settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සන්නාහය නම් කුමක්ද?

පිළිතුර


“දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සන්නාහය” පිළිබඳව එපීස 6:13-17 සඳහන් වේ. එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධව සිටින්න පුළුවන් පිණිසත් කළ හැකි හැම දෙයක්ම කර ස්ථීරව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධව සිටින්න. එබැවින් ස්ථීරව ඉන්න, ඔබගේ ඉඟටිය සත්‍ය නමැති පටියෙන් බැඳ ගන්න, අමිටුකම නමැති ළයවැස්ම පැළඳ ගන්න, සාම සුභ අස්න නමැති පා වහන් පයලා සූදානම්ව සිටින්න, තවද ඇදහිල්ල නමැති පළිහ ගන්න.

එපීස 6:12 සාතන් සමග තිබෙන්නාවූ ගැටුම අධ්‍යාත්මික බව පැහැදිලිවම දක්වයි. එබැවින් ඔහුට හා ඔහුගේ වල්ලභයන්ට විරුද්ධව භාවිතා කරන ස්පර්ශනීය අවි කිසිසේත්ම ඵලදායි නොවේ. සාතන් පරිහරණය කරන නියතවූ උපාය මාර්ග අපට දී නැත. කෙසේ හෝ මෙම පාඨයෙන් මුළුමනින්ම පැහැදිලි වන්නේ සියළු උපදෙස් අප විශ්වාසවන්තව අනුගමනය කරන කල්හී, ස්ථීරවම සිටින්නට හා සාතන්ගේ කුට උපාය මාර්ග නොසලකා අපට ජයග්‍රහණය අත්වන බවයි.

අපගේ සන්නාහයේ මූලික මූලද්‍රව්‍යය නම් සත්‍යයයි (14 පදය). “බොරුවේ පියා” සාතන් කියා පවසන බැවින්, මෙය තේරුම් ගැනීමට පහසුය (යොහන් 8:44). ප්‍රධාන ලෙස මුලා කිරීම දෙවියන් වහන්සේට ද්වේශ සහගත බව සැළකෙයි. එක් දෙයක් නම් මුසාවේ දිව උන් වහන්සේට නින්දිත යැයි දක්වයි (හිතෝපදේශ 6:16-17). එහෙයින් අපගේ ස්වකීය පවිත්‍රවීම හා ගැලවීම උදෙසා එසේම අප සාක්‍ෂි දරණ අන් අයගේ ශුභසිද්ධිය උදෙසාද අපට සත්‍ය පළඳ ගන්නා ලෙස උනන්දු කරවයි.

තවද 14 වන පදයේ, දමිටුකම නමැති ළයවැස්ම පැළඳ ගන්නැයි කියා ඇත. ප්‍රහාර වලින් යුධ භටයාගේ අත්‍යවශ්‍ය අංග ආරක්ෂා නෙවේ නම් එය මාරකයය. මෙම ධාර්මිකත්වය මිනිසාගේ ධාර්මිකත්වයේ ක්‍රියා වලින් සිදු කරන්නක් නොවේ. එසේ නම් දෙවියන් වහන්සේගෙන් ආරෝපණයවූ ඇදහිල්ලෙන් ලබාගත්, අපගේ හදවත් චෝදනා වලට හා අපගේ ඉතා අභ්‍යන්තර පැවැත්ම සාතන්ගේ පහර වලින් සුරක්‍ෂිත වන පිණිස, මෙම ධාර්මිකත්වය ක්‍රිස්තුස් වහන්සේගෙන් ලබා ගන්නෙමුව.

15 වන පදයේ අධ්‍යාත්මික ගැටුම උදෙසා පාද සකසා ගැනීම ගැන පවසයි. රණකාමයේදී විටෙක සොල්දාදුවෝ ආක්‍රමණය කිරීමට සතුරා නොයෙකුත් භයානක බාධා පමුණුවයි. පාවහන් පරිදි සාමයේ සුභාරංචිය සැකසීම යනුවෙන් අදහස් කරන්නේ කරුණාවේ පණිවිඩය සමග ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ආත්මයෙන් මුදවා ගැනීම පිණිස සුභාරංචිය ප්‍රචාරණය වීම. නැවැත්වීමට එම මාර්ගයේ සාතන් බොහෝ බාධා තබා ඇත.

ඇදහිල්ලේ පළිහ 16 වන පදයේ පවසන අන්දමට කථා කරනුයේ සාතන් දෙවියන් වහන්සේ ගැන සැකයක් හා උන් වහන්සේගේ වචනය තුළ උදාසීන බවක් වපුරන අන්දමය. අපගේ ඇදහිල්ල-කර්තෘ හා පූර්ණ වන ක්‍රිස්තුස් වහන්සේ නම් (හෙබ්‍රෙව් 12:2) එය රන් ඵලකයක් මෙන් අනර්ඝ, බලගතු හා ප්‍රමාණවත්ය.

ගැලවීමේ ශිරෂ්කය 17 පදයේ හිසිට ආරක්‍ෂාවක්ය. එය ශරීරයේ ඉතා වැදගත් අංගයක් ජවෘ තබයි. අප සිතන අයුරු ආරක්‍ෂා කිරීමට අවශ්‍ය බව අප කියන්නට පුළුවන. හිස මනසේ වාසස්ථානයයි. සහතිකවූ සුභාරංචියේ සදාකාල ජීවනයේ බලාපොරොත්තු වලට තදින් අල්ලා ගත් පසු වැරදි ඉගැන්වීම් බාර නොගන්නා අතර සාතන්ගේ පෙළඹවීම් වලට හසුනොවේ. ගැලවීම නොලබපු පුද්ගලයාට වැරදි ඉගැන්වීම් වලින් ආරක්‍ෂාවීමට බලාපොරොත්තුවක් නැත. ඔහුට ගැලවීමේ ශිරෂ්කයක් නොමැත, සහ ඔහුගේ මනස අධ්‍යාත්මික සතස්‍ය හා අධ්‍යාත්මික තීරණ වටහා ගැනීමට අපොහොසත් වේ.

17 වන පදයේ එම වාක්‍යයේම ආත්මික කඩුවේ තේරුම පහදා දෙයි. එය දෙවියන් වහන්සේගේ වචනයයි. අනිත් අධ්‍යාත්මික යුධ සන්නාහයේ කොටස් ස්වබාධර්මය ආරක්‍ෂා කරන අතර අධ්‍යාත්මික කඩුව පමණයි. දෙවියන් වහන්සේගේ යුධ සන්නාහයේ ආක්‍රමණකාරි ආයුධය වන්නේ එය දෙවියන් වහන්සේගේ වචනය ශුද්ධවන්තකම හා බලය ගැන කථා කරයි. මෙයට වඩා විශාලතර අධ්‍යාත්මික ආයිධයක් ගැන සිතන්නවත් නොහැකිය. යේසුස් වහන්සේගේ කාන්තාරයේ පෙළඹවීම කරණකොටගෙන සාතන්ව යටත් කර ගැනීමට උන් වහන්සේගේ ප්‍රතිචාරය වූයේ දෙවියන් වහන්සේගේ වචනයයි. අපටත් එසේම එම වචනය ලැබිය හැකිවීම කෙතරම් ආශීර්වාදයක්ද!

18 වන පදයේ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සන්නාහයට අමතර අපට ආත්මයේ යාච්ඤා කරන මෙන් කියා ඇත. ඒ නම් ක්‍රිස්තුස් වහන්සේගේ මනසින් උන් වහන්සේගේ හදවතින් හා ප්‍රමුඛත්වයෙන්ය. අපට යාච්ඤාව මග හැරිය නොහැක. මන්ද දෙවියන් වහන්සේගෙන් අධ්‍යාත්මික ශක්තිය තුලින් නිසාය. යාච්ඤාව නොමැතිව දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නොමැතිව අපගේ අධ්‍යාත්මික සටනට වෑයම හිස් හා නිරර්ථකය. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සන්නාහය සත්‍ය, ධාර්මිකත්වය, සුභාරංචිය, ඇදහිල්ලය ගැලවීමය. දෙවියන් වහන්සේගේ වචනය හා යාච්ඤාව තුලින් අපට අධ්‍යාත්මිකව ජයග්‍රහනය අත්පත් කර ගනිමින් සාතන්ගේ ආක්‍රමණය සහ පෙළඹවීම් මැඩලීමට දෙවියන් වහන්සේ අපට දී ඇති ආයුධයය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සන්නාහය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries