settings icon
share icon
ප්‍රශ්නය

සාතන් සිටිනවාද?

පිළිතුර


සාතන්ගේ පැවැත්ම පිළිබඳව බයිබලය පැහැදිලිවම අපට දැනුම් දෙයි. ඔහු මිනිසාගේ සතුරා ලෙස විග්‍රහ කර ඇත (උත්පත්ති 3:15), බොරුවේ පියා (8:44ආ), සහ චූදිතයා (එළිදරව් 12:10) යනාදියය. "සාතන්" යන වචනයේ තේරුම "විරුද්ධකාරයා" යන්නයි යෙසායා 14:12-17 පැහැදිලි කරන්නේ සාතන් මුලින්ම දේව දූතයෙකුවූ නමුත් දෙවියන් වහන්සේට පමණක් අයිතිවු නමස්කාරය සහ ගෞරවය ඔහුටත් අවශ්‍යයයි තීරණය කළ කල්හි ඔහුව ස්වර්ගයෙන් නෙරපනු ලැබූ බවත්ය (එසෙකියෙල් 28:11-17).

ඔහුව ස්වර්ගයෙන් නෙරපා දැමූ දා සිට (ඔහු සමඟ කැරලි ගැසීමට තෝරා ගත් දේව දූතයන් සමඟ) සාතන් දෙවින් වහන්සේට විරුද්ධවීම සහ පොළොවේ ජනයා කැරැල්ලකට යොමු කිරීම ඔහුගේ අරමූණ කර ගෙන තිබේ. මේ ලෝකයේ සාතන්ට යම් බලයක් තිබේ. ඔහුව" මේ යුගයේ දෙවියා" (2 කොරින්ති 4:4) සහ "ආකාශයේ බලයේ අධිපතියා" ලෙස හැඳින් වේ (එපීස 2:2). අප "අවදියෙන් හා සන්සුන්ව සිටිය යුත්තේ එබැවිනි. ඔබේ සතුරා වන යක්‍ෂයා ගොරවන සිංහයෙක් මෙන් කාව ගිලගනිම්දැයි සොයමින් ඔබ මොබ ඇවිදමින් සිටියි" (1 පේත්‍රැස් 5:8).

සාතන්ට අපගේ ජීවිත විනාශ කර දැමිය හැකි එක්ප්‍රධාන ක්‍රමයක් වන්නේ රැවටීමයි. දෙවියන් වහන්සේ කවුද, දෙවියන් වහන්සේ අප කවුරු කියා පවසනවාද, ඔහු කවුද යන්න කියා අප රවටන විට, ඔහු අපගේ ජීවිත තුළ බලය හා අධිකාරිය ලබා ගනී. "සාතන් කියා කෙනෙක් නැත" යන්න සාතන් පවසන වඩාත්ම ප්‍රබල බොරුවවේ.

මැවමේදී දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට පොළොව කෙරෙහි බලය ලබා දුන්නේය (උත්පත්ති 1:28). ආදම් සහ ඒව කැමැත්තෙන් දෙවියන් වහන්සේට අකීකරු වූ විට, ඔවුන් තම අධිකාරිය අත්හැරිය අතර, සාතන්ට ඇහුම්කන් දීමෙන් ඔවූහු යක්‍ෂයාට යටත් වූහ. එහෙත්, යේසුස් වහන්සේ කුරුසියේදී සාතන්ගේ අධිකාරිය නැති කර දැමුවේය. "මේ ලෝකය විනිශ්චය කිරීමට කාලය දැන්ය, මේ ලෝකයේ අධිපතියා පන්නා දමනු ලැබේ" (යොහාන් 12:31). "දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පැමිණීමට හේතුව යක්‍ෂයාගේ වැඩය විනාශ කිරිමටයි (1 යොහාන් 3:8). ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින අය කෙරෙහි සාතන්ට තවත් බලයක් නැති නමුත් සාතන්ගේ බොරුව විශ්වාස කර අප ඉඩ හැරියොත් මිස.

සාතන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු හොලිවුඩ් සහ වෙනත් දෝෂ සහිත මූලාශ්‍ර වලින් පැමිණේ. මේ හා වෙනත් කාරණා පිළිබඳ සත්‍ය සඳහා අප බයිබලය වෙත යාම අත්‍යවශ්‍ය වේ. සාතන් සිටින බව බයිබලය අපට පැහැදිලිව පවසන අතර ඔහු ක්‍රියා කරන ආකාරය පිළිබඳවද එය අපට ඉඟි කරයි. දෙවියන් වහන්සේගේ බලය සාතන්ගේ බලයට වඩා අසීමිත බැවින් අපට බිය වීමට කාරණයක් නැත. නමුත් අපගේ අධ්‍යාත්මික සටනේදී නිවට නොවන්නැයි බයිබලය අපට උගන්වයි (එපීස 6:10-18). ප්‍රධාන දෙය නම් දෙවියන් වහන්සේට යටත්වී යක්‍ෂයාට විරුද්ධ වීමයි (යාකොබ්4:7). ක්‍රිස්තුස් වහන්සේ යහපත උදෙසා සාතන්ව කුරුසිය මත පරාජය කර ඇති බවත් සාතන්ගේ අවසානය වන සදාකාලික විනිශ්චය බවත් සහතිකය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන් සිටිනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries