settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්ගේ ඵලය නම් මොනවාද?

පිළිතුර


ගලාති 5:22-23 අපට පවසනවා, “නුමුත් ආත්මයාණන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම මේවාය.” කිතුනුවකුගේ ජීවිතයේ ශුද්ධාත්මයාණන්ගේ වැඩ වැසීමේ ප්‍රතිඵලයකි ආත්මික ඵල. බයිබලයේ ඉතා පැහැදිලිව පවසනවා සියලු දෙනා තුළට ශුද්ධාත්මයාණන් වඩිනවා ඔහු / ඇය යේසුස් වහන්සේව විශ්වාස කරන්ට පටන් ගන්නා මොහොතේ සිට (රෝම 8:9; 1 කොරින්ති 12:13; එපීස 1:13-14). ශුද්ධාත්මයාණන් කෙනෙකුගේ ජීවිතයට වැඩීමේ මූලික කරුණක් නම් එම ජීවිතය වෙනස් කිරීමයි. ශුද්ධාත්මයාණන්ගේ කාර්යය නම් අපව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට වෙනස් කර වීමත්, අපව උන් වහන්සේ වගේ තව තවත් සෑදීම.

ශුද්ධාත්මයාණන්ගේ ඵල ඝෘජුවම පව්කාර ක්‍රියාකාරකම් වලට විරුද්ධය ගලාති 5:19-21, “ඉඳින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ, එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, පක්‍ෂවාදිකම්, භේද, ලබ්ධි භේද, වෛර, බීමත්කම, මඩගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.” මෙම කොටසෙහි විස්තර කරනවා සියලු මනුෂ්‍යයන් සම්පූර්ණයෙන් වෙනස් වීමට, ඔවුන් යේසුස් වහන්සේව නොදැන සිටින කාලයේදී ශුද්ධාත්මයාණන්ගේ මැදහත්වීමක් ඔවුනට නැති කාලයේ අපගේ පව්කාර මාංසය අපගේ ස්වභාවය පිළිබ්ඹු කරන සමහර ඵල නිපදවයි. එසේම ශුද්ධාත්මයාණන් උන් වහන්සේගේ ස්වභාවය නිපදවන ඵල නිපදවයි.

කිතුනු ජීවිතය පොර බැදීමකි පව්කාර ස්වභාවය ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙන ලද නව ස්වභාවයට විරුද්ධව (2 කොරින්ති 5:17). වැටුනාවූ මනුෂ්‍යයන් වශයෙන්, අප තවමත් පව්කාර ආශාවන් වලින් ග්‍රහනයවූ ශරීරයක පැටලී ඇත (රෝම 7:14-25). කිතුනුවන් වශයෙන්, අපට ශුද්ධාත්මයාණන්ගේ ඵල අප තුළ නිපදවීමක් වන අතර අපට ශුද්ධාත්ම බලය තිබෙනවා පව්කාර ස්වභාවය ජය ගැනීම පිණිස (2 කොරින්ති 5:17; පිලිප්පි 4:13). කිතුනුවකු ආත්මික ඵල ඉදිරිපත් කිරීම තුළින් නිතරම සම්පූර්ණයෙන් ජයාන්විත නොවේ. එය කිතුනු ජීවිතයේ එක් විශේෂිත කරුණක් වේ. ශුද්ධාත්මයාණන්ට වඩ වඩා උන් වහන්සේගේ ඵල අපගේ ජීවිතය තුළ නිපදවීමට ඉඩ සැලසවීමට-එසේම පව්කාර ආශාවන්ට විරුද්ධව සිට ගැනීමට ශුද්ධාත්මයාණන්ට ඉඩ දීම. ආත්මයාණන්ගේ ඵල දෙවියන් වහන්සේ අපගේ ජීවිතයට දීමට ආශාවූ හා ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් එය කළ හැකි වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්ගේ ඵලය නම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries