settings icon
share icon
ප්‍රශ්නය

නිදහස් කැමැත්ත?

පිළිතුර


“නිදහස් කැමැත්ත” යන්නෙහි අර්ථය නම් දෙවියන් වහන්සේ මිනිසාට අවස්ථාව දෙනවා සම්පූර්ණයෙන්ම ඔහුගේ / ඇයගේ ඉරණම තීරණය වන අයුරින් තීරණ ගන්නා පිණිස, එසේ නම් ඔව්, මනුෂ්‍යයාට නිදහස් කැමැත්තක් තිබේ. අද ලෝකයේ ඇති පව්කාර ස්වභාවය කෙලින්ම ආදම් හා ඒවගේ තීරණය සම්බන්ධ වේ. දෙවියන් වහන්සේ මිනිස් සංහතිය තම ස්වරූපයට මවන ලදි. එහි තීරණ ගැනීමේ හැකියාවද ඇතිව.

කෙසේ වෙතත්, නිදහස් කැමැත්ත නම් මිනිසා ආසා කරන ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඇති බව නොවේ. තීරණ ගැනීම අපගේ ස්වභාවයත් සමග සීමා වේ. උදාහරණයකට, මිනිසා පාලම හරහා යාමට හෝ නොයෑමට තීරණය කරයි. ඔහු තෝරා නොගන්නා දෙය නම් පාලමට ඉහලින් පියාසර කිරීමටයි. පියාසර කිරීම ඔහුගේ ස්වභාවය විසින් වලකයි. ඒ හා සමානව, මිනිසෙකුට තමා ධර්මිෂ්ඨකර ගැනීමට නොහැකිය, ඔහුගේ (පාපය) ඔහුගේ දොස් තැබීම අවලංගු කිරීමෙන් වලකි (රෝම 3:23). එසේ නම්, නිදහස් කැමැත්ත අපගේ ස්වභාවයත් සමග වෙනස් වේ.

මේ සීමා පද්දති අපගේ ගණන් දීම සැහැල්ලුවට ලක් නොකරයි. බයිබලයේ අපට පවසනවා අපට තීරණ ගැනීමේ අයිතිය තිබෙනවා පමණක් නොව ඒවා දැනවත්ව ගත යුතු බවට. පරණ ගිවිසුමේ, දෙවියන් වහන්සේ ජාතියක් තෝරා ගත්තා (ඊශ්‍රායෙල්), නමුත් ඒ අය අතරින්ද දෙවියන් වහන්සේට කීකරුවීම අතපසු කිරීමට වෑයම් කරයි. ඊශ්‍රායෙලයෙන් පිටතට සිටි සමහරෙක් දෙවියන් වහන්සේව අනුගමනය කිරීමට පොරොන්දු වේ (රූත් හා රහබ්).

අළුත් ගිවිසුමේ පව්කාරයන්ට වරින් වර පවසනවා “පසුතැවී” හා “විශ්වාස” කිරීමට (මතෙව් 3:2; 4:17; ක්‍රියා 3:19; 1 යොහන් 3:23). පසුතැවීම උදෙසා කථා කරන අවස්ථාවට අවස්ථාවක් දෙනවා තෝරා ගැනීමට. ආඥාවලට ඇහුම්කම් දෙන්නාට ආඥාවලට කීකරු වීමට තීරණය ගත හැක.

යේසුස් වහන්සේ සමහර ඇදහිලිවන්තයන් මුහුණ දෙන තත්වය තේරුම් ගෙන පැවසුවා “නමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමති නැත” (යොහන් 5:40). පැහැදිලිවම, ඔවුන්ට පැමිණීමට තිබුනා අවශ්‍ය නම්, ඔවුන්ගේ ප්‍රශ්නය නම්, ඔවුන් එය නොකිරීමට තීරණය කලා “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය” (ගලාති 6:7), ගැලවීමෙන් පිට සිටින්නන්ට “නිදහසට කරුණක්” නැත (රෝම 1:20-21).

නමුත් මිනිසෙකු පව්කාර ස්වභාවය සීමා කරන්නේ කෙසේද? ගැලවීම ලැබීම හේතුවෙන් තීරණ ගැනීමේ කැමැත්තක් තිබේ (යොහන් 15:16). මනුෂ්‍යයෙකු නැවත අළුත් වැඩියා කිරීම (යොහන් 1:12-13) ඊට පසු ඔහු / ඇය අළුත් මැවිල්ලකි “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දාවූ” (එපීස 4:24). ගැලවීම දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි. එම අවස්ථාවේම අපගේ සිතුවිලි, ආශාවන් හා ක්‍රියා අස්තීරයි. ඒ නිසා අප ඒ අයට වගකිව යුතුයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිදහස් කැමැත්ත?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries