settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය තැති ගැනීම ගැන පවසන්නේ කුමක්ද?

පිළිතුර


බයිබලයෙහි අප තැති ගන්නා ආකාර දෙකක් සඳහන් වේ. එක් බියක් නම් අපව ර්‍ධෛයමත් කිරීමට හා අපගේ සුභ සිද්ධිය සඳහාය. දෙවනුව නම් අපට පාඩුව හෙවත් අලාභය රැගෙන දෙන්නකි. එය අප විසින් වළකා ගත යුතුය. පළමුවන බිය නම් අප තුළ දෙවියන් වහන්සේට ඇති බියයි. මෙහි කිසිදෙයකට බියකරු විය යුතු නැත. සැබවින්ම එය භක්තියයෙන් ඟෞරව සම්ප්‍රයුක්ත බියකි. එය දෙවියන් වහන්සේට හා උන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන පිණිස සිදුවුවකි. කෙසේවූවත් එය වුවත් දෙවියන් වහන්සේගේ දැඩි කෝපය හා උන් වහන්සේට ගෞරව කිරීමයි. වෙනත් වචන වලින් නම් දෙවියන් වහන්සේට ඇති බිය ඒ සියල්ල බාර ගැනීමයි. උන් වහන්සේගේ ක්‍රියා හා උන් වහන්සේ ගැන දැනගැනීමයි.

දෙවියන් වහන්සේගේ බිය අපට, ආශිර්වාද හා බොහෝ වාසි ගෙනදෙයි. එය ඥානයෙහි පටන් ගැන්ම හා මනා වටහා ගැනීමක ආරම්භයයි. (ගීතාවලිය111:10) නුගතුන් හා මෝඩයන් මෙම ඥානය හා නීති ගරුක භාවය පහත්කොට සළකයි. (හිතෝපදේශ1:7) තවදුරටත් දෙවියන් වහන්සේට ඇති භිය අපට ඡීවිතය, සමාදානය, සාමය, සෑහීමට පත් ස්වභාවය අපට ගෙන දෙයි. (හිතෝපදේශ19:23) එය ඡීවිතයේ උල්පතක් හා (හිතෝපදේශ14:27) එය අපට ආරක්ෂාව හා සුරක්ෂිත භාවය සපයයි (හිතෝපදේශ14:26).

එසේම, කෙනෙකුට දැනගැනීමට හැකි වේවි උන් වහන්සේගේ බිය කොපමණ ධෛර්යමත් ද කියා. නුමුත් බයිබලයෙහි සඳහන් වන දෙවන බියේ ස්වභාවය, අපට කිසිසේත්ම වාසියක් හෝ ප්‍රතිඵලයක් ගෙන නොදෙයි. මෙය 2 තිමෝති 1:7 හි පවසන ආකාරයට, බයාදුකමෙහි ආත්මයයි. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත්, ප්‍රේමයෙත්, හික්මවීමෙත් ආත්මයක්ය. දෙවියන් වහන්සේ තුළින් බියෙන් කුළුගැන්වුන හා බයාදුකමේ ආත්මයක් නොවෙයි.

කෙසේ වුවත් මේ බිය විටෙක අපව මැඩ පවත්වයි යන හැඟීම අප තුළ බිය ගැනීවීමක් අති කරයි. අප එය මැඩ පවත්වීමට සම්පුර්ණයෙන්ම අප අපගේ විශ්වාසය හා ප්‍රේමය දෙවියන් වහන්සේට බාර කළ යුතුයි. ප්‍රේමය තුළ බියක් නැත. නුමුත් සැබෑ සර්වසම්පූර්ණ ප්‍රේමය පැමිණෙන්නේ, බියෙන් දඬුවම් ලබා ගත්තොත් පමණි. ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය, භය දුරුකරයි. (1 යොහාන් 4:18) කිසිවෙකු සම්පූර්ණ නැති බව දෙවියන් වහන්සේ දනී. එබැවින් දෙවියන් වහන්සේ ත්‍යාගිශීලිව උන් වහන්සේගේ ධෛර්යවන්තකම අපට දුන්නේ බයිබලය තුළින් බියට එරෙහිවය. ආරම්භයේ සිට එනම් උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා දෙවියන් වහන්සේ අපට කීවේ බිය නොවන්න කියාය.

උදාහරණයක් ලෙස. යෙසායා 41:10 අපව ධෛර්යමත් කරන්නේ. භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. තැතිනොගනින්න, මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. අපට අපගේ අනාගතය ගැන සමහර විට බියක් ඇති වේ. නුමුත් යේසුස් වහන්සේ අපට මතක්කර දෙන්නේ, දෙවියන් වහන්සේ අහසේ ඉගිලෙන පක්ෂීන් සළකනවා නම් කොපමණ වැඩියෙන් උන් වහන්සේගේ දරුවන්ට සළකනවා ද යනුයි. එබැවින් භය නොවෙල්ලා. ඔබලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය. (මතෙව්10:31) ඉහත සඳහන් පද පමණක් බියෙහි විවිධ ආකාර අපට පෙන්වා දෙයි. දෙවියන් වහන්සේ අපට නිතරම පවසන්නේ තනිකමෙන්, දුර්වලකමෙන්, අසරණකමෙන් හා ශාරීරික දුබලතාවලින් බිය නොවන ලෙසයි. මෙවැනි අවවාද බයිබලය පුරා අපට විවිධ බියගුළු ගන්වන ආත්මයන් පෙන්වාදෙයි. ගීතාවලිය 56:11, පවසන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි, මනුෂ්‍යා මට කුමක කරයිද? මෙය දෙවියන් වහන්සේ තුළ අපගේ විශ්වාසයේ සැබෑ පුදුමවු සාක්ෂියයි. මොන දේ සිදු වුවත් ගීතාවලියේ කතෘ, එනම් දාවිත් තුමා දෙවියන් වහන්සේව විශ්වාස කලේ මන්ද උන් වහන්සේගේ බලය, දාවිත් තුමා තේරුම්ගත් නිසාය. බිය මැඩ පවත්වා ගැනීමේ යතුර නම්, සම්පූර්ණ හා මුළුමනින්ම දෙවියන්වහන්සේව විශ්වාස කිරීමයි. දෙවියන් වහන්සේව විශ්වාස කිරීම, බිය ප්‍රතික්ශේප කිරීමයි. ඉතා අමාරු අවස්ථාවලදී අප දෙවියන් වහන්සේ තුළට හැරී, උන් වහන්සේව විශ්වාස කිරීමෙන් අපගේ මාර්ග සඵල වේ. මෙම විශ්වාසය පැමිණෙන්නේ දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ කරුණාව දැනගැනීම තුළින්ය. යෝබ් පැවසූ ආකාරයට, ඔහු ඡිවීතයේ කටුක අවස්ථාවන්ට මුහුණ දීමේදී. උන් වහන්සේ මා මරණවා ඇත, එහෙත් මම උන්වහන්සේව විශ්වාස කරමි (යෝබ්13:15).

අප විටෙක උන් වහන්සේ තුළ අපගේ විශ්වාසය තබන කල්හී, එතැන් පටන් අප තවත් අපට විරුද්ධව එන දේ ගැන බය වන්නේ නැත. අප දාවිත් තුමා සේ ආත්ම අභිමානයෙන්, නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂා කරන බැවින් සදාකල් ප්‍රීති නාද දෙත්වා, ඔබගේ නාමයට ප්‍රේම කරන්නෝ ඔබ කෙරෙහි ප්‍රිතිවෙත්වා. මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශිර්වාද කරන සේක (ගීතාවලිය 5:11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය තැති ගැනීම ගැන පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries