settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය.අප ගත යුතු ආහාර පිළිබඳව දරන්නේ කිනම් මතයක්ද? (නීත්‍යානුකුල) කිතුනුවෙකු ආහාරට ගැනීමෙන් වැළකිය යුත ආහාර තිබේද?

පිළිතුර


ලෙවී කථාව 11 වන පරිච්ඡේදයේ, දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ඡනයාට දුන් ආහාරමය නීති මාලාවයි. මෙම නීති මාලාවේ අඩංගු වන්නේ සූකර, බොහෝ කෘමීන්, වරල් හා කොරපොතු නැති මාළුන්, කසළ භක්ශක පක්ශීන් හා තවත් බෙහෝ සතුන් අනුබව කිරීමට තහනම් කර ඇත. මෙම නීති මාලාව කිසිවෙකුටත් නොව , ඊශ්‍රායෙල් ඡනයාට පමණක් අදාළ විය. මෙම ආහාර නීති මාලාවේ අරමුණ නම්, ඊශ්‍රායලිතයන් අන් ඡාතීන්ට වඩා විශේෂ කොට පෙන්වීමයි. මෙම අරමුණ නිම වු කල්හි, යේසුස්වහන්සේ මේ සෑම ආහාරයක්ම පිරිසිඳු කළේය. (මාක් 7:19) දෙවියන්වහන්සේ අපෝස්තලික පේත්‍රැස් හට දැක්මක් දී උන්වහන්සේ ස්ථාපිත කලේ, අපිරිසිඳු යයි කියූ මාංස ආහාර, ආහාරයට ගත හැකි බවය. දෙවියන්වහනසේ පවිත්‍ර කළ දේ අකැපයයි නොකියන්න (ක්‍රියා10:15 ). යේසුස් වහන්සේ කුරුසියෙහි මැරුණු දවසෙහිදී උන් වහන්සේ පැරණි ගිවිසුම නීති සියල්ල සම්පූර්ණ කළ සේක (රෝම10:4, ගලාති 3:24-26, එපීස 2:15).

රෝම 14:1-23 අපට උගන්වන්නේ සියළු ආහාර පිරිසිඳු යයි පිළිගැනීමට කිසිවෙකු ඇදහිල්ලෙන් පරිපුන් නොමැති බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අප අපිරිසිඳු ආහාර ගන්නවායයි කව්රු හෝ අප වරදට පත් කරනවා නම්, අපි ඔවුන්ට එසේ කිරීමට අනුමැතිය දිය යුතුය. අපට අවශ්‍ය ඕනෑම දෙයක් කෑමට ගත හැකි වුවත්, අපට අන් අය වැරදි දේ කළත් ඔවුන්ව විනිශ්චය කළ නොහැක, අපට නිදහසේ ඕනෑම ආහාරයක් අනුභව කළ හැකි වුවත් එය අන් අයගේ ඇදහිල්ලට බාධාවක් නොවිය යුතුය.

නුමුත් අළුත් අනුග්‍රාහික ගිවිසුමෙහි, බයිබලය පවසන්නේ අප අනුභව කරන දේට වඩා අප අනුභව කරන ප්‍රමාණය වැදගත් බවය. ශාරිරික රුචිය අපව අප විසින්ම පාලනය කර ගත හැකි ක්‍රමයකි. අපට අපගේ ආහාර පුරුදු වෙනස් කර ගත නොහැකි නම් අපට අපගේ මානසික පුරුදු ද වෙනස් කර ගත නොහැක. (කාම රාගය, දැඩි ආශාව, අධර්මිෂ්ඨ කෝපය) හා අප අපගේ මුඛය ඕපාදුපයෙන් වළකා ගත යුතුය. අපගේ හැඟීම් අපව පාලනය කිරීම නොව අප අපගේ හැඟීම් පාලනය කළ යුතුය. (ද්විතිය කථාව 21:20, හිතෝපදේශ 23:2, 2 ප්‍රේත්‍රැස් 1: 5-7, 2 තිමෝති 3:1-9, 2 කොරින්ති10:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය.අප ගත යුතු ආහාර පිළිබඳව දරන්නේ කිනම් මතයක්ද? (නීත්‍යානුකුල) කිතුනුවෙකු ආහාරට ගැනීමෙන් වැළකිය යුත ආහාර තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries