමන්ට අඩුවෙන් ප්‍රේම කරන බව නොසිතිය යුතුය. අකීකරු පව්කාර කිතුනුවන් පවා බොහෝවිට මහත් දේවල් සම්පූර්ණ කරන පිණිස දෙවියන් වහන්සේ පාවිච්චි කරන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දික්කසාද වී නැවත විවාහවීම පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries