settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු නිරාහාරය ගැන බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


ලියවිල්ලෙහි කිතුනුවා නිරාහාරව සිටිය යුතුමයි ලෙස ආඥා කර නැත. දෙවියන් වහන්සේ එය අනිවාර්‍ය කර නැත කිතුනුවා කළ යුතුම ලෙසට. එලෙසම, බයිබලයෙහි නිරාහාරය යහපත් දෙයක් ලෙසට හඳුන්වයි. එයින් ප්‍රතිඵල හා ලාභදායි දේ සිදුවීමක් වේ. ක්‍රියා පොතෙහි සඳහන් කරනවා ඔවුන් විශේෂ තීරනයක් ගැනීමට පෙර නිරාහාරව සිටි බවට (ක්‍රියා 13:3; 14:23). නිරාහාරය සමග යාච්ඤාව එකට බැඳී ඇත (ලූක් 2:37; 5:33). බොහෝ අවස්ථාවල, නිරාහාරයේ අරමුණ නම් ආහාර අඩුවෙන් ගැනීම (ගැනීමෙන් වැලකීම) නැතහොත් නිරාහාරයේ අරමුණ විය යුත්තේ ඔබගේ ඇස් ලෝකයේ දේවලින් සම්පූර්ණයෙන්ම ඉවතට ගෙන දෙවියන් වහන්සේ මතම යොමු වීම. අපගේ ජීවිත වලටත්, එනම් අපත් උන් වහන්සෙත් අතර ඇති සම්බන්ධතාවය ගැන අපි ඉතාමත් සැලකිලි මත් බවට. නිරාහාරයෙන් අපට උපකාර කරන දෙය නම් නව යථා දර්ශනයක් හා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය අළුත් කිරීමයි.

බොහෝ අවස්ථාවල ලියවිල්ලේ නිරාහාරව සිටීම ආහාර වලින් නිරාහාරව සිටීම ලෙසට වූවත්, තවත් නිරාහාරව සිටින ක්‍රම ඇත. දෙවියන් වහන්සේ වෙත අපගේ සම්පූර්ණ අවධානය යොමු කිරීම උදෙසා තාවකාලිකව නවතා ඇති සෑම පුරුද්දක්ම නිරාහාරය වේ (1 කොරින්ති 7:1-5). නිරාහාරයට කාල සීමාවක් තිබිය යුතුය. විශේෂයෙන් ආහාර නිරාහාරය තුළදී. මන්ද නිරාහාරව ආහාර නොගෙන සිටින කාලය දීර්ඝ ලෙස තබාගෙන යාම ශරීරයට අහිත කරයි. නිරාහාරයේ අභිප්‍රාය මාංශයට ඳඬුවම් කිරීම නොවේ. නමුත් දෙවියන් වහන්සේ වෙතට නැවත අවධානය යොමු වීම වේ. නිරාහාරය “ආහාර පාලනය” කිරීම සඳහා යොදා ගැනීමක් නොවේ. බයිබලයේ සඳහන් වන නිරාහාරය ශරීරයේ බර අඩු කර ගැනීමේ අදහසක් ඇතිව නොවේ. නමුත් දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධකම ගැඹුරට ගෙන යාම. ඕනම කෙනෙකුට නිරාහාරව සිටිය හැක. නමුත් සමහර අයට ආහාර නිරාහාරය කිරීමට අපහසු වේ (උදාහරණයකට දිය වැඩියා රෝගියෙකු). නමුත්, සියළු දෙනාටම යම් දෙයක් අත හැරිය හැක දෙවියන් වහන්සේ වෙතට යොමු වන අදහසින්.

ලෝකයේ දේවල් වලින් අපගේ ඇස් අහකට ගැනීමෙන්, අපගේ අවධානය ක්‍රිස්තුස් වහන්සේ වෙතට සාර්ථක ලෙස ගෙන යා හැක. නිරාහාරය නම් අපට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ ලවා කර ගැනීම නොවේ. නිරාහාරයෙන් අපි වෙනස් වේ, දෙවියන් වහන්සේ නොව. නිරාහාරය නම් අන් අය ඉදිරියේ ඔවුනට වඩා ආත්මික යැයි පෙන්වීම නොවේ. නිරාහාරය කළ යුත්තේ යටහත් පහත්ව හා ප්‍රීතිමත් ස්වභාවයෙන්ය. මතෙව් 6:16-18 පවසනවා “තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටිල්ලා. ඔව්හූ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කර ගනිති. සැබෑවක් නුඹලාට කියමි; ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නු‍ෙඕ පියාණන් වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස; නු‍ෙඕ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගනින්න, එවිට රහසින් දකින නුඹ් පියාණන් වහන්සේ නුඹට විපාක දෙන සේක.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු නිරාහාරය ගැන බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries