settings icon
share icon
ප්‍රශ්නය

ද්වෛතවාදය යනු කුමක්ද?

පිළිතුර


දේවධර්මයෙහි, ද්වෛතවාදය යන සංකල්පය හොඳ සහ නරක යනුවෙන් කොටස් දෙකකට උපකල්පනය කරනු ලබනවා. සැබවින්ම මේ ආකාර දෙකම සමාන බලතල ඇත්තන්. ක්‍රිස්තියානි ද්වෛතවාදයේ දෙවියන් වහන්සේ හොඳත්, සාතන් නරක කොට්ටාසයක් නිරූපනය කරනවා.

කෙසේ වූවත් සැබෑව නම් සාතන් හටත් යම් තාක් දුරකට බලයක් තිබෙන මුත් එය කිසි දිනෙක සර්වබලධාරි දෙවියන් වහන්සේට සමාන නොවන බවයි. මන්දයත් දෙවියන් වහන්සේ විසින් දේව දූතයෙකු ලෙස සාතන් මැවූ අතර ඒ වන තෙක් ඔහු දෙවියන් වයන්සේට විරුද්ධව නොසිටියේය (යෙසායා 14:12-15; එසකියෙල් 28:13-17). පහත පදය පවසන ආකාරයට “මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනැන් වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජය ගෙන සිටින්නෝය” (1 යොහන් 4:4). එම පදය පවසන ආකාරයට ද්වෛතවාදය යන සංකල්පයක් නැති බව හා හොඳ සහ නරක ලෙස සමාන බලයලත් බලපෑම් නැත. හොඳ. යහපත එනම් සර්වබලධාරි දෙවියන් වහන්සේව නිරූපනය කරන යහපත, මුළු විශ්වයේම බලවත්ම බලපෑම යැයි අපට පැකලීමෙන් ප්‍රකාශ කළ හැක. නපුර නිරූපනය කරනු ලබන සාතන් අඩු බලයකින් යුතු අසමාන බලයකින් හෙබීය. නපුර සහ යහපත අතර තිබෙන සෑම කරට කර තරඟයකදීම නපුරා පරාජය වන අතරය යහපතෙහි ගංගාව නොහොත් උල්පතවූ දෙවියන් වහන්සේ නපුර එහි නිරූපනය වන යක්‍ෂයාට වඩා බලගතු බව සත්‍යයකි.

මොනයම් හෝ ධර්මයකින් හෝ ඇදහිල්ලකින් හොඳ යහපත හා නපුර යන විරුද්ධ බලපෑම් ගැන ඉතා විචිත්‍රව විස්තර කරනවා නම් එම ධර්මය ශුද්ධ ලියවිල්ලෙහි පවසන යහපත නිරූපනය කරන්නාවූ දෙවියන් වහන්සේ එනම් විශ්වයෙහි බලවත් නාමය හා උත්තමයා සමග පරස්පරවිරෝධිය. මොනයම් හෝ ධර්මයක් සාතන් හා දෙවියන් වහන්සේ සමාන කිරීමට උත්සහ ගන්නවා නම් එය මිත්‍යා ධර්මයක් ලෙස හැඳින්විය හැක්කේ මක්නිසාද යත් සාතන් කිසිදින දෙවියන් වහන්සේට සමාන වූවේද නැත, වීමටද නොහැකි බැවින්ය. සැබවින්ම සාතන් දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයෙන් නෙරපා හැරීම නම් සාතන් සිය අරමුණ වන දෙවියන් වහන්සේ හා සමාන වීම හා උන් වහන්සේත් සමග උත්තර වීමම නොවේය. දෙවියන් වහන්සේ විසින් සනාථ කරන ලද ද්වෛතවාදයේ මූලික චර්යාධර්ම විශාල වශයෙන් පැමිණෙමින් පවතින්නේ දාර්ශනික කටුක හෙවත් මිනිස් බුද්ධිමත්කම හේතුවෙන්ය.

විශ්වයේ කොතනකදීවත් ද්වෛතවාදය පවතින්නේ නැත. මුළු විශ්වයෙහි ඇත්තේ ප්‍රමුඛතාවයක් ඇති බයිබලයෙන් අපට අනාවර්ණය වන සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයයි. ශුද්ධ ලියවිල්ලෙහි පැවත එන සාක්‍ෂි අනුව ඇත්තේ එකම සර්වබලධාරි බලයකි. දෙකක් නැත. ඒ නිසාවෙන් ද්වෛතවාදයේ එන සියලු ඇදහිලි සනාථ කරන එනම් හොඳ යහපත හෙවත් නපුර සමාන බලතල ඇති බලයන් යැයි පවසනවා නම් එය මිත්‍යා ඇදහිල්ලක් හා ධර්මයක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ද්වෛතවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries