settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව්වේ අසරුවන් සතරදෙනා කව්ද?

පිළිතුර


එළිදරව්වේ අසරුවන් සතරදෙනා පිළිබඳව එළිදරව්වේ 6 වන පරිච්ඡේදයෙහි 1-8 හි විස්තර කරයි. මේ අසරුවන් සතරදෙනා සලකුණු කරන්නේ අවසාන කාලයේ සිදුවීමට ඇති සිදුවීම්. පළමු අසරුවා පිළිබඳව එළිදරව් 6:2 විස්තර කරයි. “එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය, ඔටුන්නක්ද දෙන ලද්දේය. ඔහු ජය ගනිමින්ද ජය ගන්න පිණිසද පිටත්ව ආවේය.” පළමු අසරුවා අන්ත ක්‍රිස්තුස්ට සමාන වේ, ඌට බලය ආධිපත්‍ය දෙනි ලබන අතර ඔහුට විරුද්ධවන්නන්ව පරාජය කරයි. අන්තක්‍රිස්තුස් නම් සැබෑ ක්‍රිස්තුස් වහන්සේව අනුකරනය කරන ව්‍යාජ තැනැත්තා. මන්ද සැබෑ ක්‍රිස්තුස් වහන්සේද නැවත පැමිණෙන්නේ සුදු අසරුවකු පිටයි (එළිදරව් 19:11-16).

එළිදරව්වේ දෙවන අසරුවා ප්‍රකාශ වන්නේ එළිදරව් 6:4, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුශ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරු කරන්ට බලය දෙන ලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය.” දෙවන අසරුවා පිළිබ්ඹු කරන්නේ මහත්වූ පීඩා කාලයක් යුද්ධයක් අවසාන කාලයේදී සිදුවන. තුන්වන අසරුවා ප්‍රකාශ කරන්නේ එළිදරව් 6:5-6 “උන් වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථා කොට, වරෙන්නැයි කියනවා ඇසිමි. එවිට කළු අශ්වයෙක් දුටිමි, ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි ධාන්‍ය නැළියක් මස්සය, යව නැළි තුනක් මස්සය තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසිමි.” තුන්වෙනි අසරුවා පිළිබ්ඹු කරන්නේ සිදුවෙන්ට යන මහත් සාගත කාලයක් හරියට දෙවන අසරුවාගේ ප්‍රතිඵලයක් ලෙස යුද්ධය ලෙස වේ.

සතරවෙනි අසරුවා එළිදරව් 6:8 හි සඳහන් කරයි, “එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය, පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙන ලද්දේය.” සතරවෙනි අසරුවාගේ සලකුණ වන්නේ මරණය හා වැනසීමය. පෙර අසරුවාගේ තත්වය හා එකට බැඳුනු එකක් වේ. සතරවන අසරුවා තවත් යුද්ධ හා මහත් සාගත හා පිළිකුල් වසංගත හා රෝග සමග පැමිණේ. ඉතා පුදුම ජනක දෙය හෝ භයංකාර දෙය නම් මේ එළිදරව්වේ අසරුවන් සතරදෙනාට “පුර්වනිමිති” ඉන් ඉදිරියට තවත් භයංකාර පීඩාවන් හා විනිශ්චයන්ද වේ (එළිදරව් 8-9 හා 16 පරිච්ඡේද).

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව්වේ අසරුවන් සතරදෙනා කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries