settings icon
share icon
ප්‍රශ්නය

ඔබගේ ආර්ථිකය හසුරුවා ගැනීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර


මුදල් හසුරුවා ගැනීම පිළිබඳව බයිබලයේ බෙහෝ දේ පැවසීමට ඇත. හුවමාරුව පිළබඳව, බයිබලය පොදුවේ එයට විරුද්ධව කථා කරයි. බලන්න හිතෝපදේශ 6:1-5; 20:16; 22:7; 26-27 (“වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, කිසිම විටක ණය උදෙසා තව කෙනෙකු වෙනුවෙන් ඇප නොවෙන්න, එය නොගෙවිවොත් ඔබේ ණයද ඔබෙන් උදුරා ගනී”) දිගින් දිගටම වස්තු රැස් කිරීම පිළිබඳව කථා කරයි ආත්මික වස්තු සොයනවා වෙනුවට. හිතෝපදේශ 28:20 “විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ, එහෙත් වස්තු උපදවා ගන්නට ඉක්මන් වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.” එසේම හිතෝපදේශ 10:15; 11:4; 18:11; 23:5 බලන්න.

හිතෝපදේශ 6:6-11 බෙහෝ විට ප්‍රඥාව යොමු කරනවා කම්මැලිකම හේතුවෙන් හා ඒ හේතුවෙන් හට ගන්නා ආර්ථික පහත බැසීම ගැන. අපට පවසා තිබෙනවා කඩිසර කුහුඹියා තමන් වෙනුවෙන් කෑම රැස්කර තබා ගැනීම පිළිබඳව අවධානය දීමට. එම පරිච්ඡේදයේ අපට පවසනවා උපයා ගැනීම හෝ වැඩ කිරීමට ඇති අවස්ථාවේදී අපි නිදාගෙන සිටීමට විරුද්ධවද. “අලසය” නම් කම්මැලි පුද්ගලයෙක් වැඩ කිරීමට වඩා විවේක ගනී. ඔහුගේ අවසාන ස්ථීර දුගීකම හා හිඟකම අනෙක් පැත්තෙන් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් කරදරයට පත්වන මිනිසා දේශනාකාරයා 5:10 සඳහන් පුද්ගලයා සේ. තමා සතු දෙයෙන් තෘප්තියට පත් නොවී තව තවත් පොදි ගහ ගැනීමට උත්සහ දරයි. 1 තිමෝති 6:6-11 බයිබලය ධනය ලබා ගැනීමේ නොපිරුනාවූ ආශාවේ උගුල පිළිබඳව අගුන පවසයි.

අපගේ ජීවිත වලට පමණක් මුදල් / ධනය රැස්කර ගැනීමට සොයනවට වඩා බයිබලයේ රටාව නම් දීම ගැනීම නොව, මෙය මතක තබාගන්න පිරිමසා ගනිමින් වපුරන්නා උදාර ලෙස කපා ගනී. සෑම මිනිසෙක්ම තමාගේ හදවතේ දෙන්න ආශා කරන දෙය දිය යුතුය. එය අකමැත්තෙන් හෝ බල කිරීමක් යටතේ නොවිය යුතුය. මන්ද සතුටු “සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරයි” (2 කොරින්ති 9:6-7). දෙවියන් වහන්සේ අපට දී ඇති දේවල් හොඳින් රැකබලා ගන්න. ලූක් 16:1-13, දෙවියන් වහන්සේ අපට පවසනවා අගරු සේවකයාගේ උපමාව කථා කරා අපට අගරු සේවකයන් නොවීමට අනතුරු ඇඟවීමක් ලෙස. කථාවේ ශීක්ෂාව “එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම් සැබෑවූ වස්තුව නුඹලාට භාර දෙන්නේ කව්ද?” (11 පදය). එසේම අපි අපගේ නිවැසියන්ට සැපයීමට වගකීමක් දැරිය යුතුය. 1 තිමෝති 5:8 අපට මතක්කර දෙනවා, “යමෙක් තමාගේ අය අය රක්‍ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිලිකාරයෙකුට වඩා නරකය.”

සාරාංශයක් වශයෙන්, මුදල් හසුරුවා ගැනීම පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද? පිළිතුර සාරාංශ ගත කළ හැක ප්‍රඥාව-නමැති තනි වචනයක්. අපි මුදල් සම්බන්ධයෙන් ප්‍රඥාවන්ත විය යුදුය. අපි මුදල් තැන්පත් කළ යුතුය, නමුත් රැස්කර (සඟවා තැබීම) තබා ගැනීම නොවේ. අපි මුදල් වියදම් කළ යුතුය, නමුත් පරිපාලනයකින් යුක්තව. අපි දෙවියන් වහන්සේට දිය යුතුය, සතුටින් හා පූජාවක් ලෙස. අපි අපගේ මුදල් වලින් අන් අයට උපකාර කළ යුතුය, නමුත් දෙවියන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා බුද්ධිමත්ව. ධනවත්වීම වැරදි නැත, නමුත් මුදල් වලට ප්‍රේම වෙන්නෙක් වීම වැරදියි. එසේම දුප්පත් වීමද වැරදි නැත, නමුත් අනවශ්‍ය (නොවැදගත්) දේවල් වලට මුදල් නාස්ති කිරීම වැරදියි. මුදල් හසුරුවා ගැනීම පිළිබඳව බයිබලයේ විශේෂිත පණිවිඩය නම් ප්‍රඥාවන්ත වීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබගේ ආර්ථිකය හසුරුවා ගැනීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries