දෙවියන් වහන්සේ විසින් අපට ශුආරංචි පොත් සතරක් දුන්නේ (ඉදිරිපත් කලේ) ඇයි?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ විසින් අපට ශුආරංචි පොත් සතරක් දුන්නේ (ඉදිරිපත් කලේ) ඇයි?

පිළිතුර:
1) යේසුස් වහන්සේ පිළිබඳව සම්පූර්ණවූ ප්‍රතිරූපයක් ලබාදීම සඳහා. සම්පූර්ණ බයිබලය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මත ලියවුණ අතර (2 තිමෝති 3:16), එතුමන් විසින් විවිධ පසුබිම් වලින් හා පෞරුෂත්වයන්ගෙන් යුත් මනුෂ්‍යයන්ගේ ලිවීමේ හැකියාව එතුමන්ගේ අභිප්‍රායන් ඉටු කර ගැනීමට යොදා ගනු ලැබීය. මෙම ශුභාරංචි පොත් වල කතුවරුන් හට දේව වචනය මත පදනම්වූ එකිනෙකට වෙනස් අභිමතාර්ථයන් මෙන්ම එය ඉෂ්ඨ කිරීමේ අභිමතාර්ථයන්ද තිබූ අතරම ඒ තුළින් යේසුස් වහන්සේ පුද්ගලිකව හා එතුමන්ගේ සේවය පිළිබඳව විවිධවූ දෘෂ්ටිකෝණයන්ගෙන් යුක්තව අවධාරණය කරනු ලබයි.

මතෙව් වසින් හෙබ්‍රෙව් සභාවට ලියා දැක්වීම තුළ අරමුණ වූයේ යේසුස් වහන්සේ වංශාවලිය (පෙළපත) මෙන්ම පරණ ගිවිසුම තුළ වූ අනාගතවාක්‍යයන් තුළින් ඔහු දිගු කාලයක් බලාපොරොත්තුව සිටි මෙසියස් වහන්සේ බවත් ඒ තුළ විශ්වාස කළ යුතු බවත් පෙන්වා දීමටය. මතෙව් අවධාරණය කොට පවසන්නේ යේසුස් වහන්සේ පොරොන්දුවේ රජවූ “දාවිත්ගේ පුත්‍රයාණන්” බවත්, සදහටම ඊශ්‍රායෙල්වරුන්ගේ සිංහාසනය මත වැඩ සිටින තැනැන් වහන්සේ බවටත්ය (මතෙව් 9:27, 21:9)

බාර්ණබස්ගේ ඥාති සොහොයුරෙක්වූ මාර්ක් (කොලොස්සි 4:10), යේසුස් වහන්සේ සමග සිටි එතුමන්ගේ සිදුවීම් දුටු, හා පෙදුරුගේ මිත්‍රයෙක්වූ ඔහු මේ සිදුවීම් වලට ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකි. මාර්ක් විසින් අන්‍යජාතීන් හට ලියන වග නම්, එය ඇතුලත් නොවුන නමුත් එය යුදෙව් පාඨකයන් හට වැදගත් බවයි (වංශාවලිය, යේසුස් වහන්සේගේ අවසන් දින පිළිබඳව යුදෙව්වන් හා තිබුණාවූ තර්කයන්, පරණ ගිසුම සඳහාවූ බහුල නිර්දේශනයන් ආදිය). මාර්ක් විසින් යේසුස් වහන්සේ පීඩාවට ලක්වූ දාසයෙක් ලෙසට අවධාරණය කර ඇති අතර එතුමන් සේවය ලබන්නට නොව සේවය කරන්නටත්, එතුමන්ගේ ජීවිතය බොහෝ දෙනෙකුගේ ජීවිත උදෙසාවු වන්දියක් ලෙසට ගෙවනු ලැබීය (මාර්ක් 10:45).

ලූක්, නම්වූ “ආදරණීය වෙද්‍යවරයා” (කොලොස්සි 4:14) ධර්මදූතකයා, අපෝස්තුළු පාවුල්තුමාගේ සහායකයා විසින් ලූක් ශුභාරංචිය මෙන්ම ක්‍රියා පොතද ලියන ලදි. අළුත් ගිවිසුමෙහි සිටින්නාවූ එකම යුදෙව් කතුවරයා ලෙසට ලූක් තුමා හඳුන්වා දිය හැක. එතුමන්ගේ භුවිද්‍යාව මෙන්ම ඉතිහාසය පිළිබඳව ලියැවුණු ලිපි පරිහරණය කළ අය විසින් ඔහුව ඉතිහාසය පිළිබඳව කාර්යශීලී විශාරදවරයෙක් ලෙසට හඳුන්වා දී ඇත. ඉතිහාසඥයෙකු ලෙසට එතුමා පවසන්නේ, යේසුස් වහන්සේ පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි මත පදනම්ව ක්‍රමික වාර්ථාවක් සකස් කිරීම තම අභිප්‍රාය බවයි (ලූක් 1:1:4). මන්ද ඔහු මෙය ඝෘජුවම ලියා දැක්වූයේ තියෝපිලස්ති හට උපකාරි වන ලෙසටය, යම් පෞරුෂයකින් හෙබි යුදෙව්වකු වශයෙන් ඔහුගේ ශුභාරංචිය තුළ යුදෙව් දර්ශනයක් පිළිබඳව මනසෙහි තිබුණ අතර, ඔහුගේ බලාපොරොත්තුව වූයේ කිතුනුවෙකුගේ විශ්වාසය ඓතිහාසිකව විශ්වාස කළ හැකි මෙන්ම නිරවද්‍යභාවය සහිත සිදුවීම මත පදනම්ව ඇති බවට හෙළිදරව් කිරීමය. ලූක්තුමා විසින් බොහෝවිට ක්‍රිස්තුස් වහන්සේ “මනුෂ්‍යය පුත්‍රයෙක්” වශයෙන් හඳුන්වා දෙන අතර, එමගින් මනුෂ්‍යත්වය පිළිබ්ඹු කරන අතර, අනෙක් ශුභාරංචි පොත් වල නොතිබෙන්නාවූ බොහෝ දේ මෙම පොත තුළින් ඔහු බෙදා හදා ගනී.

යොහාන්තුමා විසින් ලියන ලද යොහාන් ශුභාරංචිය අනෙක් ශුභාරංචි පොත් හා සාපේක්‍ෂව වෙනස් ස්වරූපයකින් පවතින අතර දේවධර්මානුකුල අන්තර් ගත රාශියකින් සමන්විත අතර එමගින් ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම විශ්වාසය මත නිරික්‍ෂණයට ලක් කර ඇත. මතෙව්, මාර්ක් හා ලූක් ශුභාරංචි පොත් “සාරාත්මක ශුභාරංචි” ගණයට ලක් වන අතර එයට හේතු වන්නේ ඒ තුළ එක හා සමාන ලේඛණ කෘතියක් මෙන්ම අන්තර්ගතයක් ඇති නිසාත් එමගින් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව සාරාංශයක් දක්වා ඇති නිසාත්ය. යොහාන් තුමාගේ ශුභාරංචිය යේසුස් වහන්සේගේ උත්පත්තියෙන් හෝ ලෝකය තුළ එතුමන්ගේ සේවය තුළින් ආරම්භ නොවන නමුත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයා මනුෂ්‍යය ස්වරූපයක් ගැනීමට පෙර තිබුණාවූ ක්‍රියාකාරිත්වය මෙන්ම ස්වරූපය මගින් ආරම්භය දක්වා ඇත (යොහාන් 1:14). යොහාන් ශුභාරංචිය මගින් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිබඳව අනාවරණය කරයි. එය ඉතා සුවිශේෂවූ පද මගින් පෙන්වා දී ඇත්තේ “වාක්‍යාණෝ දෙවියන් වහන්සේව සිටි සේක” (යොහන් 1:1). “උන් වහන්සේ ලෝකයාගේ ගැලවුම්කාරයාණන්” (යොහාන් 4:42), “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්” (මෙය විටන් විට සඳහන් වේ) හා “මාගේ ස්වාමිනි, මාගේ දෙවියනි” (යොහාන් 20:28) යනාදිය වශයෙනි. යොහාන් ශුභාරංචිය තුළ බොහෝවිට යේසුස් වහන්සේ තමන්ගේ දේවත්වය “මමය” යනුවෙන් යෙදෙන පද මගින් පෙන්වා දී ඇත. මෙය බොහෝවිට ඉස්මතු වන්නාවූ ස්ථානයක් වන්නේ යොහාන් 8:58, “ආබ්‍රහම් උපදින්නට පළමුවෙන් මම සිටිමියි” යන පද මගින්ය (නික්මයාම 3:13-14 සසඳන්න). ඒ වගේම යොහාන්තුමා විසින් යේසුස් වහන්සේගේ කාලයේදී තිබුණාවූ ආගමික ගැතිකම හා පුරාණ කිතුනු දර්ශනවාදීන් ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය අවිශ්වාස කිරීම ආදිය මැනවින් විදහා දක්වා ඇත. යොහාන් ශුභාරංචිය පුරාවටම ඔහුගේ ලිවීම විදහා දක්වන්නේ “මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියෙහි කළ සේක. නමුත් මෙවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරනා පිණිසත් විශ්වාස කොට උන් වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය (යොහාන් 20:30-31).

එකිනෙකට වෙනස්වූ ප්‍රභේද හතරකින් යුක්ත වූවත්,ඒ මගින් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳවූ එතුමන්ගේ චරිතය හා සේවය පිළිබඳව නිරවද්‍ය (නිවැරදි) වශයෙන්ම දක්වා ඇත. එයඑ කිනෙකට වෙනස්වූ පාට වලින් යුක්ත නූල් ඉදිකටුවකට අමුණා, ඒ තුළින් මතුවන්නාවූ පිංතාරුවක් ලෙසට අරුත් ගැන්විය හැක. අපට යේසුස් වහන්සේ පිළබඳව සියලු දේ තේරුම් ගැනීමට අපහසු වූවත් (යොහාන් 20:30), ශුභාරංචි පොත් හතර මගින් එතුමන් පිළිබඳව දැන ගැනීමටත්, එතුමන්ගේ සේවය ඇගයීමට මෙන්ම එතුමන් අප උදෙසා කරනු ලැබූ දේ තුළ එතුමන් කෙරෙහි විශ්වාස කිරීමට ප්‍රමාණවත් වනු ඇත.

2) එම වාර්ථා වලින් පෙන්වා දෙන්නාවූ සත්‍යතාවය වටහා ගැනීමට හැකියාව ලබාදීමට, මුල් කාලයේ බයිබලයේ සඳහන් වන ආකාරයට උසාවියක විනිශ්චය ලබා දෙනු ලබන්නේ එක් ඇසින් දුටු සාක්‍ෂිකාරයෙක් මත පදනම්ව නොවන අතර එයට අවම වශයෙන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ඇසින් දුටු සාක්‍ෂිකරුවන් පදනම් කර ගැනීම නීතිය විය (ද්විතිය කථාව 19:15). එසේ වූවත් එකිනෙකට වෙනස්වූ වාර්තා තිබීම හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පොලව මතවූ සේවය තුළින් එතුමන් පිළිබඳව වූ තොරතුරුහි නිවැරදිභාවය අගය කොට සැලකීමට අපට අවකාශය සලසා දෙනු ලබයි.

සයිමන් ග්‍රීන්ලීෆ් නම්, ව්‍යවස්ථාව හා අධිකරණ නීතිය පිළිබඳව විශේෂඥවරයෙක් හා සුප්‍රසිද්ධ පුද්ගලයෙක් වන ඔහු විසින් ශුභාරංචි පොත් හතර නීතිමය දෘෂ්ටිකෝණයකින් පරීක්‍ෂා කරන ලදි. ඔහුගේ මතයට අනුව මෙම ශුභාරංචි පොත් හතර තුළින් පිළිබ්ඹු වන්නාවූ ඇසින් දුටු සාක්‍ෂි ඇති නමුත් එක එක කත්‍යවරයා විසින් එකතු කළ හා ඉන් ඉවත් කළ තොරතුරු හා සැසඳූවිට මෙය එකිනෙකට වෙනස් ප්‍රකෘති තත්වයක් පිළිබ්ඹු කරන ස්වාධීන මූලාශ්‍රයක් බවටත් එවැනි වූ කරුණු නීතිය ඉදිරියේ ශක්තිමත් සාක්‍ෂි වශයෙන් සලකනු ලබනු බවයි. ශුභාරංචිය තුළ අදාල තොරතුරු තුළ අදාල විස්තර සහිතව එම දෘෂ්ටිකෝණයට අනුවම අන්තර්ගතවී ඇත්නම් එය වංචාවක් ලෙස ඉස්මතු විය හැක. උදාහරණයක් ලෙස කතෘවරුන් සියලු දෙනා එකට එකතුවී ඔවුන්ගේ කථා වස්තුව ඉස්මතු කර දැක්වීමට ඔවුන් විසින් එක්වී යමක් කලා විය හැක්කක්සේ සැලකිය හැක. නමුත් ශුභාරංචි පොත් වල ඇති අසමානතාවයන් හා පරස්පරවිරෝධි විස්තරයන්ගෙන් පැහැදිලි වන මුල් අධ්‍යනයන් ගෙන් මෙම ශුභාරංචි පොත් වල පවතින ස්වාධීනතාවය තවත් පිළිබ්ඹු කර දක්වයි. මෙලෙස සැබෑ ස්වරූපය විදහා දක්වන්නාවූ ශුභාරංචි පොත් හතර මගින්, තම තොරතුරු හමුවේ එකඟවන නමුත් දෘෂ්ටිකෝණයන් එකිනෙකට වෙනස් කොට දක්වන බවත්, තොරතුරු ප්‍රමාණය හා එයට ඇතුලත්වූ හා ලේඛණ ගතවූ ප්‍රමාණය අප අතර අද පවතින්නාවූ වාර්තාව හා ගත්විට යේසුස් වහන්සේගේ ජීවිතය හා එතුමන්ගේ සේවය පිළිබඳව ශුභාරංචි පොත්වල සඳහන් වන්නාවූ දේ සත්‍ය මෙන්ම විශ්වාස කළ හැකි බව අවිවාදයෙන් පිළිගත හැක.

3) ඉතා ඕනෑකමින් සොයන්නවුන් සඳහා විපාක ලබා දීම. මෙය බොහෝවිට ස්වාධීන වශයෙන් ශුභාරංචි පොත් අධ්‍යනය කිරීම තුළින් ලබා ගත හැක, ඒ වගේම යේසුස් වහන්සේගේ සේවය පිළිබඳවූ සිදුවීම් වල එකිනෙකට වෙනස් මෙන්ම සමානතා අධ්‍යනය කිරීමෙන්ද ඉගෙන ගත හැක. උදාහරණ ලෙස මතෙව් 14 තුළ 5000 කට කෑම දීම හා යේසුස් වහන්සේ මුහුද මත ඇවිදීම යන කථාන්දර පෙන්වා දෙයි. ඒ අතරම මතෙව් 14:22 එකෙණෙහිම උන් වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට බල කළ සේක.” යනුවෙන් සඳහන්වේ. යමෙකුට මෙම කරුණු ගැටළු සහගත විය හැක. එතුමා මෙවැනි දෙයක් කළේ ඇයි? මේ සඳහා කිසිඳු පිළිතුරක් මතෙව් පොත තුළ සඳහන් වී නොමැත. නමුත් මෙය මාර්ක් ශුභාරංචියේ 6 වන පරිච්ඡේදය හා සැසඳූවිට අපට පෙනී යන්නේ යේසුස් වහන්සේ ගෝලයන්ට දුන්නාවූ ආධිපත්‍ය හමුවේ දෙදෙනා බැගින් ගිය ඔවුන්, නැවත පැමිණියේ යක්‍ෂයින් දුරු කොට, රෝගීන් සුව කිරීමෙන් අනතුරුව බවයි. ඒ කෙසේ වූවද ගෝලයන් නැවත පැමිණියේ උඩඟුවූ සිතකිනි, ඔවුන්ගේ තත්වයන් අමතක කොට යේසුස් වහන්සේට වුවද උපදෙස් දීමේ අරමුණින්ය (මතෙව් 14:15). ගෝලයින්ව හවස් වරුවේ ගලීල මුහුදින් එගොඩට යෑමට සැලැස්වීම තුළින් යේසුස් වහන්සේ කරුණු දෙකක් පෙන්වා දෙයි. ඔවුන් මහා කුණාටුව හමුවේ තම ශක්තියෙන් උදේ පහන් වන තුරු පොර බැදීම තුළින් (මාර්ක් 6:48-50), ඔවුන් වටහා ගත්තේ 1) තම ශක්තියෙන් පමණක් කිසිවක් දෙවියන් වහන්සේ උදෙසා කළ නොහැකි බවත් 2) එතුමන් හා එතුමන්ගේ ශක්තිය මත අපගේ සම්පූර්ණ යැපීම යෙදවීම තුළින් සියල්ල කළ හැකි බව වටහා ගැනීම. මෙවැනි වූ සමානතාවයෙන් යුත් තවත් බොහෝ වටිනා පරිච්ඡේදයන් දේව වචනය තුළ තිබෙන අතර එය සොයා ගැනීමට හැකි වන්නේ, පදයෙන් පදය සසඳා බලා ඉතා සූක්‍ෂම ලෙස විමසිලිමත්ව අධ්‍යනය කරන උත්සහාවන්ත සිසුවෙක් හට පමණි.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ විසින් අපට ශුආරංචි පොත් සතරක් දුන්නේ (ඉදිරිපත් කලේ) ඇයි?